සුජිත් බේරාගැනීමේ තිබුණාට වඩා ටිකක් අපහසු වෙලා.දැනට පැය 69ක් තිස්සේ දරුවා කුහරය තුළ ජීවිතය හොයනවා..
කුහරයේ මුල් අඩි 30 දී රොබෝ අතක් ආධාරයෙන් දරුවා ගොඩට ගන්න උත්සාහ කරනවා..ලිස්සා ගිහින් දරුවා නතරවෙන්නෙ තවත් අඩි 40ක්,ඒ කියන්නෙ අඩි 70ක් පහළින්..
දැන් එයා ඉන්නෙ අඩි 88ක් පහළින්.
ශක්තිමත් ගල් සහිත ප්‍රදේශයක් නිසා විදුම් යන්ත්‍රවලට එය අපහසු කාර්‍යක්.
එක් විදුම් යන්ත්‍රයක දැති කැඩෙනවා..ඊළඟට යොදාගන්නෙ ඊට වඩා වේගවත් යන්ත්‍රයක්.ජර්මනියෙ නිශ්පාදිත..ඒකෙත් දැති කිහිපයක් කැඩිලා.නමුත් තවමත් යන්ත්‍රය උත්සාහය අතෑරලා නෑ..
මුදා ගැනීමේ කණ්ඩායම් 17ක් සටනක.
කුහරයට සමාන්තරව තවත් විදුමක් කරලා දරුවා ළඟට යන්නයි උත්සාහය.දැනට අඩි 40ක් හාරා අවසන්..තවත් අඩි 50ක්වත් හෑරිය යුතුයි..
ඒ සඳහා තවත් පැය 7ක් 8ක්වත් ගතවෙයි කියලත් කියනවා.
මුල් අඩි 30දි දරුවා ජීවතුන් අතරද බලන්න කැමරාවක් යවනවා..අම්මා කතාකරලා කියනවා "පුතේ ඔයාව බේරගන්නවා,බයවෙන්න එපා" කියලා..
දරුවා අඬ අඬ කියනවා "හා අම්මා.." කියලා..(මේවා ලියන්නත් හරිම අමාරුයි)
දැන් දරුවා ඉන්නෙ සිහි නැතිව..හදවතේ ස්පන්දනය තියනවා..පැය 69ක් තිස්සෙ කෑමක්වත් නැතුව ඇවුරුදු දෙකේ එයා ලොකු සටනක.
කැමරාවට දැන් මුකුත් පේන්නෙ නෑ.වැලි පිරිලා.ඒකයි පපුව පත්තුවෙන කාරණාව.එයා සටන අතෑරලා නැතුව ඇති..ඒකයි අපෙත් ප්‍රාර්ථනාව..
ඛේදවාචකයේ අනිත් කතාව...
ඉන්දියාවේ ජලය හිඟ පළාත්වල මිනිස්සු නළ ළිං හදන්න මේ වගේ අඩි සිය ගණන් කුහර හදනවා..ඒවා ඉතාම අනාරක්ෂිතයි.
2009 වසරේ සිට මේ වෙනකල් මේ අනතුරට දරුවෝ 13ක් ලක්වෙලා තියනවා.බොහෝ අය දිවියෙන් සමු අරන්..
බලධාරීන්ට ඒක ඒතරම් දෙයක් නොවෙන තරමට සාමාන්‍යයි.
මේ අතරේ 2017 වසරේදි නයනතාරා රඟපාන චිත්‍රපටියක් ඉන්දියාවේ පෙරළියක් කරනවා.
චිත්‍රපටය "අරාම්"..කතාකරන්නෙ මේ ඛේදවාචකය ගැන.
අද මේ කතාව මේ තරම් ඉන්දියාවෙ අවධානයට ලක්වෙන්න හේතුව මේ චිත්‍රපටය කියලයි ගොඩාක් අය කියන්නෙ
නැත්නම් සුජිත්ගෙ කතාවත් කුහරයක් තුළ රහසේම සැඟවේවි.
කොහොමවුණත්,පැය 69ක් තිස්සෙ ජීවිතේ හොයන අවුරුදු දෙකේ මේ පැටියට ශක්තිය ප්‍රාර්ථනා කරමු..
මුදාගැනීමේ කණ්ඩායම්වලටත් හයිය ප්‍රාර්ථනා කරමු..
හොඳ ප්‍රවෘත්තියක් අහන්න මග බලාගෙන ඉමු..
එක තත්පරේකින් ගොඩාක් දේවල් වෙනස්වෙන්න පුළුවන්..දැරුවෝ ගැන ඇහැ ගහගෙනම ඉමු..

owa aheddi niwan dakinnama hithenawa 