පොඩි කාලේ කරපු ගොන් වැඩ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ සීන් එක උනේ මම පොඩිම කාලේ.. මට මතක විදිහට මොන්ටිසෝරි යන දවස්වල හරි, ඉස්කෝලේ එකේ පන්තියේ ඉන්න දවස්වල හරි... :yes::yes:

    ඒ කාලෙ තමයි මම නාහෙට අහන්නෙ නැති කාලෙ..:baffled::baffled:

    ඉස්සර අපේ ආච්චිලාගෙ ගෙදර ඉව්වෙ දර ලිපෙන්...:dull::dull:
    ඒක නිසා අපේ සීයා ගොඩක් දවස් වලට අපේ ගේ පිටිපස්සට ඇවිත් පොල්කටු එහෙම ඇහිඳගෙන යනවා.:yes::yes:


    කියන්න විලි ලැජ්ජයි.....:sorry::sorry:


    මමත් ඉතින් පොඩි කමට ඒ පොල් කටු වලට චූ කරල.., සීයා ඒව උස්සගෙන යනකන් බලං ඉන්නවා හිනා වෙවී වෙවී...:eek::eek:

    එක දවසකුත් ඒකම කරල බලා ගෙන ඉන්නකොට, මෙන්න යකෝ සීයා එනව මල පැනල වගේ අපේ අම්මටත් අම්බානක බැන බැන...:shocked::shocked:

    පොල්කටු වල වතුර පුරවලා පේලියට තියල තැනම... මේවයේ ඊට පස්සෙ මදුරුවොත් බෝවෙනවනේ....:frown::frown: හොඳටම පල් වෙලා ගඳ ගහනවත් එක්ක...:baffled::baffled:
    පොල්කටු එපා නං අපේ ගෙදරටවත් ගෙනත් දැම්මනං ඉවරයිනෙ.....:growl::growl: කිය කිය තවත් මොන මොනවදෝ හෑල්ලකුත් කියෙව්ව...

    අපේ අම්මත් ඇස් දෙක ලොකු කරං අහගෙන ඉන්නවා මොකද්ද බොලේ මේ, සීය කියවන කුණුහරුපෙ කියලා...:oo::oo:
    මොකද අපේ අම්මා පොල්කටු අනිත් පැත්ත හරවලා ගේ පිටිපස්සේ එක තැනක තියලයි තිබුනේ...:yes::yes:

    මම ඒ ටික ලස්සනට එක පෝලිමකට තියලයි වැඩේ දුන්නේ...:P:P

    ඒ මදිවට අපේ සීය පොල් කටු වගයක් පිළිවෙලකට අතේ තියා ගෙන ඉන්නව දැක්කහම මමත් හරක වගේ හෙන හයියෙන් හිනා වෙන්න පටං ගත්ත...:rofl::rofl:

    ඇයි බං මගේ වැඩේ එහෙම්පිටින්ම සාර්ථකයිනේ...:P:P

    සීයට තවත් මළ පනීන්න ඇති...:angry::angry: ඒත් ඉතිං මම පොඩි එකානේ....;);) අනික හිනා වෙන්නෙ මොකටද දන්නෙත් නෑනේ...:growl::growl:

    ඔන්න අපේ අම්මට ඒපාර තවත් පුරස්නයක්, මූට මොකද උනේ කියලා...:confused::confused:

    මමත් ඉතින් සීය යනකන් ඉඳලා, හිනා වෙවී වෙවීම අම්මට සීන් එක කිව්ව... :sorry::sorry:
    අපෙ අම්මත් තරහ ගිහින් වගේ පෙන්නන්න හැදුවට හිනා යනවා හෝ ගාලා...
    මොකද ෂුවර් එකටම , සීය පොල්කටු සෙට් එකේ තිබ්බ බඩු ටික සුද්ද කර කර මදුරුවන්ටයි අපිටයි බැන බැන ඒව එකතු කරපු හැටි
    අම්මටත් මතක් වෙන්න ඇති...:rofl::rofl:

    පස්සේ ඉතින් අම්ම දුවල ගිහින් සීයට කිව්වා තාත්තා මීට පස්සෙ වතුර පිරිච්ච පොල්කටු ඇහිඳින්න යන්න එපා.!:eek::eek: අපේ පුතා ඒවට චූ කරල තාත්ත ඒව හල හල අපිට බැන බැන යන හැටි බලාගෙන හිනා වෙනව කියලා...:oo::oo:

    අපේ සීයටත් ඉතින් තමන්ගෙම දුවව මතක් වෙන්න ඇති මම ඒ කරපු කුජීත වැඩේ නිසා...:P

    :baffled:ඔය කතාව කිය කිය අදටත් අපෙ අම්මා මාව බයිට් කරනවා...:baffled:ලැජ්ජාවේ බෑ යොකොව්...:sorry::sorry:

    කරපු ගොංවැඩ නං එකක් කියලා නෑ...!:yes:
    පොඩි කාලෙ, ලොකු
    කාලෙ කියල වෙනසකුත් නෑ...:dull::dull: තාමත් අනන්තවත් ගොං කං කරනවා...:sorry::sorry:


    :sorry::sorry:හපෝයි... ඒත් බං ඒව මේ වගේ ප්‍රසිද්ධ තැන් වල දාන්න බෑනෙ.. :baffled::baffled:
    අපිත් දැං ටිකක් ලොකුයිනෙ...!
    :P:P
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මටත් ඔය හා සමාන සිදුවිමක් උනා මට කාල වකවානුව මතක නෑ මගේ ලොකු අක්කා දවසක් මාව බලෙන්ම ඈද ගෙන අවා ලිද ලගට නාවන්න කියලා මට මතක විදිහට මන් සෙල්ලම් කර කර් හිටියේ ඉතින් ලොකු අක්කා මව නාවන්න අල්ලන් ඉන්නෑද්දි මගේ බාල අක්කා ලිදෙන් වතුර අදිද්දි මන් ගෑහුවා පයින් පාරක් පොඩි අක්කා කෙලින්ම ලිදේ ඉතින ගහපු ගමන් මන් පෑනල දුවලගිහින් ආච්චි අම්ම ගාව හෑන්ගුනා ඔය වෙලාවේ අපේ තුන් වෙනි අක්කා ලිදට වෑටිච්ච එක්කෙනව ගොඩට ගන්න එක හින වෙවි බලන් හිටියා(අපෙ මාමා කෙනෙක් තමයි ක්ශනිකව ලිදට බෑස්සේ පොඩි අක්කව ගන්න )ඉතින් ඔක ආරන්චි වෙච්ච හෑටිය අපේ තත්තා කෙන්තියෙන් අපු ගමන් ලිද ලග ආත්ල් එකේ වෙච්ච සීන් එක බල බල හිටිය තුන් වෙනි අක්කට දුන්නා පාරක් කෙලින්ම අතෙ අගිලි පහ අච්චුව ගෑහුව වගේ පිට රතු වෙන්න තත්තා දෑනන් හිටියෙ නෑ එවෙලේ මන් තමයි එ වෑඩේ කලේ කියලා තාත්තා හිතල තියෙන්නෙ එ ගුටි කාපු අක්කා තමයි පොඩි අක්කාව ලිදට තල්ලු කලේ කියලා අනේ ඉතින් අපේ ආච්චි අම්මට පින් සිද්ද වෙන්න මන් එදා තත්තගෙන් ගුටි නොකා බේරුනා...අපේ අච්චි අම්මා දෑන් මිය ගිහින් අනේ ඉතින් එයා ඉන්නෑද්දි මන් ඔය වගේ අසමජ්ජාති වෑඩ කරල අනන්තවත් තාත්තාගෙන් ගුටි කන්න ගිය එවගෙන් බෙරිල තියෙනව...:P:P:P:P