පොඩි අදහසක් ..

Mar 16, 2009
24
8
3
අද රටට උද්ගතව ඇති තත්වය හමුවේ සමහරක්
සුභවාදී දේවල් සිද්ධවෙමින් පවතිනවායයිද සිතේ
අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සමහරක්(ICU Beds,Ventilators)ලංකාවේම
ඉතා අඩු මුදලකට නිෂ්පාදනය කිරීමට
තරම් දක්ෂයෝ බිහිවී ඇත.අද පමණක් නොව අතීතයේ සිටම
දක්ෂ නිර්මාණ කරුවන් බිහිවූ රටකට 3 න්වන ලෝකයේ දිළිඳු
රාජ්‍යයක් වීමට සිදුවුයේ මන්දැයි සිතන විට ඉතාමත් කණගාටු දායකය.
කොමිස් පසුපස හබායන දේශපාලකයින් නිසා මෙවන් ඉරණමකට
ලංකාව පත්වී ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය.
නිර්මාණ කරුවනි..
ඔවුනට අවශ්‍ය කොමිස් මුදල්ය.
මෙම නිර්මාණකරුවන්ගේ නිර්මාණ විදේශයන් සඳහා විකිණීමෙන්
විදේශ විනිමය ලංකාවට ගෙනෙන්නට හැකිය.
දේශපාලකයිනි ..
මෙම නිර්මාණ විදේශයන් සඳහා විකිණීමට දායක වීමෙන්
නිර්මාණ කරුවන්ගෙන් කොමිස් මුදල් ඔබට ලබාගත හැකිය.
මෙමගින් දෙගොල්ලන්ම ගොඩගොස් රටද ගොඩ දැමීමට හැකිවෙතැයි
මට සිතේ .
-dasun Jayakody-