පොඩ් එකාගෙ රචනාව - අවුරුද්ද ඉවර විය

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    පොඩ් එකාගෙ රචනාව - අවුරුද්ද ඉවර විය

    ඉස්සර කොස්ගහේ ඉඳලා කෑ ගහන කොහා මෙදා පාර ටීවී එකෙං කෑ ගැහුවෝය. ලංකාවේ ටීම් එකේ අයියලා කුසලානේ ගේන්න බැරි උන හින්දා කොහා ඇඬුවේ දුකින් වගේය. මැච් එක පැරදුන හන්දා මේ පාර මොන අවුරුදුදැයි අයියා කීවෝය. මොකාට එපා උනත් අක්කා නංගී දෙන්නාටම අලුත් ඇඳුම් ඕනෑ කියා දෙන්නාම කෑ ගැසුවාය. ඒ නිසා අම්මා ටවුමේ පොලෙන් අක්කාට හා නංගීට ගවුම් දෙකකුත් අයයියාට හා තාත්තාට සරම් දෙකකුත් ගත්තතෝය. මට කොට කලිසමත් ටී සර්ට් එකක් ගත්තෝය. ටවුමේ පොලේ සෙනග කන්දරාවට හිරවුන නිසා මගේ හුස්ම හිරවුනෙමි. අම්මා අමාරුවෙන් පැන මාව බේරාග්තෝය. තවපොඩ්ඩෙන් ගෙදර මලගෙයක් වෙනවාය.

    පටස් පටස් ඩෝං කියා වටෙංම සද්ද ඇහුනෝය. ඒනිසා මටද රතිඥ්ඥා පෙට්ටියක් ඕනැ කියා අයියා කෑ ගැසුවාය. තාත්තා එනවිට පොලෙන් තඩි පෙට්ටියක්ම ගෙනැල්ලා අයියාට දුන්නාය. තාත්තා තව බර මල්ලක් අරන් ඇවිල්ලා ඇඳ යට හංගනවා මම දැක්කෝය. තාත්තා එහෙම හංගන්නේ අම්මාට ගෙනා අවුරුදු තෑග්ගක් කියා මට කීවෝය. පොලෙන් අම්මාට ඇදුම් ගත්තේ නැති නිසා මම සතුටු උනෝය.

    අයියාත් මමත් පහල ගෙදර ගුණයා හා සිරා එක්ක පිට්ටැන්නේ ක්‍රිකට් ගහන්නට ගියෙමි. දවලේ පන්සල පැත්තේ ගිහින් එමු කියා තාත්තාත් අම්මාත් කියුවාය. අපි පන්සල් ගියෙමි. පාට පාට අක්කලා ගොඩාරියක් අයියලා හා මාමලා එක්ක පන්සලේ තැන තැන සිටියාය. පන්සලේදීත් ඒ අක්කලා හිකි හිකි ගාන්නේ ඇයි කියා පොඩි එකෙක් නිසා මට තේරැණේ නැත. අපේ ලොකුඅක්කාට පන්සලේ හිටපු අයියා කෙනෙක් ඇහැක් ගැසුවෝය. අම්මා ඒ දැක රවපු රැවිල්ලට ඒ අයියා කොහේ ගියාද කියා මම නොදැක්කෝය.

    අවුරුද්දටම එක පාරයි නෙවැ කියා අම්මා කෑම ජාති වගයක් සාදා තිබුණෝය. ලිප පත්තු කරන්න දැංවෙලාව හරි කියලා ටීවී එකේ නැන්දා කෙනෙක් කියුවෝය. අම්මා කිරිබත් මුටිටිය ලීපේ තිබ්බෝය. අයියා රතිඤ්ඤා පත්තු කරාය. අක්කලාත් මමත් ටීවී එකේ ගිය අවුරුදු උත්සවේට සහබාගී වුනෙමි. ඉස්සර අපේ ගමේ අවුරුද්දට උස්සවයක් තිබුණෝය. ඒත් දැං ගමේ මාමලා අයියලා ගොඩාරියක් ඉන්නේ මූදෙන් එහා පැත්තේ කියා තාත්තා කිවුවෝය. එහෙම නොවුනානං අපේ ගමේද අවුරුදු උස්සවයක් බලාගන්න තිබුණාය.

    එකපාරට අවුරුදු උස්සවේ පෙන්නන එක නවත්තලා ඇඩ් එකක් දැම්මාය. බාගෙට හෙලුවෙං වගේ පේන වයසක අක්කා කෙනෙක් මොනවාදෝ වැඩියෙන් උරාගන්නා ජාතියක් ගැන කියාගෙන ගියේය. මං පොඩි එකා නිසා මට ඒක නොතේරුණි. ඒ මොකක්ද කියා මං අක්කාගෙන් ඇහුවාම අක්කා මට රැවුවෝය. රතු පාට තුවායක් වගේ එකක් කරේ දාගෙන හිටි කලු තඩි මහත මාමා කෙනෙක් ටීවී එකෙං අපිට සුබ පැතුවාය. අවුරුද්ද අපේ කියා ඒ මාමා කියුවෝය. මට ගොඩාක් සතුටු හිතුනේය.


    හතර වටෙං පටස් පටස් ගාද්දී අපි අවුරුදු මෙසෙට වාඩි උනෙමි. කෑමෙන් පස්සේ අපි අම්මාටත් තාත්තාටත් වැන්දෝය. බුලත් කොලයක් ගානේ තාත්තා අපිට දුන්නාය. මොකෙක්දෝ හැල ගෙම්බෙක් ඉන්නා රුපියල් දහයේ කොලයක් ඒකේ තිබුණාය. දැං මට ඒකෙන් රටකජු කන්නට පුලුවන් නිසා මට සතුටු හිතුනෝය. අවුරුදු කෑම ඉවර උන ගමන්ම අයියා කෙහේදෝ දිවුවෝය. පොඩ් එකා හෙම එක්ක යන්නෙ නෑ ඔය සූදුපොලට කියා අම්මා සැර දැම්මෝය.


    තාත්තාග් ගමේ යාලු මාමලා වගයක් අවුරුද්දට ගෙදර ආවේය. ටික වෙලාවක් කියෝ කියෝ සාලේ ඉඳපු මාමලා හෙමින් සැරේ තාත්තාගේ කාමරේට එබුනෝය. මමද මාමලාගේ පස්සෙන් කාමරේට ගියාම තාත්තා මාව එලෙව්වාය. ටික වෙලාවකට පස්සෙ මම හොරෙන් කාමරේට එබුනේය. අම්මාට දෙන්න ගෙනාපු තෑග්ග තාත්තා කඩලාය. ඒකේ තිබුණු තේ වතුර බෝතල් ටික අර මාමලා තාත්තා එක්ක බිවුවාය. මට අම්මා ගැන දුක හිතුනාය. ඊට පස්සේ ඔක්කෝම එකතු වෙලා සාජ්ජයක් දැම්මාය. අම්මා කුස්සියට වෙලා තරහෙන් සිටියේය. අම්මා දුකෙන් ඉන්නේ අම්මාගේ තෑග්ග මාමලා බීපු නිසායැයි පොඩි කමට මට සිතුනෙමි.


    අපි පහල ගෙදර පොඩි නැන්දලාගෙ ගෙදරට නෑගම් ගියෝය. තාත්තාට වැඩට යාමට ඕනෑය කියා හුලංදාවේ නැන්දලාගේ ගෙදර වෙසක් එකට යමුයි තාත්තා කිවෝය. ඊට පස්සේ අවුරුද්ද ඉවර විය. පොඩි එකාගේ අවුරුද්ද මේ වගේය. අසා සිටි ඔබ සැමට ඉස්තුති
    ය.



    source
    http://ekicks.blogspot.com/2011/04/blog-post.html
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113


    බුලත් කොලයක් ගානේ තාත්තා අපිට දුන්නාය. මොකෙක්දෝ හැල ගෙම්බෙක් ඉන්නා රුපියල් දහයේ කොලයක් ඒකේ තිබුණාය.
    :lol::lol::lol::lol::lol::lol:
    කවුද මේ හැල ගෙම්බා

    :confused::confused::confused::confused:
     
    Last edited: