පොඩි කෙල්ලෝ ඉන්නේ බඳින්න නෙමෙයි බන්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
පොඩි කෙල්ලෝ ඉන්නේ බඳින්න නෙමෙයි බන්

බාලවයස්කාර විවාහයන්ට හඬ නැඟූ තරුණියක්​

attachment.php


බාලවයසේ පසුවෙන දැරියන් විවාහ කර දීමෙන් බොහෝ විට වැඩිහිටි උදවියගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමක් මිස ගැහැණු දරුවන්ට සිද්ධ වුන සෙතක් ශාන්තියක් නම් නැත. ආසියානු කලාපයේ ළමා විවාහ මහත් වූ ඛේදජනකයක් ලෙස සැලකුනත් තවමත් අප්‍රසිද්ධියේ බාලවයස්කර දැරියන් විවාහ කර දීමට නැවතුම් තිතක් තබා නැත.



ආසියාතික රටවල බාලවයස්කාර විවාහයන්

පකිස්ථානයේ විවාහක කාන්තාවන්ගෙන් 20% ක්ම විවාහ ජිවිතයට ඇතුලත්ව ඇත්තේ වයස අවුරුදු 18 ට පෙරාතුවයි. ලෝකය පුරා සිදු වෙන බාල වයස්කාර විවාහයන්ගෙන් 40% ක්ම ඉන්දියාවේ සිදු වෙන බව වාර්තා වෙනවා. බංගලාදේශයේ ගැහැණු දරුවන්ගෙන් 20% ක්ම විවාහ ජිවියට ඇතුළු වෙන්නේ වයස අවුරුදු 15 ටත් පෙරාතුවයි. පකිස්ථානයේ පවුල් දෙකක් අතර වූ අරගලයක් නිසා වයස අවුරුදු 9 ක දැරියකගේ මනාලයා වනුයේ වයස අවුරුදු 11 ක පිරිමි දරුවෙක්. ජිවිතේ පිලිබඳව කිසිම අවබෝධයක් නොමැති මේ කුඩා දරුවන් විවාහ කර දුන්නේ ඉතාම අසාධාරණ හේතුවක් පදනම් කර ගෙනයි.



බාලවයස්කාර විවාහයන් ( Marriage ) සඳහා සහනයක් දීමට ආරම්භ වූ ” භාරතී සාරය ” පදනම

මේ දැරියගේ සහෝදරයාගේ බිරිඳ ස්වභාවික හේතු මත මරණයට පත් වුනත් ඔවුන් කියා සිටියේ එය මිනීමැරුමක් බවයි. මෙම චෝදනාවෙන් පවුල නිදහස් කිරිමට නම් මෙම දැරිය තම පවුලේ ඥාති පිරිමි දරුවෙක් සමග විවාහ කළ යුතු බව ඔවුන් තරයේම කියා සිටියා. අවසානයේදි දෙපාර්ශවයේ එකඟතාවය මත විවාහය සිදු කිරීමට තීන්දු වුනත් පන්ජාබ් පොලීසියේ මැදිහත් වීමෙන් බාල දරුවන්ගේ විවාහය නතර කළා පමණක් නොව සිද්ධියට සම්බන්ධ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.



ඉන්දියාවේ ” භාරතී සාරය ” පදනම ආරම්භ වුයේ ළමා විවාහ වෙනුවෙන් සහනයක් ලබා දීමටයි. මේ පදනම පිහිටුවා ගත් සාන්තදේවී මේඝ්වාල් විවාහ වුනේ තොටිල්ලේ ලී වැට පනින්නත් පෙරාතුවයි. ඇගේ මනාලයා වූ සන්වල්රාම්ට වයස අවුරුදු නවයයි. මේ කිරිසප්පයන් විවාහ කිරිමට උනන්දුවෙන් කටයුතු කරනු ලැබුවේ සාන්තදෙවිගේ අත්තම්මා සහ සීයායි.



විවාහ වුනත් මේ දරුවන් දෙදෙනා සාමාන්‍ය පරිදි ජිවිතයේ කටයුතු ඉදිරියට කර ගෙන ගියා. වෙනත් දරුවන් වගේම මේ දෙදෙනා පාසල් ගියා. නමුත් දරුවන් අතර රහස් රකින්න අපහසුයි. සාන්තදෙවී සහ සන්වල්රාම් විවාහ ගිවිස ගෙන සිටින බව ගෙදරදි වැඩිමහල් උදවිය කතා බහ කරනවා. මේ තොරතුරු දැනගත් දරුවන් සාන්තදේවිට විහිළු කරන්න පටන් ගත්තා. ඇයට මහත් වේදනාවක් දැනුනා. නිවසට පැමිණි ඇය මව්පියන්ට මේ ගැන කිව්වාම ඔවුන් කියා සිටියේ සිද්ධිය ඇත්තක් බවයි. ඇය මව්පියන්ට නොසෑහෙන්න දොස් නැගුවා.





ඒ අවස්ථාවේදි මව්පියන් කියා සිටියේ මෙය අත්තම්මාගේ සහ සීයාගේ උවමනාවට සිදු වුන බවයි. තමන්ගේ දරුවාගේ ජිවිතය ගැන අත්තම්මා සියාගේ උපදෙස් වලංගු නැති බව සාන්තදේවි මහත් කෝපයෙන් සහ වේදනාවෙන් කියා සිටියා. මගේ ජීවිතය මට උවමනා විදිහට මිසක අත්තම්මා සහ සීයා අත නැටවෙන රූකඩයක් නොවන බව කියා සිටි සාන්තදේවි මම ඔය විවාහයට සූදානම් නැතැයි බොහොම ආවේගයෙන් කියා සිටියා. සාන්තදේවිගේ විප්ලවය විවාහ ගිවිස ගත් පිරිමි දරුවාගේ පවුලේ උදවියට ආරංචි වුනා. මේක අපට ලැජ්ජාවක්…අපේ පුතාට අවනම්බුවක්…



සන්වල්රාම්ගේ පවුලේ උදවිය ගමේ යුක්තිය වෙනුවෙන් වු ” පන්චායත් ” සභාවට පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා. මේ වෙන විට සන්වල්රාම් වයස දහඅටක තරුණයෙක්. දැන් අපේ වයස හරි…. අපි එකවහලක්යටට වෙමු… ඔහුගේ යෝජනාව සාන්තදෙවී එකහෙලාම ප්‍රතිෙක‍ෂ කළා. එහෙත් සන්වල්රාම් පසුබට වුනේ නැහැ. හොඳින් බැරිනම් නරකින් … ඔහු සාන්තදේවිට අඩන්තේට්ටම් කිරිමට පටන් ගත්තා. බිමත්ව ඇවිත් ඇයට පහර දෙන්නට සහ නොමනා ලෙසින් බැන වැදුනා. බලහත්කාරයෙන් ඇය රැගෙන යන්නට කිහිප වතාවක්ම උත්සාහ කළත් ගම්මුන්ගේ මැදිහත් විමෙන් එය වැලකී ගියා.



දැන් සාන්තදේවිට ගමේ ජිවත්විම මහත් තර්ජනයක්. ඇය රහසේම නිවසින් ගොස් ජායිපුර්හි සමාජසේවිකාවක් වු ක්‍රිති භාරතී සමග එක් වුනා. ඇය විසි හය හැවිරිදි තරුණියක් . ළදරු විවාහයන්ට එරෙහිව ඔවුන් සංවිධානයක් පිහිටුවා ගත් අතර එම සංවිධානය ” සාරතී භාරය ” යනුවෙන් නම් කරනු ලැබුවා. ක්‍රිතිගේ සහයෝගය ලබා ගෙන සාන්තදෙවී ඇගේ විවාහය අවලංගු කළද නැවත විවාහ විමට කිසිම බලාපොරොත්තුවක් ගොඩ නොනැගෙන තරම් මානසික ගැටුමකට ඇය මුහුණ දී සිටිනවා. දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ඇය ජිවිතයම අවිවාහකව ගත කිරිමට සුදානම්ව සිටිනවා.



එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් ළදරු විවාහ මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරිමක් විදිහට පෙන්වා දුන්නත් මේ තත්වය තවමත් පවතිනවා.එක්සත්ජා තින්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙන අන්දමට ලොව පුරා මිලියන 67 ක් බාලවයසේදී විවාහ වි සිටිනවා. මේ අයගෙන් බහුතරයක් ආසියානු කලාපයට අයිතියි.




source http://thewoman.lk/marriage-childhood-marriages/
 

Attachments

  • marriage thewoman.lk 2.jpg
    marriage thewoman.lk 2.jpg
    39.9 KB · Views: 439
  • Like
Reactions: rm1980

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,072
    8,402
    113
    Kotahena
    ඒක නෙමෙයි අැයි බං උඹ කෙල්ලෙක් ගෙ නමින් පෝස්ට් කරන්නේ? මෙකේ උන්ව රවට්ටලා traffic ගණනද?
    නැත්තං Lesbian කෙල්ලෙක් ද :rolleyes:
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    ඒක නෙමෙයි අැයි බං උඹ කෙල්ලෙක් ගෙ නමින් පෝස්ට් කරන්නේ? මෙකේ උන්ව රවට්ටලා traffic ගණනද?
    නැත්තං Lesbian කෙල්ලෙක් ද :rolleyes:

    මේකනේ මල්ලි මම කෙල්ලෙක්ගෙ නමින් පොස්ට් කරන්නේ මම කොල්ලෙක් නොවන නිසා. මම Lesbian නෙමෙයි. මට එහෙම වෙන්න ඕනිත් නැහැ. මම article දානවා. ඔයාට එක ප්‍රශ්නයක් නම් ඔය මගේ article SKIP කරන්නකෝ.....................
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    ඒක නෙමෙයි අැයි බං උඹ කෙල්ලෙක් ගෙ නමින් පෝස්ට් කරන්නේ? මෙකේ උන්ව රවට්ටලා traffic ගණනද?
    නැත්තං Lesbian කෙල්ලෙක් ද :rolleyes:


    Dude, WTF is wrong with you? Focus on the article or move on/
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිනිස්සුන්ගෙ ආයුෂ අඩු වීගෙන යන්නේ.. ඒනිසා විවාහ වන වයස 16 විදිහට සම්මත කරන එකයි කල යුත්තේ..උසස්පෙළ පාසල් අද්යාපනයත් 16 වෙනකොට ඉවර වෙන විදිහට නීති හැදෙන්න ඔනි .. මේ රටේ වෙන්නේ වයස ගතවෙමින් මිනිස්සු කාලකන්නි වෙන එක විතරයි ..:rolleyes:
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    මිනිස්සුන්ගෙ ආයුෂ අඩු වීගෙන යන්නේ.. ඒනිසා විවාහ වන වයස 16 විදිහට සම්මත කරන එකයි කල යුත්තේ..උසස්පෙළ පාසල් අද්යාපනයත් 16 වෙනකොට ඉවර වෙන විදිහට නීති හැදෙන්න ඔනි .. මේ රටේ වෙන්නේ වයස ගතවෙමින් මිනිස්සු කාලකන්නි වෙන එක විතරයි ..:rolleyes:


    hmm
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මිනිස්සුන්ගෙ ආයුෂ අඩු වීගෙන යන්නේ.. ඒනිසා විවාහ වන වයස 16 විදිහට සම්මත කරන එකයි කල යුත්තේ..උසස්පෙළ පාසල් අද්යාපනයත් 16 වෙනකොට ඉවර වෙන විදිහට නීති හැදෙන්න ඔනි .. මේ රටේ වෙන්නේ වයස ගතවෙමින් මිනිස්සු කාලකන්නි වෙන එක විතරයි ..:rolleyes:

    Life_Expectancy_at_Birth_by_Region_1950-2050.png