පොඩි උන් අහිංසකයි බං 2

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    2000න් පස්සේ ඉපදුන පුතාලා දුවලට කියන්න තියෙන කාරණය නම්, උ ඹලා වැඩිහිටියන්ගෙන් පරිස්සම් වෙයන්ලා. උ ඹලාව දඬුකදේ නෙමෙයි කෙලින්ම එල්ලුම් ගස් යවන්නයි මුං බලන්නේ. ගැටුමක් නම් හැකි තරම් ෂේප් වෙලා පලය ල්ලා. මොකද තමං හා තමංගේ පරපුර පිටිං, ඔය වැඩිහිටියෝයි කියා ගන්නා පිරිස රටට කරපු වින්නැහියේ වැරදි පිට කරන්න දෙන්න එපා. උ ඹලාගේ ආතල් උඹලා නිදහසේ අනුන්ට කරදයක් නොවී බුද්ධිමත්ව ගනිල්ලා. ඒවා මුංට දිරවන්නේ නැහැ පුතේ. පොඩි කාලේ ඉඳං ව ටේටම දීගෙන ඉඳලා, දැං උඹලා ගෙවන නිදහස් ජීවිතය මුංට දිරවන්නේ නැහැ.

    වැඩිහිටියෙක් වූ ගරු කරන්න අවශ්‍ය නැහැ, මොකද මෝඩ යොත් වයසට යනවා (ඔය වැඩිහිටි පරම්පරාවේ බහුතරය මෝ ඩයෝ), ගරුකලයුතු එකාට ගරු කරපල්ලා, ඒක අද ඉපදුනාද හෙට මැරෙනවද කියන දේ අදාල නැහැ.

    අවවාද දෙන්න එනවා නම්, හොඳමයි අන්කල් හොඳමයි ආන්ටි කියලා එතනින් ගිහිං තමන්ාග් පාඩුවේ, තමන්ටවත් වෙන අයටවත් කරදරයක් නොවී ආතල් ගනිල්ලා. මොකද අන්තිමට උඹලා තමයි අමානුෂික මිනීමරුවෝ වෙන්නේ.

    හරි දේ කියන්නේ කවුරු උනත් අහපල්ලා, වැරදි දේ වම් කනෙන් අසා දකුණු කනෙන් පිට කරපල්ලා.

    මෝඩ විදියට සාම්ප්‍රදාය සංස්කෘතිය follow කිරීම නොකරපල්ලා, නරක තැන් බය නැතුව වෙනස් කරපල්ලා.

    මුං හෙන ටෝක් දුන්නට ඉතිහාසයේ මුං තරම් චොර පරපුරක් වෙන නැහැ, උඹලා ඒ මිස්ටේක් වලින් ඉගෙන ගෙන රට අනාගතය වෙනස් කරපල්ලා. උඹලට AL OL ලියනකොට ලයිට් නැති උනේ, ඉස්කෝලේ යන්න බස් වාහන ඉන්ධන නැති උනේ, මාස ගණන් පාසල් වැහුනේ, විභාග පේපර් එකටවත් කොල නැති උනේ, ඔය වයසට යන වැඩිහිටි ගොබ්බයන්ගේ කෙරුවාව නිසා බව නිහඬව හිතට ගනිල්ලා.

    උඹලා තමයි රටේ අනාගතය, මේක වෙනස් කරපල්ලා. හබැයි මේ ගොබ්බ සෙට් එක මැරිලා යනකං ටිකක් පරිස්සමෙන් හිටපල්ලා. නැත්නම් උඹලත් ගොබ්බ කරලා බැරි නම් විනාශ කරන්න උනත් මුං පැකිලෙන්නේ නැහැ, මුං සර්පයන්ටත් අන්ත ජාතියක්, මූණට හිනා වෙලා කොන්දට පිහියෙන් අනින නිවට ජාතියක්.