පොඩි ඔවදනක්....

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    දැන් මෙහෙම හිතන්නකෝ..ඔන්න අපි ඉන්නවා..අපි කිව්වේ අපි.. ඒකියන්නේ අපි හොඳද..


    ඒත් අපි කිව්වට එතනින් කියවෙන්නේ මං..ඔයාලටනං ඔයාලා හරිනේ දැන් තේරුනානේ..


    ඉතිං අපි මෙහෙම ඉන්නකොට නිකංම ඉන්නේ නැහැනේ මොන මොනවා හරි කර කර මේ සමාජේ ඉන්නවා.. ඒ ඉන්නකොට අපිට යම් යම් වෙලාවල්වලදී කාගෙන් හරි උදව් ඕන කරන වෙලාවල් තියෙනවා.. ඒ වගේම යම් යම් අය දැන අදුරගන්නත් ඒ අය එක්ක ආස්සරය කරන්නත් වෙනවා..


    ඒත් ඒ අදුරගන්න අය හැමෝම අපිත් එක්ක හිතවත් වෙන්නෙත් නැහැනේ..සමහරු ඔහේ ඉන්නං වාලේ ඉන්නවා..සමහරු හොදින් ඉන්නවා වගේ ඉදන් හෙන ගේම් දෙනවා..තවත් සමහරුනං හොයලා බලලා උදව් කරනවා..සමහරු අපිට එක එක දේ තෑගි කරනවා.. ඔන්න ඔහොමයි කතාව...


    ......................................


    හරි අපි හිතමුකෝ අපි ගමේ ඉද්දි අපිට දැන අදුරගන්න වෙන සුවිශේෂී කට්ටිය...


    පන්සලේ හාමුරුවෝ..ගමේ වෙද මහත්තයා..ඉස්කෝලේ විදුහල්පති තුමා ගුරුවරු වගේ අය..තැපැල් මහත්තයා..ගිරාම සේවක.. පත්තර බෙදන කෙනා.. ඔය වගේ එක එක අය ඉන්නවා අපට දැන අදුරගන්න වෙන..


    ඉතිං ඔය අඳුර ගන්න අය අතරේ ඉන්නවා සමහර විට ගමේ ඉන්න චණ්ඩි වගේ අය..එතකොට එක එක ජාතියේ කස්ට පොරවල්... ඉතිං ඔය කොයි කෙනාත් අපිට වැදගත් වෙන වෙලාවල් තියේ...


    දැන් බලයි හැබිචෝල් පොරවල් අපට මොටෝ කියලා.. ඒත් එහෙමමත් බැහැ එහෙම උන්වත් දැන හදුනගන්න වෙනවා...


    දැන් හිතලා බලන්නකෝ හදිසියේදී හරි අපිට කාගෙන් හරි කොක්කක් ඇදෙනවා... කන එක ෂුවර්ම තමා... ඉතිං අපිට මේකට තනියම බහින්නත් බැරිනං අපිට සිද්ධ වෙනවා දන්න කියන කෙනෙක්ව මේකට හෙල්ප් එකට අල්ල ගන්න...


    දැන් මේක පස්ට වලියක්..නිකං පුංචි පහේ ගේමක් නෙවෙයි...ඉතිං අපි කාවද මේකට අල්ලගන්නේ..?


    යාළුවෝ ටික..ම්හ්..උන්ටත් කන්ට්‍රෝල් නැති අසප නඩයක් එක්කනං ගේම සෙට් වෙලා තියෙන්නේ උන්ගෙන් මේක පිරි මහ ගන්න අමාරුයි... ඉස්කොලේ මහත්තයා..මොන විකාරද..උන්නැහේ එක්ක ගිහින් අර නෙලන්න ඉන්න පෝරිසාදයින්ට ගණීතය විද්‍යාව උගන්නන්නද..?
    හාමුදුරුවෝ..?......අරුං බණ අහන උන්නං හොඳයි එහෙම නොවුනොත්...


    ගිරාම සේවක..?.........එවෙලෙටනං ෂේප්..ඒත් පස්සේ නෙලයිද කවුද දන්නේ...


    ඔන්න ඔය වගේ වෙලාවට තමා හන්දියේ බෝක්කුව උඩ ඉන්න පච්ච ගුණේ අයියා එක්ක පොඩි ෆිට් එකක් තිබ්බනං හොදයි කියලා හිතෙන්නේ...ඒමනං පොරට කියලා අරුංට පොඩි සද්දයක් දාතහැකි..කවුද කැමති එහෙම බුවෙක් බැස්ස ගේමක් ඇදං යන්න...නිකං දැළිපිහි පාරවල් කන්නේ අහවල් එකටද..වැඩේ ෂේප්..


    ආන්න ඒකයි උන්දලත් ඉන්න ඕන කියන්නේ...හදිසියකට ලොකු පෝරියලක් සෙට් වෙච්ච වෙලාවට ඔය අර්තෙන් දර්මෙන් දෙන අයවැඩක් නැහැ..ඒකට ඉන්න ඕන ඒකට හරියන බුවාලා.. පැහැදිලියිනේ...
    ..............................


    එතකොට අපි එහෙම ඩස්ප පොරවල් එක්ක ෆිට් එකේ ඉද්දී උනුත් අපෙන් කීයක් හරි ඉල්ල ගන්න වෙලාවල් තියෙනවා...නොදී බැරි හින්දා හරි පස්සේ එක දෙක කරලා ලැබෙයි කියලා හරි හිතලා අපිත් දෙනවා.. ඒ විතරක්ද උන්දලත් සමහර විට හිත සංතෝස වෙච්ච වෙලාවක එක එක දේවල් දෙනවා. ඔය අර්තෙන් දරුමෙන් දෙන අය වැඩි හරියක් දෙන්නේ තවුසන් ටෝක්නේ... ඉදලා හිටලා ඕනනං ඔය කොපි පොතක් පැන්සලක් බණ පොතක් දෙයි.. ඕනනං කෑමක් බීමක් දෙයි... බෙහෙත් ටිකක් දෙයි..නැතිව නෙවෙයි..ඒවත් යහපත් දේවල් ජීවිතේට...


    ඒත් ඒ වගේ දේවල් නෙවෙයි අර පොරවල් අපිට දෙන්නේ..හොරෙන් උස්සපු නිධානෙකින් ගත්ත භාණ්ඩයක්...හොරකං කරපු ඒවයින් උනත් මිල මුදලක්.. යම් යම් ආකාරයේ වටින කියන දේවල්...එහෙමත් නැත්තං අහල පහල උන්ටත් පෙන්නලා ටිකක් බය කරන්න පුළුවන් ජාතියේ ආයුධයක්..ඒ විතරක්ද සමහර වෙලාවට අඩියක් පුඩියක් ගහලා කාලා බීලා නටලා ජොලියක් දාලා යන්න පුළුවන් තැනකට සෙට් කිරිල්ලක්..
    සමහර විට ඉස්කෝලේ විභාගේ කටේ තියලා පේපර් එකක් එහෙම උස්සලා දෙන්නත් බැරි නැහැ... එහෙම පොරවල් සෙට් උනාහම කරන්නේ නැති දෙයක් නැහැ..ඕනනං පේපර් බලන උන්ට තග දාලා ලකුණු ටික වැඩි කරලා හරි දෙන්නත් ඇහැකි..


    ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවල්වලට එහෙම අස්ප ඩයල් එක්ක ගියාම ඔය ගෑණූ පරාණ හිටං සෙට් වෙනවා..මොකද උන් යන්නේ එහෙමත් ගෑණූ ගාවටනේ..සිංහලෙං කිව්වොත් කංසැප හිටං සෙට් වෙනවා ඔහොම පොරවල් එක්ක ලගින්න ගියාම...හොඳ හෝ වේවා..නරක හෝ වේවා ඒවා තමයි උන්ගෙන් අපිට ලැබෙන දේවල්..මොකද ඉතිං උන් දෙන්නේ උන් ගාව තියෙන ඒවානේ..එහෙම නැතිව අර්තෙන් දර්මෙන් දෙන්නයෑ...


    ඉතිං ඒ විතරක් නෙවෙයි හැබැයි ඔහොම බුවාලා ආස්සරේ කරන්න ඕනත් පරිස්සමට..ඒ ඇයිද කියලා කිව්වොත් හිතන්නකෝ පන්සලේ හාමුරුදුරුවෝ අපිත් එක්ක තරහා උනා කියලා.. ඒත් කවදාවත් එන්නේ නැහැනේ කියා දීපු බණ ආපහු ඉල්ලන්න...එහෙමත් නැත්තං දහං පාසලෙන් දීපූ සහතික උදුරං යන්න..


    ඉස්කොලේ මහත්තයා එයිද ගියපාර පලවෙනියා වෙච්ච වෙලේ දීපු තෑගි කට්ටලේ ඉල්ලගෙන..එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්..මොකද උන්දලා දැන උගත් සීලාචාර උදවිය...


    ඒත් පුතෝ මෙහෙම ඩයල් ආස්සරේ කරන්න ගියාම සහ උන්ගෙන් උදව් ගත්තට අපි ටිකක් පරිස්සමෙන් ඉන්න ඕන..මොකද කොච්චර හොඳින් හිටියත් පොඩ්ඩ ගැස්සිච්ච ගමන් බඩුම තමා..සමහර විට ඇවිත් දුන්න දේ උදුරං යනවා විතරක් නෙවෙයි පිහි පාරකුත් දීලා යන්න පුළුවන් තෑග්ගක් හැටියට..


    ආන්න ඒ හින්දයි එහෙම බුවාල එක්ක ආස්සරේ කරන එක ලේසි නැත්තේ.. එහෙම බලාගෙන ගියාම උන්ගෙන් ගන්නවට වඩා හොදයි නොගෙන හිටියනං කියලත් හිතෙන්ට ඇහැකි.හැබැයි අමතක කරන්නට එපා කලින් කිව්වා වගේ දෙන්ට ගත්තමත් අපේ හිත පුරෝලා දෙන්ටත් උන් දස්සයෝ..මොකද උන්දලා ගාව තියෙන දේවල් ලේසියෙන් නුදුන්නට අර ඉස්කෝලේ මහත්තුරු ගාව තියෙන දේවල්වලට වඩා සාමාන්‍ය පෘතග්ජනයෝ වෙච්ච අපිට හිත යන දේවල් තමා එහෙම බුවාලා ලග තියෙන්නේ...එව්වාට අපේ හිත යනවා වැඩී... අර හොඳ අය අපිට දෙන දේටත් වඩා...

    Blog එකකින් ගන්නා ලදි....:love::love::love: