පොඩිසිඤ්ඤෝ 02

blue_in_rio

Well-known member
  • ඔන්න අදත් කියන්න යන්නේ මේ අපේ පොඩිසිඤ්ඤෝ සීයගේ රස කතාවක්.උන්දැගේ වගතුග කලින් මම කියලා ඇතිනේ.නොදන්න අය මෙතනින් බලාගන්න. :oo::oo:

    http://www.elakiri.com/forum/showthread.php?p=13444330#post13444330

    පොඩිසිඤ්ඤෝ සීයා මේ කතාව කියලා තියෙන්නේ මලගෙදරකදි නෙමෙයි.ගමේ කඩේ ගාවදි.කඩේට එහා පැත්තෙන් තියෙනවා පිට්ටනියක්.ඒකේ කොල්ලො කුරුට්ටෝ ටිකක් සරුංගල් යවනවා දැකලා තමයි ඉතිං උන්දැට මේ කතාව මතක් උනේ.එහෙනම් හරි බරි ගැහිලා කතාව අහන්න ලැහැස්ති වෙයල්ලකෝ... :P:P

    මේ කතාව සිද්ද වෙලා තියෙන්නේ උන්දැ ගැටයා සන්දියේ.ඒ කාලේ තමයිලු ජපන්නු කොළඹට බෝම්බ දැම්මේ.මේ කඩේ එහාපැත්තේ තියෙන පිට්ටනිය එතකොටත් තියෙනවලු.උන්දැ මේකට වෙලා සරුංගලයක් අරිනවලු.අරින්නේ නයෙක්ලු.(පොර කිව්වත් නොකිව්වත් කට්ටිය දන්නවා අරින්නේ නයා තමයි කියලා ) :rolleyes::rolleyes:

    නයෙක් කිව්වට බොලව් එසේ මෙසේ නයෙක් නෙමෙයිලු.පට්ටම විතරක් උසලු අපේ පිට්ටනියට එහා පැත්තේ තියෙන සියඹලා ගහ තරම්.(මේ කියන සියඹලා ගහ බන්, එතකොටත් අඩි සීයක් හමාරක් උසලු )එතකොට වලිගේ.....හප්පා, වලිගේ තමයි වලිගේ....ඒක දිග ඇරියම අපේ ගමේ ඉඳන් දියවන්නා ඔයටම දිගයි කියනවනේ...(ගම කිව්වේ කොලොන්නාවට )එතකොට ඒක ඇරපු ලනුව ? ඒක ලනුවක් නෙවෙයි යකෝ...කඹයක්....කඹයක් කිව්වට ඒකත් එසේ මෙසේ එකක් නෙමෙයි.හෙන පත ගොන්නු බඳින කඹ හත් පොටක් එකට අඹරලා හදාගත්තු, පට්ටම තඩි, බිම ඉඳන් අහසටම දිග කඹයක්. :rolleyes::rolleyes: මේක අහන් හිටපු කට හැකර කොල්ලෙක් ඇහුවලු, එතකොට සීයේ මෙච්චර බර සරුංගලේ උඩ අරින්න ගමේ කට්ටියම එන්න ඇති නේද කියලා. :confused::confused: මොන පිස්සුද බොලව්, පොඩිසිඤ්ඤෝ සියාලගේ කාලේ අපේ කාලේ වගේ නෙමෙයිලු.පට්ට ශක්ති සම්පන්න මිනිස්සුලු හිටියේ.උන්දැ මේක ඇරියේ තනියමලු බොලව්. :frown::frown:

    කොහොමහරි දැන් සරුංගලේ උඩ යනවයි කියමුකෝ.සමහර වෙලාවට පේන්නෙත් නැහැලු.මොකද කියලා අහන්නේ යකෝ, කොච්චර උඩ ගිහින්ද කියනව නම් සමහර වෙලාවට වළාකුලු සරුංගලේ යටින් යනවලු.ඉතිං සරුංගලේ පෙනෙයියැ. :angry::angry:

    මෙන්න මේ වෙලාවේ ජපනෙක්, ප්ලේන් එකක නැගලා මෙතනින් යනවලු.යන හැටියට නම්, කොළඹට බෝම්බ දාන්නලු.වළකුලු වලට අස්සෙන් යනකොට, පේන්නේ නැතුව අරූගේ ප්ලේන් එක සරුංගලේ පැටලුනාලුනේ බොලව්. :baffled::baffled: ජපනට ප්ලේන් එක හොලවන්නවත් බැහැලු.ජපනා ප්ලේන් එකේ ජනේලෙන් ඔලුව දාලා කෑ ගහනවලු, පොඩිසිඤ්ඤෝ, මේ සරුංගලේ පැටලුම් ලෙහලා ප්ලේන් එක අහකට ගනින්කෝ කියලා.උන්දැ නෙමෙයිලු ගානකටවත් ගත්තේ.දෙවෙනි පාරත් ජපන කිව්වලු.ම්හ්...තුන්වෙනි පාර කියනකොට සීයට පව් කියලා හිතුනලු ජපනා ගැන. :no::no: ඌට ඉතිං බෝම්බ දාන්න යන්නත් පරක්කු වෙනවනේ.පොඩිසිඤ්ඤෝ සීයා මොකද කලේ, කෙලින්ම නැග්ගලු කඹේ දිගේ උඩටම.පැටලුන් ලෙහලා ප්ලේන් එක යැව්වලු. :oo::oo::dull::dull:

    ජපනත් ඉතිං ඒ සංතෝසෙට සීයට ලස්සන ඉන පටියකුත් තෑගි දුන්නයි කියනවනේ.ඒ පටිය තමයිලු උන්දැ අදටත් මේ බැඳන් ඉන්නේ.පටිය ගැනත් ලස්සන කතාවක් තියෙනවා.මම පස්සේ වෙලාවක නිවී හැනහිල්ලේ බොලාට කියන්නම්කෝ.කොටන්න ගියාමනේ බොලව් එපාවෙන්නේ.............
    :no::no::no::no::no:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ela machan!!!
    rep +7....

    Thanks macho
    11.gif
    11.gif



    :rolleyes::rolleyes:
     
    Last edited: