පොඩි ගැටලුවක්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඇයි බුදුහාමුදුරුවොම බුදු කෙනෙක් වෙලා
    දේවදත්තම ඒ වගේ පව් කාරයෙක් වුණේ..

    අපි හැමෝම සමානයි. හැමෝගෙම එකම විභවයක් තියෙන්නෙ
    පුද්ගලයෙක් සංසාර ගමනෙ මුහුණ දෙන අත්දැකීම් අනුව තමා එයාගෙ පුරුදු වෙනස් වෙන්නෙ..
    ගැඹුරට හිතල බලනවනං ඇත්තම කියනවනං මේක අහම්බයක්

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    හැබැයි සංසාරෙ කවදහරි දවසක මේ ගමන යන්ඩ බුදුන්ට හිතක් පහල වුණානං, එදා ඉදං එක අධිශ්ඨානෙකින් මේ ගමන එන්ඩ ඇති..
    ඒ හිතම වෙන කෙනෙකුට පහල වුණානං ඒකයි මම අහන්නෙ

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    හැබැයි සංසාරෙ කවදහරි දවසක මේ ගමන යන්ඩ බුදුන්ට හිතක් පහල වුණානං, එදා ඉදං එක අධිශ්ඨානෙකින් මේ ගමන එන්ඩ ඇති..
    ඒ හිතම වෙන කෙනෙකුට පහල වුණානං ඒකයි මම අහන්නෙ

    https://si.wikipedia.org/wiki/නියත_විවරණ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    මචං මම කතෝලිකයෙක් වුණාට බුද්ධාගමේ කියන දේවල්වලට මාරම ආසයි :cool:

    ඒත් නිවන්දැකල මේ සේරම අතඇරල දානව කිව්වම මාර දුකක් දැනෙන්නෙ

    අවිහිංසාව අතින් බුද්ධාගම තරම් දහමක් මේ ලෝකෙ තවත් නෑ

    සත්තුන්ට පවා කරුණාව දක්වන්ඩ කියල තියෙන්නෙ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මචං මම කතෝලිකයෙක් වුණාට බුද්ධාගමේ කියන දේවල්වලට මාරම ආසයි :cool:

    ඒත් නිවන්දැකල මේ සේරම අතඇරල දානව කිව්වම මාර දුකක් දැනෙන්නෙ

    අවිහිංසාව අතින් බුද්ධාගම තරම් දහමක් මේ ලෝකෙ තවත් නෑ

    සත්තුන්ට පවා කරුණාව දක්වන්ඩ කියල තියෙන්නෙ

    උඹට දුක දැනෙන්නේ බැදීම් නිසා සහ මේ ලෝකේ තියෙන දේවල ආශ්වාදය දකින නිසා ඒත් ආශ්වාදය තියෙන හැම තැනකම සුළු ආශ්වාදයකුත් මතුපිටින් නොපෙනෙන මාහා ආදීනවයකුත් තියෙනවා ඒ ආදිනවය උඹම දැකල උඹටම අවබෝධ උනොත් අතාරින්න දුකක් දැනෙන එකක් නෑ ඔය මට හිතෙන විදිය
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹට දුක දැනෙන්නේ බැදීම් නිසා සහ මේ ලෝකේ තියෙන දේවල ආශ්වාදය දකින නිසා ඒත් ආශ්වාදය තියෙන හැම තැනකම සුළු ආශ්වාදයකුත් මතුපිටින් නොපෙනෙන මාහා ආදීනවයකුත් තියෙනවා ඒ ආදිනවය උඹම දැකල උඹටම අවබෝධ උනොත් අතාරින්න දුකක් දැනෙන එකක් නෑ ඔය මට හිතෙන විදිය

    මට මේ ලෝකෙ දුකක් කියල හිතෙන්නෙ නෑ

    හැබැයි අපි හැමෝම දවසක මැරෙනව කියන එකනං ලොකු දුකක්

    අපේ අය ලබන ආත්මෙත් හම්බෙනවනං.. එහෙම නැත්තං නං වැඩක් නෑ :sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    නියත විවරණ
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

    නියත විවරණ ලැබීම යනු යම්කිසි මනුෂ්‍යයෙකු බුද්ධත්වයටපත් වන බවට ස්ථිර වශයෙන්ම කරුණු දැන ගැනීමයි. නියත විවරණ දීම බුදුරජාණන් වහන්සේ නමක් විසින් සිදු කල යුතුමය.

    බුද්ධත්වය සඳහා පාරමී දම් පුරන අයෙකු ඒ සඳහා බුදුරජාණන් වහන්සේ නමකගෙන් නියත විවරණ ලබාගැනීම අත්‍යවශ්‍ය දෙයකි. එහිදී එම බුදුරජාණන් වහන්සේ ඔහුගේ බුද්ධත්වය පිළිබඳව ස්ථිර වශයෙන්ම කරුණු කාරණා ප්‍රකාශ කරයි. එසේම බුදු සිරිත පිළිබඳව දේශනා කරති.

    එසේ නමුත් සියලුම දෙනාට එලෙස නියත විවරණ ලබාගැනීම සිදු කල නොහැක. ඒ සඳහා පිරිය යුතු ධර්ම අටක් වෙති.

    බුද්ධ කාරක ධර්ම
    1. මනුෂ්‍යාත්මයක් ලබා තිබීම
    නියත විවරණ ලබාගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා මිනිස් ආත්මයක් ලබා තිබීම අනිවාර්යය. මේ අනුව තිරිසන් සතෙකුට නියත විවරණ ලබා ගැනීමට නොහැක.

    2. පුරුෂයෙකු වීම
    ඔහු පුරුෂයෙකුද විය යුතුය. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ ශක්‍ර දේවේද්‍රයා, මාරයා, බුද්ධත්වය යන මේ තත්වයන්ට ස්ත්‍රී ආත්ම වලට පත්විය නොහැකි බවය. එම නිසා පුරුෂයෙකු වීම අනිවාර්යය වේ.

    3. රහත් වීමට තරම් හේතු වාසනා ඇති බව
    එම ආත්මයෙහි වුවද රහත් වීමට තරම් හේතු වාසනා ඔහුට තිබිය යුතුය.

    4. ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රර්ථනා කිරීම
    බුද්ධත්වයට පත් වීමට බලාපොරොත්තු වන තැනැත්තා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රාර්ථනා කිරිම සිදු කල යුතුය.

    5. 'පැවිදී වී සිටීම
    බුද්ධත්වය ප්‍රාර්ථනා කරන තැනැත්තා පැවිදි බිමට ඇතුලත් වී සිටිය යුතුය.

    6. අෂ්ට සමාපත්තී උපදවා ගත් ධ්‍යානලාභී කෙනෙක් වීම

    7. පාරමිතා ධර්ම පූරණය කිරීමට තරම් හැකියාවක් තිබීම
    බුද්ධත්වය පතන තැනැත්තා ඉන්පසු පිරිය යුතු පාරමිතා ධර්ම රාශියකි. එසේම මෙය ඉතාමත් අසීරු කාර්යයකි. එම නිසා එම පාර්මිතා ධර්ම පිරීමට තරම් මහත් වූ ධෛර්යයක් හා කැපවීමක් තිබිය යුතුය.

    8. බුදුරජාණන් වහන්සේට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම
    බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ තම ජීවිතය පුදා කුසල කර්මයක් සිදු කල යුතුය.

    එවිට බුදුරජාණන් වහන්සේ "මේ පුද්ගලයා මහත් වූ තනතුරක් පතන්නේය" යැයි සිතා තම දිව්‍ය ඥාණයෙන් අනාගතය බලා ඔහුගේ මනෝරථය පූර්ණ වන්නේදැයි වදාරන්නේය. මනොරථය පූර්ණ වන්නේ නම් ඒ කවර කල්හිදැයිද වදාරන්නේය. එසේම එම බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත වදාරන්නේය.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    ඇයි බුදුහාමුදුරුවොම බුදු කෙනෙක් වෙලා
    දේවදත්තම ඒ වගේ පව් කාරයෙක් වුණේ..

    අපි හැමෝම සමානයි. හැමෝගෙම එකම විභවයක් තියෙන්නෙ
    පුද්ගලයෙක් සංසාර ගමනෙ මුහුණ දෙන අත්දැකීම් අනුව තමා එයාගෙ පුරුදු වෙනස් වෙන්නෙ..
    ගැඹුරට හිතල බලනවනං ඇත්තම කියනවනං මේක අහම්බයක්

    මටනම් හිතෙන්නේ පුරුදු අනුව සංසර ගමන වෙනස් වෙනවා කියල...
    මොකද බුදු හාමුදුරුවොයි, දෙවදත්තයි දෙන්නම බුදු වෙන්න පෙරුම් පුරපු අය, සේරිවාණිජ කතාවෙන් තම දේවදත්ත බුදු හාමුදුරුවෝ ගැන වයිරයක් ඇති කරගන්නේ. එකෙන් එයාගේ මුළු සංසර ගමනම වෙනස් උන.
    හැබැයි දේවදත්ත කවද හරි පසේ බුදු කෙනෙකේ වෙනවා... ඒ වගේ අපිත් ඉතින් පුළුවන් තරම් කුසල් රැස්කරගෙන නිවැරදි විදිහට ජිවත් උනානම් හරි.
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    මටනම් හිතෙන්නේ පුරුදු අනුව සංසර ගමන වෙනස් වෙනවා කියල...
    මොකද බුදු හාමුදුරුවොයි, දෙවදත්තයි දෙන්නම බුදු වෙන්න පෙරුම් පුරපු අය, සේරිවාණිජ කතාවෙන් තම දේවදත්ත බුදු හාමුදුරුවෝ ගැන වයිරයක් ඇති කරගන්නේ. එකෙන් එයාගේ මුළු සංසර ගමනම වෙනස් උන.
    හැබැයි දේවදත්ත කවද හරි පසේ බුදු කෙනෙකේ වෙනවා... ඒ වගේ අපිත් ඉතින් පුළුවන් තරම් කුසල් රැස්කරගෙන නිවැරදි විදිහට ජිවත් උනානම් හරි.

    http://www.divaina.com/2010/12/05/siya01.html
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මටනම් හිතෙන්නේ පුරුදු අනුව සංසර ගමන වෙනස් වෙනවා කියල...
    මොකද බුදු හාමුදුරුවොයි, දෙවදත්තයි දෙන්නම බුදු වෙන්න පෙරුම් පුරපු අය, සේරිවාණිජ කතාවෙන් තම දේවදත්ත බුදු හාමුදුරුවෝ ගැන වයිරයක් ඇති කරගන්නේ. එකෙන් එයාගේ මුළු සංසර ගමනම වෙනස් උන.
    හැබැයි දේවදත්ත කවද හරි පසේ බුදු කෙනෙකේ වෙනවා... ඒ වගේ අපිත් ඉතින් පුළුවන් තරම් කුසල් රැස්කරගෙන නිවැරදි විදිහට ජිවත් උනානම් හරි.

    බලං යනකොට හැමදේම අහම්බයක්
    අපේ ගමන තීරනය කරන්නෙ අපි නෙමේ. අපි මුහුණ දෙන අත්දැකීම් අනුව තමා ඒක තීරණය වෙන්නෙ :yes: පුරුදු කියන වචනෙට එතනට ගැලපෙන්නෙ නෑ. පුරුදු කිව්වම එතනට පොඩ ආත්මීය ගතියක් එනව
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    බෝධිසත්වයන් වහන්සේගේ සෑම ආත්ම භවයකදීම දෙව්දතුන් හමු වූයේ නැත. ආත්මභාව දෙතුන් සියයකට වතාවක්‌ හෝ දහස්‌ ගණනකට වතාවක්‌ දෙව්දතුන් හමුවන්නට ඇත. හමු වූයේ කලාතුරකින් වුවද හමු වූ විට බෝසතුන්ගෙන් පලිගත් බව පැහැදිලිය. අවසානයේ ඡේතවනාරාමය අසලදී දෙව්දතුන් අපාගත විය. ඒ ගැන සැවොම කතාකරන්නට විය. දම්සභා මණ්‌ඩපයේදී මේ ගැන කතාබහට ලක්‌විය. එහිදී බුදුන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය යනුවෙන් වදාළහ. කෙසේ නමුත් දෙව්දතුන්ගේ බොහෝ වැරැදි ක්‍රියා නිසාම බුදුන්ගේ උදාර ගුණ ඉස්‌මතුවිය. එම නිසා බුදුගුණ වඩ වඩාත් බැබලෙන්නට වූ බව සටහන් කළ යුතුමය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හැමෝම සමානයි කියල බුද්ධාගමේ කියල නෑනෙ ?
    මොහොතකට පස්සෙ ඉන්නෙ මොහොතකට කලිං හිටපු මමත් නෙමේ කියලනෙ තියෙන්නෙ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    හැමෝම සමානයි කියල බුද්ධාගමේ කියල නෑනෙ ?
    මොහොතකට පස්සෙ ඉන්නෙ මොහොතකට කලිං හිටපු මමත් නෙමේ කියලනෙ තියෙන්නෙ

    අර මම අනාත්ම කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ
    ඒකෙ තරුවකින් පෙන්නුවෙ දෙයක්
    අන්න ඒක ගැන හිතලයි හැමෝම එක සමානයි කියල කිව්වෙ.. ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර මම අනාත්ම කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ
    ඒකෙ තරුවකින් පෙන්නුවෙ දෙයක්
    අන්න ඒක ගැන හිතලයි හැමෝම එක සමානයි කියල කිව්වෙ.. ;)

    ඒක දැක්ක. ඒ ඇත්තට තියෙන දෙයක් නෙමේනෙ නේ ? උඹ නිකං මනඃකල්පිත දෙයක් පැහැදිලි කරන්නෙ ගත්තෙ ?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඒක දැක්ක. ඒ ඇත්තට තියෙන දෙයක් නෙමේනෙ නේ ? උඹ නිකං මනඃකල්පිත දෙයක් පැහැදිලි කරන්නෙ ගත්තෙ ?

    ඒක මනඃකල්පිත දෙයක් නෙමේ :angry:
    ඒකනෙ බුද්ධාගමේ ආත්මයක් නෑ කියල කියන්නෙ
    ආත්මයක් නැති වුණාට නිවන් දකින්ඩනං අපි ඒ තරුව නිමල දාන්ඩ ඕනෙ.
    ඒ තරුවෙන් මම අදහස් කෙරුවෙ අරය මෙයා කියල පුද්ගලයෙක් නෙමේ.. හැමෝටම තියෙන පොදු ගුණයක්. ඒක නිකං තෘෂ්ණාව වගේ දෙයක්

    දැං උඹව ගත්තම උඹේ කිසිම ශාරීරික ලක්ෂණයක්වත් ආත්මීය ලක්ෂණයක්වත් උඹයි කියල ගන්ඩ බෑ. ඒ මොකද ඒ හැම දෙයක්ම වෙනස්වන නිසා.. උඹේ අනන්‍යතාවය හැමදාම වෙනස් වෙනව.. අර තරුව කියන ජීව ගුණය විතරයි ඉතුරු වෙන්නෙ.. ඒක හැමෝගෙම එක සමානයි..
    ඒ තරුවට කිසිම අනන්‍යතාවයක් නෑ..

    සංසාර ගමනෙ අපි මුහුණදෙන අත්දැකීම් අනුව එකම තරු ගොඩකට විවිධ ලක්ෂන එකතු වෙලා තමා විවිධ පුද්ගලයො බිහි වෙන්නෙ

    අපි දැං කිව්වට අපිනං ඒ වගේ පවු වැඩ කරන්නෙ නෑ කියල අපිත් කවදහරි ඒ අවස්ථාවට ආවොත් අපිත් ඒ වැරැද්දම කරනව.. :yes:

    එකම එක පුද්ගලයෙක් ඒ ඒ අවස්ථාවට අනුව විවිධ ජවනිකා නිරූපණය කරනව :yes:
    ජවනිකාවට අනුව අනන්‍යතාවයක් ලැබෙනව, විවිධ පුද්ගලයො ලෝකෙට බිහි වෙනව
     
    ඉතිං බං එහෙම දෙයක් තියෙනව කියල ගන්නව කියන්නෙ ඒක ආත්මීයයිනෙ. වෙනස් වෙන්නැති දෙයක් තියෙනවනෙ ඒ කියන්නෙ ?