පොඩි කාලේ ඉඳලම මං හොඳ ගණන්කාරයෙක්
පොඩි කාලේ ඉඳලම මං හොඳ ගණන්කාරයෙක්
ධර්ම ධීරසිංහ / සභාපති - කොමර්ෂල් බැංකුව
ඈත ගමක ඉපදුණු හැදුණු වැඩුණු ඔහුට සුන්දර ළමා වියක් තිබිණි. ඒ ළමා වියේදී ම ඉලක්කයන් හඹා යෑම ජීවිත පුරුද්ද කරගත්තේය. ඒ ඔස්සේ කැපවූ වැඩ කළ ඔහු දිනෙක බැංකු ක්ෂේත්‍රයේ ඉහළට ම නැංගේය. අත් නොහැර වැඩෙහි යෙදීමත් සතතාභ්‍යසයත් සිය ඉලක්ක කරා යන මඟ, කර ගත් ඔහුගේ ජීවිත විවරණයයි මේ.
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියන්නෙත් හොඳ කළමනාකරණ පාඩමක්. අම්මලා තාත්තලා මේවා කිව්වෙ උපහැරණෙන්. ලොකු මැනේජ්මන්ට් තියරි වලට වඩා දෙයක් මේ පාඩම්වල තිබෙනවා.
අභ්‍යාස කරන තරමටයි ශාස්ත්‍රය පිහිටන්නේ. ඒ වගේම ඕනෑ ම අවාසි දායක අවස්ථාවක තමන්ට පාඩුවක් යැයි නොසිතා, එය හොඳම අත්දැකීමක් ලෙස බාරගන්න.
මේ රටේ ප්‍රධාන පෙළේ බැංකුවක සභාපතිවරයා, කැමැතියි ඔබ ගැන දැන ගන්න...
ශ්‍රී ලංකාවේ විශාලත ම පෞද්ගලික බැංකුවේ සභාපතිවරයා විදියට විසල් වගකීමක් මං මත්තෙ තිබෙන බව ඇත්ත. නමුත් ඒ වගකීම් මට බරක් නෙවෙයි. මම, සරල සැහැල්ලු මනුස්සයෙක්. ප්‍රශ්නයක් මොන තරම් සංකීර්ණ වුණත් මට පුළුවන් සැහැල්ලු මනසකින් ඒ ගැටලු විසඳන්න.
බැංකුවක් කොහොමද ඔය විදියට තමන්ගෙ විශාලත්වයේ ප්‍රමාණය කියා ගන්නෙ...
එක නිර්ණායකින් කිව්වොත්, වත්කම් සහ බැරකම් ප්‍රමාණයෙන්. ශේෂ පත්‍රයේ ප්‍රමාණයෙන්. මේ වෙනකොට අපේ ශේෂ පත්‍රයේ ප්‍රමාණය රුපියල් බිලියන 960ක්. මේ වසර අවසන් වන විට එය 1000 පන්නනවා. එවිට අපිත් ලංකා බැංකුව වගේ ‘One Trillion’ බැංකුවක්.
අපේ රටේ බැංකු අතරෙ තරගය වෙලාවකට පොරයක් වගේ. ඔබ මොනවද මේ ගැන හිතන්නේ...
අපේ රටේ මිලියන 21 ක ජනගහනයකින් මිලියන හතරකටත් අඩු සංඛ්‍යාවක් තමයි ගනුදෙනුකරුවො ඉන්නේ. මේ වගේ කුඩා රටක, මූල්‍ය වෙළෙඳපොළත් හරිම කුඩයි. ඒ නිසා මම කියන්නෙ, අපි අනෙක් රටවල ව්‍යාප්ත විය යුතුයි. මේ දේශ සීමාව ඇතුළෙ තියෙනවට වඩා විශාල මූල්‍ය වෙළෙඳපොළක් පිටත තියෙනවා. යා යුත්තේ එතැනටයි.
ඔය යෝජනාව ක්‍රියාත්මක කරන්න ඔබේ බැංකුවට පුළුවන් වෙලා තිබෙනවද...
ඔව්. බංග්ලාදේශයේ අපි තමයි, හතරවැනි විශාල ම විදෙස් බැංකුව. ශාඛා 18ක් එහෙ තිබෙනවා. අපේ ලාභයෙන් සියයට දොළහක් ලැබෙන්නෙ එහෙන්. ඒ රටේ තිබුණු ‘ක්‍රෙඩිට් ඇග්‍රිකෝලේ’ කියන ප්‍රංශ බැංකුවත් අපි මිලදී ගත්තා. ඊට අමතරව අපි මියන්මාරයේ ඉතාලියේ සහ මාලදිවයිනේත් ශාඛා ඇති කළේ ඔය පරමාර්ථය ඇතිවයි. රටක් හැටියට අපි එහි ප්‍රතිලාභ ලබමින් පවතිනවා. අපි ඒ පූර්වාදර්ශය දීලා ඉවරයි.
මොකක්ද ඔබේ Management Style එක...
මම System වලට කැමැතියි. එහෙම කිව්ව ම හුඟ දෙනෙක් හිතන්නෙ IT Systems කියන එක. නමුත් වරද්ද ගන්න එපා. IT එන්න කලින් ආයතනවල Systems තිබුණා. යම් කිසි පද්ධතියක් අනුව වැඩකරනකොට, වෙන්න පුළුවන් වැරැදි සහ අඩුපාඩු අවම වෙනවා. ශුන්‍ය වෙනවා. අපේ බැංකුව උපරිම ලෙස Systems භාවිත කරන තැනක්. ‘Systems have life beyond human been…’ කියන්නෙ ඒ නිසා.
ඒ කියන්නෙ ඔබේ මැදිහත්වීමත් අවමයි කියන එකද...
අධ්‍යක්ෂ මණ්ඩලය හැරුණුකොට Corporate Management දක්වා මාත් සමඟ නිතර හමුවන පිරිසක් සිටිනවා. ඔවුන් සමඟ කමිටු රැස්වීම් තිබෙනවා. පොදු කළමනාකරණ සිද්ධාන්තයට අනුව, මේ ආයතනයේත් බලය විමධ්‍යගතයි. වගකීම තමුන් අතේයි. මගේ සීමාවේ මට වගකියන පිරිසකුත් ඔවුන්ට පහළින් බලය බෙදී ගොස් ඒ ඒ තනතුරු වල වගකියන පිරිසකුත් සිටින නිසා පහළ සිට උඩට ම අවශ්‍ය තොරතුරු මට ලැබෙනවා.
ඔබ Report සහ presentation මත තීන්දු තීරණ ගන්නා Boss කෙනෙක් ද...
ලංකා බැංකුවේ උප කළමනාකරුවෙක් විදියට වැඩ පටන් ගත්තු මං මහ බැංකුවේ අර්ථ ශාස්ත්‍රඥයෙක්, රාජ්‍ය ණය අධිකාරිවරයෙක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළව රටවල් කිහිපයක විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්, උපසභාපතිවරයෙක් විදියට බැංකු ක්ෂේත්‍රයේ අවුරුදු 42 ක් වැඩකරපු මං ශාඛාවක් ඇතුළෙ වැඩකෙරෙන හැටිත් දන්නවා. සභාපති පුටුවෙ වැඩකෙරෙන හැටිත් දන්නවා. මීටින්වලදි presentation බැලුවට මට ඒක ප්‍රශ්න අහන්න අවස්ථාවක් මිස තීන්දු තීරණ ගන්නා සාධකයක් නෙවෙයි.
කවුද ඔබට පූර්වාදර්ශ වූ ක්ෂේත්‍රයේ නායකයින්...
එච්.ඊ. තෙන්නකෝන්, ආචාර්ය වර්ණසේන රාසපුත්‍රම්, ආචාර්ය නෙවිල් කරුණාතිලක, ඒ.එස්. ජයවර්ධන ඇතුළු මහ බැංකු අධිපතිවරු හත් දෙනෙක් එක්ක මං වැඩ කළා. යමක් ලියන කියන, විශ්ලේෂණය කරන ලස්සන ඉංග්‍රිසි භාෂාව, ප්‍රශ්න නිරාකරණය කරන විදිය ඇතුළු හුඟක් කාරණා මං ඔවුන්ගෙන් ඉගෙන ගත්තා.
නායකයා දක්ෂයෙක් නොවුණොත් ආයතනය කඩා වැටෙනවා... මේ ගැන ඔබ මොකද හිතන්නේ...
තමන්ගෙ කණ්ඩායම සංවිධානයේ පොදු අරමුණකරා යොමුකොට ප්‍රශස්ත ඵලදාවක් ලබා ගැනීමයි, නායකයාගේ වගකීම. එතැනදි මං සීත කාමරේකට වෙලා ඉන්නෑ. ඔවුන් සමඟ හිඳිමින් එකට වැඩ කරමින් ඔවුන්ට පූර්වාදර්ශයක් වෙනවා.
ඔබ සේවකයන් පිළිබඳ කොහොම හිතන නායකයෙක් ද...
රටපුරා විසිරුණු හාරදාහක් වැඩකරන තැනෙක මට ඔවුන් සෑම කෙනෙක් ම මුණගැසෙන්නේ නැති බව ඇත්ත. නමුත් ඔවුන් සෑම කෙනකුට ම, දිනෙක තමන් සිටිය තැන පිළිබඳ Goal එකක් අප දී තිබෙනවා. අපි ප්‍රතිපත්තියක් ලෙස සියයට අනූවක්ම උසස් පෙළ විභාගයෙන් පමණක් බඳවා ගන්නෙත් ඒ නිසා. වෘත්තීය ජීවිතයේ ඉහළට යා හැකි ක්‍රමවේදයක් සකසාදී තිබෙන මෙවැනි පරිසරයක ඔවුන් ඒ මඟේ ඉහළට යනවා දකින්නයි මං කැමැති.
ඒ කියන්නෙ දැන හැඳුනුකමක් නැතත් උසස් පෙළ ලියූ දරුවන්ට කොමර්ෂල් බැංකුවේ රස්සාව තිබෙනවා...
අපේ වෙබ් අඩවියේ අයදුම්පත තිබෙනවා. ඕනෑම කෙනකුට පුළුවන් ඉල්ලුම් කරන්න. ඇබෑර්තු තිබෙන ආකාරයට ඒ සෑම කෙනකුට ම අදාළ විභාගයට සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න පුළුවන්. අපේ බැංකුවෙ රස්සාවට එන්න දැන හැඳුනුම්කම නෙවෙයි අවශ්‍ය, දක්ෂකම සහ සුදුසුකම පමණයි.
ඒත් ඇයි, තරග විභාග සලකන අනෙක් බැංකු අතරේ උසස් පෙළ සමතුන් පමණක් බඳවා ගන්නේ...
ඒක අපේ සංස්කෘතියක්. එන කෙනා කවුරු වුණත් වැඩ පටන් ගන්නෙ ශාඛාවකින්. ගනුදෙනුකරුවන් අතර වැඩ කරමින් ඔවුන් හොඳ ම අත්දැකීම් ලබනවා. අපි සලකන්නෙ performance වලට. බැඳුණාට පසුව අවශ්‍ය විභාග කරලා සුදුසුකම් හදාගෙන උඩට යන එක තමන් අතේ. අපේ මෙතෙක් පත්වූ හැම CAO කෙනෙක් ම එහෙම පහළ සිට උඩට ආ අය. අද බැඳෙන කෙනාට වුණත් ඒ ඉලක්කය කරා යැ හිකියි.
බැංකු රස්සාවකට යන්න කැමැති තරුණ පරපුරට ඒක හොඳ ආරංචියක් වේවි...
ඇත්තට ම. ඒකම තමයි ක්‍රමයත්. මම සභාපති වුණාට එකම සේවකයෙක්වත් මේ බැංකුවේ රස්සාවට දාලා නැහැ. මගෙන් උදව් ඉල්ලන ඕන කෙනකුට මං පෙන්වන්නෙ මේ විවෘත මාර්ගය.
මොනවද ඔබට ළමයෙක් හැටියට තිබුණු හීන සහ අරමුණු...
අවුරුදු දහයෙ තරම් පුංචි වයසෙදි පවා මං ආසා කළේ ආණ්ඩුවේ රස්සාවක් කරන ලොක්කෙක් වෙන්න. නැත්නම් බැංකුවක වැඩ කරන්න. මගේ තාත්තා වෙද මහත්තයෙක් වුණාට, ගොවිතැන් කළාට මේ දෙගොල්ල ම අපේ පවුල්වල හිටියා. ඔවුන් නම්බු නාම ලබන හැටි අනෙක් අය අතරේ පිළිගැනෙන හැටි මං හුඟක් ආසාවෙන් බලා හිටියා. ඉගෙන ගත්තොත් තමයි එතැනට යන්න පුළුවන් කියන එක පුංචි වුණත් මං හොඳින් වටහා ගත්තා.
කොහේද ඔබ ඉගෙන ගත්තෙ...
සාමාන්‍ය පෙළ වෙනකල් හල්ලල මහා විද්‍යාලයේ. ඒ පාසලේ ඉතිහාසයේ විශිෂ්ට ම ප්‍රතිඵල ලැබුවේ මං. 1967 අවුරුද්දෙ වැඩ අටෙන් හයකට ම විශිෂ්ට සාමර්ථ්‍ය. ඊළඟට උසස් පෙළ කළේ තෙලිජ්ජවිල මහා විදුහලේ.
ඒ කියන්නෙ ඔබ පුංචි කාලෙත් දක්ෂයෙක්...
නැහැ මම පොඩි ම කාලෙ දක්ෂයෙක් නෙවෙයි. මට බැරි වැඩ හුඟක් තිබුණා. හෝඩියෙදි උගන්වපු කවි සින්දු චිත්‍ර අත්වැඩ මට බැරිම දේවල්. ඒවට ලැබුණෙ ම බිංදු. චිත්‍ර ගුරුතුමී පංතියට එනකොට මං හැංගුණා. හැබැයි මං ගණිතයේ දක්ෂයෙක්. ගණන්වලට මං හුඟක් ආසා කළා. ටිකෙන් ටික ලොකු වෙද්දි මට බැරි දේට වඩා පුළුවන් දේ සතුටින් කළා. හතේදි තමයි පළවෙනි වතාවට පංතියේ පළවැනියා වුණේ. ඊට පස්සෙ මං දිගට ම පළවැනියා.
ඒ තැනට ඔබට එන්න වුණේ අම්මා තාත්තා නිසා ද...
ඒ දෙන්නට හදන්න පුළුවන් වෙච්චි පුතෙක් නෙවෙයි මම. ඉස්කෝලෙන් ආවා. පොත් ටික තිබ්බා. කෑවා. කොලු රංචුව එක්ක එළියට පැන්නා. වැලිගම - වැලිපිටිය අපේ ගමේ කරක් නොගහපු තැනක් නැහැ. බයිසිකලේ පැදලා පැදලා ගෙදර එන්නෙ මහ රෑට. අම්මා බැනලා අතහැරියට තාත්තා ගහනවා. තාත්තගෙන් බේරෙන්න මුළු රෑම ඇඳ යට රිංගලා හිටපු දවස් තිබුණා.
ඒත් ඔබ සාමාන්‍ය පෙළ ඉහළින් ම සමත් වුණා නේ...
පොතේ ඇලිලා පාඩම් නොකළට මං ඔළුවෙ තියා ගත්තා. තවම මතකයි ඕ - ලෙවල් ප්‍රතිඵල ගෙදර ගිහින් කියපු දවසෙ, තාත්තා අම්මට කිව්වේ ‘අනේ මේ පිස්සා කියන කතා ගණන් ගන්න එපා...’ කියලා. ළමයි දහදෙනෙක් හිටි පවුලෙ මං හතරවැනියා. තාත්තටත් ආං බාං කරන්න බැරි වෙච්චි, වැඩියෙන් ම ගුටිකාපු දඟම නරක ම ළමයා මං. ඒ නිසා තාත්තා මං ගැන එහෙම හිතන්න ඇති.
ඔබ උසස් අධ්‍යාපනය ලැබුවේ...
කොළඹ විශ්ව විද්‍යාලයේ. වාණිජවේදී උපාධියෙන් පස්සෙ රස්සා කිහිපයක් ම ලැබුණා. මං තෝරා ගත්තා ලංකා බැංකුව.
අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද...
ළමයි දහ දෙනෙක් හදපු වඩපු අපේ අම්මා තාත්තා තමයි අපේ ජීවිතවලට ගුණ දම් පුරුදු පුහුණු කළෙත්. අදටත් මම කාපු පිඟාන මම හෝදනවා. පුංචි කාලෙ ඒක නියමයක්. ඒ වගේ ම දහ දෙනාට ම පැවරුණු ගෙදර දොරේ වැඩ තිබුණා. මං කළේ හාල් සිල්ලර ගේන්න කඩේ ගිය එක. ගණං කාරයා මං නිස, ගනුදෙනු ගාණට බේරගෙන ඒ වැඩේ කරන බව අම්මා දැනගෙන හිටියා. ඒ වගේ ම අදත් මං ආසාවෙන් කරන ගෙවතු වගාවේ පුරුද්ද මට ලැබුණෙ තාත්තාගෙන්. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියන්නෙත් හොඳ කළමනාකරණ පාඩමක්. අම්මලා තාත්තලා මේවා කිව්වෙ උපහැරණෙන්. ලොකු මැනේජ්මන්ට් තියරි වලට වඩා දෙයක් මේ පාඩම්වල තිබෙනවා.
එතකොට අරපිරිමැස්මේ පාඩම...
මං තාත්තගෙන් වවන්න පොඩි ඉඩං කෑල්ලක් ඉල්ලා ගත්තා. ඒකෙ බටු, මිරිස්, මෑ, රතු ලූනු, නිවිත, බඩඉරිඟු වැව්වා. එක අවුරුද්දක අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහත්තයා අතින් මගේ කොටුවෙදිම හොඳම ගෙවත්තට මං සහතිකයක් ලැබුවා. ඒ පාසල් දරුවන්ගේ වගා සංග්‍රාමික වැඩසටහනක් වෙනුවෙන්. අවසානයේ මං මේ ඵලදාව බයිසිකලේ තියාගෙන පොළට අරන් ගිහින් විකිණුවා. මට අවශ්‍ය සපත්තු පොත් පත් ගත්තා. අම්මා තාත්තට කරදර නොකර යමක් උපයා සපයා ගන්න ජීවිත පාඩම මම ඉගෙන ගත්තෙ මගේ එළවළු කොටුවෙන්.
මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය...
මං ලොකු හීනවලට ආසයි. ඒවා හඹා යන්නත් දක්ෂයි. ලංකා බැංකුවේ වැඩකරන කාලෙ තව ඉගෙන ගන්න ඕනෙ කියන සිතුවිල්ල ආවා. මං බැංකුවට බැඳුණා. පිටරට ගිහින් නොමිලයේ ඉගෙන ගන්න එතැන ඕනෑතරම් අවස්ථා තිබුණා. බැංකුව තමයි, එංගලන්තයේ ලීඩ්ස් විශ්වවිද්‍යාලෙ පශ්චාත් උපාධිය සඳහා සියලු වියදම් දැරුවේ. ආපහු ඇවිත් මං අර්ථ ශාස්ත්‍රඥයෙක් විදිහට උසස්වීම් ලැබුවා. සුදුසුකම් හදාගත්තම වැටුප් වර්ධක ලැබුණා. ඊළඟට ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ, සහකාර අධිපති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති විදියට පියවරෙන් පියවර ඉදිරියට ම ආවා. මට මේ සියලු මාවත් හෙළි වුණේ මහ බැංකුවට යන්න මං ගත්තු ඒ තීරණය නිසා.
ඔබ ජීවිතය සැලසුම් කරන කෙනෙක් ද...
ඒ පුරුද්ද මට ආවේ විශ්වවිද්‍යාල ජීවිතයෙන්. මගේ ඉදිරි අනාගතය මං කල් ඇතුව හැදුවා. 1977, JR යුගයේ කෝට්ටේ අග නගරය බවට පත්කරන විශාල සිතියමක් පත්තරේ පළ කළා. එහි ප්‍රවාහන සැලැස්ම අධ්‍යයනය කරපු මං, සියලු ගමන් පහසුකම් ඇති තැන් හෙව්වා. ඒ හොයලා ITN එක ඉස්සරහා රුපියල් හාරසීය ගානේ පර්චස් විස්සක් ගත්තා. අද එතැන පර්ච් එකම මිලියනයක්. ඒ විතරක් නෙවෙයි මං විවාහ වුණෙත් සත පහක වියදමක් නැතිව.
ඒ කොහොමද...
මං කසාද බැන්දෙත් බැංකු නිලධාරිනියක්මයි. මං මනමාලිගේ පැත්තටත් කරුණු කියලා උත්සවයක් නොගෙන බඳින්න තීරණය කළා. හැබැයි මගේ ළඟ සල්ලි ටිකක් තිබුණා. මං කළේ නෝනවත් එකඟ කරගෙන උත්සවයක් නොගෙන ඒ සල්ලිවලින් කාර් එකක් ගත්තු එක. අම්මලා තාත්තලා බොහොම සුළුවට හැමදේම කරලා දුන්නා. මං ගේත් බාගෙට හදලා තිබුණා. මගේම කාර් එකේ මංගල ගමනත් ගිහින් බාගෙට හදපු අපේ ගෙදර පදිංචි වෙලා ටික ටික හදාගත්තා. ඒ දවස්වල ම අපේ හිතවතෙක් හිල්ටන් හෝටලයේ මඟුල ගත්තා. මඟුල් ගෙදරින් පස්සෙ අපි දෙන්නා කාර් එකේ වැඩට යනකොට, අර දෙන්නා බෙල්ල නවාගෙන යන ප්‍රයිවට් බස්වල නැගලා වැඩට යනවා. මේකට තමයි ජීවිතේ සැලසුම කියන්නේ.
බොහෝ සභාපතිවරු තෝරන්නේ Branded දේ. ඔබත් එහෙමද...
කාලයක් උපරිම ලෙස තිබුණා. මං වොෂින්ටන්වල IMF වැඩකරන කාලෙ ඇන්දේ ‘ඩොනල්ඩ් ෙජ්. ට්‍රම්ප්’ ෂර්ට්. එතකොට ඇමරිකාවේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්. ට්‍රම්ප්ගේ ඇඳුම් ව්‍යාපාරයේ එයාගෙ Brands ආවේ එයාගෙ ම නමින්. ඒ කාලෙ Brand එකක් හැටියට මිස දේශපාලකයෙක් හැටියට ඔහුව කවුරුත් දන්නෙවත් නැතුව ඇති. අවුරුදු අටක් ගතවෙලත් අදත් මං ඒ ෂර්ට් තුනම අඳිනවා. මං Branded දේට අකැමැති නැහැ.
කෙනකුට වෘත්තීය ජීවිතේ ඉහළට යන්න පුළුවන් හොඳ ම සාධයක් කියන්න...
අභ්‍යාස කරන තරමටයි ශාස්ත්‍රය පිහිටන්නේ. ඒ වගේ ම ඕනෑ ම අවාසිදායක අවස්ථාවක තමන්ට පාඩුවක් යැයි නොසිතා, එය හොඳම අත්දැකීමක් ලෙස බාරගන්න. පරිවර්තන, වෙනස්වීම් වැනි කුමන වාතාවරණයකදි වුණත් මුහුණ දෙන්න හොඳම විදියත් ඒකයි.
රෑ වෙනකල් වැඩකරන ඔබ වැනි අයට ගෙදර ජීවිතයක් තිබෙනවද...
Time Management කියන්නෙ කාලය කළමනාකරණය කිරීම විතරක් නෙවෙයි, ජීවිතය පුරාම හැමදේට ම කල් ඇතිව සූදානම් වීම. ‘පොයින්ට්’ එකට වැඩ කිරීම. පොයින්ට් එකට කතා කිරීම. අපි මීටිමට එන්න ඕනේ ‘හෝම්වර්ක්’ කරලා. කලින් සූදානම් වෙලා. අනික් අයගේ කාලෙත් කාලා දිගට දිගේ ඇදිලා යන මීටින් මම තියන්නෙ නැහැ.
ඔබ සාර්ථක පියෙක් කියලා හිතනවද...
මට ඉන්නෙ නිවුන් පුතාලා දෙන්නෙක්. දෙන්නම ඇමරිකාවේ මේරිලන්ඩ් යුනිවර්සිටියෙ උපාධිධාරින්. පොඩිකාලෙ චිත්‍ර නැටුම් සංගීතයට මං අකැමැති වුණාට මගේ එක පුතෙක් නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ Film Directing මාස්ටර්ස් උපාධියකුත් කරනවා. ඒ දෙන්නා මට හුඟක් කිට්ටුයි.
විශ්‍රාම ගිය දවසට ඔබ මොනවා කරයිද...
වවයි. දැනටමත් මං ඒ වැඩේට අත ගහලා තියෙන්නේ. හංවැල්ලේ අක්කර හතක පොල්, ගස්ලබු, ගම්මිරිස්, කෙසෙල් හා තවත් පළතුරු, එළවළු ගණනාවක් වවනවා. විශ්‍රාම ගියාම ඒ වත්තෙම නවතින්න ගේකුත් හදනවා. එතැන මට ගම වගෙයි. ආපහු පුංචි කාලෙ ජීවත්වුණු ගම මතක් කරගෙන මං එතැනම ජීවත් වෙයි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
http://www.silumina.lk/2016/12/18/_art.asp?fn=sl1612181