පොඩි අව්ලක්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඇයි මේ හැමෝම ජවිපෙට බයවෙලා... ජවිපෙ නැගිටිනවට බය ඇයි.. හොරා කාපුවගේ බඩට වදින හින්දා, ආයේ හොරා කන්න බැරි වෙන හින්දද, Office වල අයිස් ගහන්න බැරි වෙන හින්දද etc etc....

    10982769_863175813771707_5351682027424481470_n.jpg

    11693853_845896155499673_8346207687734865560_n.jpg

    11864784_712263138878371_977050975551897027_o.jpg

    11831726_442323179287122_6422011288563450332_n.jpg

    11828680_442215512631222_3564120835394212132_n.jpg

    11204878_1648371448783360_2810576605281328066_n.jpg

    මරලා දාලත් යටපත් කරන්න බැරි මතයක් ලංකාවේ හැදුවේ එක මිනිහයි.......
    ඒ තමයි රෝහන විජේවීර සහෝදරයා.......
    මරලා දාලා අවුරුදු විසිහයක් උනත් මිනිස්සුන්ගේ හිතේ ඔහු නිර්මාණය කරපු මතවාදය තවමත් තියෙනවා......ඔහුගේ සංකල්පයන් තවමත් සමාජයේ ක්‍රියාකාරීව පවතිනවා..... මර්දනය හමුවේ හොල්මන් කරයි

    11221844_442041522648621_326440373892665874_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඉන්න JVP එක නම් පට්ට. විජේවීර නම් මතක් කරන්න එපා. පිස්සු උට්ටෙක් බන්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Man meka apahasa karanna neme ahanne..
    eth oya wijeweeralage kale un wiplawa kara kiyala sehenna ganak meruwa neda?? ow anduwenuth meruwa thamayi.

    lankawe minissun gena hageemak thibba nam e dewal karayida???

    Lankawe minissunta oya prashna thamath thiyenawa.sahodaraya.

    owwa minisunta amathaka wenna thawa awurudu 100-150k wath yayi.

    pudgalikawa math kemathiyi javipeta oyita wada thenak enawanam.hebeyi wipaksheta enakan witharayi.

    ada kale campus deshapalenen oya dewal penawane.
    un campus depala walata alabahani karapuwama ewa hadanne rate minissunge salli walin neda??
    ayi un samanera wahansela campus deshapalaneta ganne??
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාත් එකගයි හැබැයි චන්දෙ දෙන්නෙ ටයර් හිගයක් හෝ පරාල ඇණ හිගයක් රට තුල ඇති නොවෙයි කියල පෙන්නුවොත් මපණයි :):):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    අනේ ඔයාගේ ඡන්දේ නං ඕනේ නෑ :lol: ඔයා ඔය හිඟය ඇති වෙනවද නැද්ද කියල හිතල ඉවර වෙනකොට ඡන්දෙත් ඉවර වෙලා ලබන අවුරුද්දේ පළාත්සභා ඡන්දෙත් ඇවිල්ල තියෙයි :lol: නැත්තන් ඉතින් ඕක දැන් කොයි කාලේ ඉඳලද හිතන්නේ නේද ! :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ ඔයාගේ ඡන්දේ නං ඕනේ නෑ :lol: ඔයා ඔය හිඟය ඇති වෙනවද නැද්ද කියල හිතල ඉවර වෙනකොට ඡන්දෙත් ඉවර වෙලා ලබන අවුරුද්දේ පළාත්සභා ඡන්දෙත් ඇවිල්ල තියෙයි :lol: නැත්තන් ඉතින් ඕක දැන් කොයි කාලේ ඉඳලද හිතන්නේ නේද ! :lol:
    ජෝක් නෙමෙ බන් දෙන්ඩ එකෙක් නෑ මේ පාර :rolleyes::rolleyes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Man meka apahasa karanna neme ahanne..
    eth oya wijeweeralage kale un wiplawa kara kiyala sehenna ganak meruwa neda?? ow anduwenuth meruwa thamayi.

    lankawe minissun gena hageemak thibba nam e dewal karayida???

    Lankawe minissunta oya prashna thamath thiyenawa.sahodaraya.

    owwa minisunta amathaka wenna thawa awurudu 100-150k wath yayi.

    pudgalikawa math kemathiyi javipeta oyita wada thenak enawanam.hebeyi wipaksheta enakan witharayi.

    ada kale campus deshapalenen oya dewal penawane.
    un campus depala walata alabahani karapuwama ewa hadanne rate minissunge salli walin neda??
    ayi un samanera wahansela campus deshapalaneta ganne??

    මෙතන මචං වැරදි මත වගයක් තියෙනවා. මං යට ඉදන් කියන්නම්
    01. රජයේ විශ්වවිද්‍යාල තුලට දේශපාලනය ගෙනාවේ ජවිපෙ කියන එක පිලිගන්නවා. ඒ වුනාට ඒක රටේ ඕන පුරවැසියෙක්ගේ අයිතිය. නමුත් ඒ මගින් ගොඩක් දේවල් දිනාගෙන තියෙනවා. නැත්නම් මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති වෙලා ගොඩක් කල්. පොදුවේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම ගත්ත‍ොත් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා වැඩ කරන ලද නායකයින් සිටිනවා වුවත් බහුතරය වැඩ කරේ ඒකේ අනිත් පැත්තට කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වූනත් මේ වන විට රජයේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය ව්‍යාපාර වලට ජවිපෙ කිසිසේත්ම සම්බන්ධ නෑ

    02. ජවිපෙට දීලම බලන්න එපැයිනේ මචං කට විතරද වැඩ බැරිද නැත්නම් කතා නැතුව වැඩ විතරයිද කියලා බලන්න (මොකක් හරි ප්‍රශ්නයක් අව්ලක් තියෙනවා නම් ජවිපෙට කෝල් කරලම අහන්න පුලුවන් මෙහෙම දෙයක් තියෙනවා ඔයාලගේ මතය කුමක්ද ප්‍රතිපත්තිය කුමක්ද? නැත්නම් මඩක් උනත් අව්ලක් නෑ බය වෙන්න එපා සුදු වෑන් එවන්නෙත් නෑ)(සුදු වෑන් සංස්කෘතිය ගේනාවේ එජාපය!)

    03. නෑ මචං 88-89 මතත් කරන් ඉන්න ඒ පරපුර තියෙන කම් විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේත ඒක අවුරුදු 100-150 ක් තරම් ලොකු කාලයකුත් නෙමෙයි.

    04. මේ රටේ මිනිස්සු ගැන හැගීමක් තියෙනවාද කියලා පක්ෂෙට වඩා මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තමයි දන්නේ මචං. මින්ස්සුන්ට කර ගන්න දෙයක් නැති වුනාම ජවිපෙට වත් කියලා බලමු කියලා ජවිපෙම හොයන්නේ මිනිස්සුන්ගේ හදවතේ ජවිපෙ ඉන්න නිසා නේද? මීට වඩා තවත් මොනවද :):)

    05. අවසාන වශයෙන් පක්ෂයක් වශයෙන් පක්ෂයෙන් වැරදි උනා. කොතනත් ඉන්නේ මිනිස්සුනේ වැරදි තීරණ ගන්න පුලුවන්. ඒ වැරදි පිලිගත්තා ඒවට ජාතියෙන්ම සමාව ගත්තා. නමුත් ජවිපෙට චෝදනා කරන ගොඩක් දෙනෙක් ජවිපෙට සාපෙක්ෂව කොහොම සමාව ගතයුතුද ප්‍රශ්නය එනවා?

    පොඩි උදාහරණ කිහිපයක් ‍ගත්තොත් රතුපස්වල සිද්ධිය යට ගැසුවා, හරිනම් මුලු රටෙන්ම රජය සමාවගන්න ඕනේ. වෙන රටවල නම් වග කිව යුත්තන් අස් වෙලා යනවා. ශ්‍රීලංකාවේ හමුදාවට නීතියේ කොතනින්ද අවසර දීලා තියෙන්නේ සිවිල් ජනයාට විරුද්ධව එක අතක් උස්සන්න. එතනට අාපු එක පවා වැරදි. නමුත් හැම එකටම යුද හමුදාව යොදලා යුද හමුදාවට තිබෙන ගෞරවය පවා නැති කරන්න ගත්තා සමාජයේ තිබෙන. තව මේ වගේ ගොඩක් සිද්ධි තියෙනවා පක්ෂ දෙකේම. සාම ගිවිසුම ගැහුව එකට රනිල් වික්‍රමසිංහ සමාව ගන්න ඕනේ, රජයේ ආයතන විකුනන් කාපුවට මේ හැමෝම සමාව ගන්න ඕනේ. දැන් මෙහෙම ලිස්ට් එක දාන්න ගිය‍ොත් දෙපැත්තේම වැඩ කිඩ මට දවසම type කරන්න වෙනවා.
    එතකොට ඒවද මචං මානව හිතවාදී පක්ෂ... ???

    ගොඩක් අය ජවිපෙට ගහන්න ඡන්ද පොලට ගිහින් ‍ගමේ චන්ඩියට ගහලා එනවා. හැමදාම වෙන්නේ ඕකයි. තුන් දෙනෙක් ඉදන් පාර්ලිමේන්තුවේ දාපු සද්ද හින්දයි ඔහොම හරි රට බේරුනේ. මට මතක් වෙනවා එක දවසක් අනුර සහෝදරයා එස්. එම් චන්ද්‍රසේන ඇමතිවරයාට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නෙකදී Document එකක තිබ්බ විශාල ගනනක් කියා ගැනීමට නොහැකිව ඇමතිවරයා මහත් අපහසුතාවයට පත් වෙලා ඉද්දී අනුර සහෝදරයා ඔහුව තවත් අපහසුතාවයට පත් නොකර සිටියා. ඒක තමයි මනුස්සකම කියන්නේ මචං.

    චන්ඩි, අරක්කු මුදලාලිලා, සූදු කාරයෝ, හරක් හොරු (කලා වැව පැත්තේ නාකි හරක් අදටත් දුවනවාලු බර්ටි බර්ටි කියද්දී) පාර්ලිමේන්තු යැව්වේ කව්ද දැන්? අපිද? උන්ද?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :yes: විජේවීර තෝරගත්ත පාර වැරදි . දැන් එහෙම නෑ :)

    ඔව් ඒක හරි මර්දනය ක්‍රියාත්මක උන හින්දයි එහෙම උනේ. මට නම් හිතෙන්නේ එහෙමයි බං. රෝහණ විජ‍ේවිර එදා ජනාධිපති උනා නම් ලංකාවේ අපිට වත් ලංකාවේ පුරවැසි කම ගන්න එක ලේසි වෙන්නේ නැති සුපිරි රටක් මචං මේක. මරන්න කලින් අල්ලගෙන් පැය ගානක් ගත්ත කට උත්‍තරේ තියෙන දේවල් දැක්කම ඇඩෙනවා බං.

    ප්‍රධානම දේ ජනතා විමුක්ති පෙරමුණ පුද්ගයෙක් මූල කර ගත්ත දේශපාලනයක් නෙමෙයි කරන්නේ. ප්‍රතිපත්ති මූලික දේශපාලනයක්. ප්‍රතිපත්ති තමයි නායකයා. අනුර නෙවෙයි. අනුර අද ගියත්, අනුර අපේ අප්පච්චී ගාගෙන විකුනන්නේ නෑ. පක්ෂයේ පාලන කටයුතු වලට පමනයි නායකයෙක් ඉන්නේ. මේ ලගදී හිරු එකේදී සුදේව අහනවා ෂොක් කතාවක්. පක්ෂ වල රෙදි ගලවනවා.
    අන්තිම ටික බලන්න පක්ෂයේ තැන කියන එක. අනුර සහෝදරයා හිනා වෙලා කියන කතාව බලන්න

    https://www.facebook.com/video.php?v=1881707795387786
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28

    :yes::yes::yes::yes::yes:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඔව් ඒක හරි මර්දනය ක්‍රියාත්මක උන හින්දයි එහෙම උනේ. මට නම් හිතෙන්නේ එහෙමයි බං. රෝහණ විජ‍ේවිර එදා ජනාධිපති උනා නම් ලංකාවේ අපිට වත් ලංකාවේ පුරවැසි කම ගන්න එක ලේසි වෙන්නේ නැති සුපිරි රටක් මචං මේක. මරන්න කලින් අල්ලගෙන් පැය ගානක් ගත්ත කට උත්‍තරේ තියෙන දේවල් දැක්කම ඇඩෙනවා බං.
    https://www.facebook.com/video.php?v=1881707795387786

    මේ කියන කට උත්තරේ copy එකක නෙට් එකේ නැද්ද කියවන්න.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ කියන කට උත්තරේ copy එකක නෙට් එකේ නැද්ද කියවන්න.

    හම්බුනොත් මෙතන දාන්නම් මචං. සති ගානක් ඒක කොටස් වශයෙන් පුවත්පතක ගියා දේශපාලන අතිරේකයක. පිටු 453 තියෙනවා සම්පූර්ණ කටඋත්තරය
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඒක හරි මර්දනය ක්‍රියාත්මක උන හින්දයි එහෙම උනේ. මට නම් හිතෙන්නේ එහෙමයි බං. රෝහණ විජ‍ේවිර එදා ජනාධිපති උනා නම් ලංකාවේ අපිට වත් ලංකාවේ පුරවැසි කම ගන්න එක ලේසි වෙන්නේ නැති සුපිරි රටක් මචං මේක. මරන්න කලින් අල්ලගෙන් පැය ගානක් ගත්ත කට උත්‍තරේ තියෙන දේවල් දැක්කම ඇඩෙනවා බං.

    ප්‍රධානම දේ ජනතා විමුක්ති පෙරමුණ පුද්ගයෙක් මූල කර ගත්ත දේශපාලනයක් නෙමෙයි කරන්නේ. ප්‍රතිපත්ති මූලික දේශපාලනයක්. ප්‍රතිපත්ති තමයි නායකයා. අනුර නෙවෙයි. අනුර අද ගියත්, අනුර අපේ අප්පච්චී ගාගෙන විකුනන්නේ නෑ. පක්ෂයේ පාලන කටයුතු වලට පමනයි නායකයෙක් ඉන්නේ. මේ ලගදී හිරු එකේදී සුදේව අහනවා ෂොක් කතාවක්. පක්ෂ වල රෙදි ගලවනවා.
    අන්තිම ටික බලන්න පක්ෂයේ තැන කියන එක. අනුර සහෝදරයා හිනා වෙලා කියන කතාව බලන්න

    https://www.facebook.com/video.php?v=1881707795387786

    අපේ රටේ බෝතල් කාලට , බත් පැකට් ඒකට , රස්සා ලියුමට ඡන්දේ දාන උන්ට ඕක තේරෙන්නේ නැති එකනේ බන් වැඩේ :(
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපේ රටේ බෝතල් කාලට , බත් පැකට් ඒකට , රස්සා ලියුමට ඡන්දේ දාන උන්ට ඕක තේරෙන්නේ නැති එකනේ බන් වැඩේ :(

    රිදෙන එවුන්ට රිදෙයි ඒවුනාට ආයේ පන්දම් අල්ලලා එක එකාට වැඩ කරලා රස්සාවක් ගන්න පව්ලේ එකෙක් ගොඩ දාන්න නම් බෑ ජවිපෙ ආණ්ඩුවක් ආවොත්. එහෙම පන්දමෙන් රස්සාව ගන්න එකා දන්නේ නෑ එතනට හරි විදියෙන් එන්න හදපු එකාට කොච්චර දුකක් එනවද කියලා එහෙම උනාම.. අපේ අම්මට දෙපාරක්ම රජයේ රැකියා දෙකක්ම ලැබුනා පත්වීම් ලියුමත් ලැබිලා දේශපාලුවෝ හින්දා. ඒ අව්ල තේරෙන්නේ එතකොට බං එතකොට මං පොඩී ඒත් බං තේරෙනෙවා ඒ දැනෙන දුක.
    ගමේ ගොන් චන්ඩි දේශපාලුවෝ ආයේ පාර්ලිමේන්තු ‍යන්නේ නෑ. එක එකා, එක එකාගේ නම් කියලා සද්දේ දාන්නේත් නෑ. මට පේන්නම බැරි එක බං ඔය වැඩේ