පොඩි ප්‍රශ්ණයක්

Dimuth Max

Member
Sep 16, 2017
29
14
0
පොඩි ප්‍රශ්ණයක්

ඈත අතීතයේ ඉඳලම මිනිස්සු අතර හැදුන සත්තු ඉන්නවනේ.බල්ලෝ, පූසෝ, ඌරෝ, හරක්, එළුවෝ, හාවෝ වගේ. උන්ගේ විවිධත්වයක් තියෙනවා. පාට වෙනස් එකම බ්‍රීඩ් එකේ උනත් ඒ වගේ. ඒත්, කැලේ ඉන්න සත්තුන්ගේ එහෙම වෙනස් කමක් නෑ.
එහෙම වෙන්න හේතුව මොකක් කියලද උඹලා හිතන්නේ.
 
chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අනේ මන්දා බං උඹටත් මාර එව්වා හිතෙන්නේ.
    මටනම් ඕකට මගේම උත්තරයක් දෙන්න පුළුවන්. මිනිස්සු ගත්තොත් ඒ අතරත් විවිධත්වයක් තියෙනවා. මම හිතන්නේ වැඩිපුරම විවිධත්වයට නැඹුරු සත්ත්ව කොට්ටාශය. ඉතිම් මිනිස් සමාජය අතර හැදුන වැඩුන සත්තුත් ඒ වගේම විවිධත්වයෙන් යුතුයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැලේ ඉන්න සත්තු අතර ජාන මිශ්‍ර වීම වැඩී ගෘහස්ත සත්තුන්ට වඩා...
     
    Dimuth Max

    Member
    Sep 16, 2017
    29
    14
    0
    කැලේ ඉන්න සත්තු අතර ජාන මිශ්‍ර වීම වැඩී ගෘහස්ත සත්තුන්ට වඩා...

    අපැහැදිලියි, ජාන මිශ්‍රවීම වැඩිනම් විවිධත්වය වැඩි වෙන්න ඕන නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපැහැදිලියි, ජාන මිශ්‍රවීම වැඩිනම් විවිධත්වය වැඩි වෙන්න ඕන නේ.

    :no:

    මෙහෙම හිතපන්...

    ලොකෙ ඉන්න මිනිස්සු ජාති බේද නැතුව හිකුවොත් තව අවුරුදු 100ක් විතර යද්දි එකම ජාතියක් විතරක් තියෙයි මික්ස් වෙලා..
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    because human fucks get tired of seeing same shit everyday and they try to create different different things which they succeeded but ultimately create more & more diseases to those pure animals.
     
    Dimuth Max

    Member
    Sep 16, 2017
    29
    14
    0
    Uba kohomada kalee saththu wenas ne kiyanne

    මුවෝ, වල් ඌරෝ, හාවො ,සීබ්‍රා, ජිරාෆ්, ව්‍යාග්‍රයෝ වාගේ කැලේම ඉන්න සත්තු ගත්තොත්. වෙනස් පාට , පුල්ලි පුල්ලි තියන උන් දැකලා තියෙනවද..? හරියට බල්ලෝ පූසෝ වගේ
     
    Dimuth Max

    Member
    Sep 16, 2017
    29
    14
    0
    :no:

    මෙහෙම හිතපන්...

    ලොකෙ ඉන්න මිනිස්සු ජාති බේද නැතුව හිකුවොත් තව අවුරුදු 100ක් විතර යද්දි එකම ජාතියක් විතරක් තියෙයි මික්ස් වෙලා..

    ඉතිං ඒකනේ බං, දැන් බලපං සුද්දෝ කල්ලෝ එක්ක මික්ස් වෙලා හැදෙන උන් පට්ට ලස්සනයි නේ විවිධත්වයක් තියෙනවා. උඹ කියන විදිහට කැලේ සත්තු අතර ජාන මිශ්‍රවීම වැඩි වෙන්න බැහැ නේද..?
     
    Dimuth Max

    Member
    Sep 16, 2017
    29
    14
    0
    because human fucks get tired of seeing same shit everyday and they try to create different different things which they succeeded but ultimately create more & more diseases to those pure animals.

    :yes::yes::yes:

    Good Point, Datz because we have many defference dog bereeds
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඒකනේ බං, දැන් බලපං සුද්දෝ කල්ලෝ එක්ක මික්ස් වෙලා හැදෙන උන් පට්ට ලස්සනයි නේ විවිධත්වයක් තියෙනවා. උඹ කියන විදිහට කැලේ සත්තු අතර ජාන මිශ්‍රවීම වැඩි වෙන්න බැහැ නේද..?

    නෑ බන්.. එහෙම නෙමෙයි විවිතත්වය අඩු වෙනව,,,,

    සින්හලු එක විදියක්, චින්නු , සුද්ඩො , කල්ලො , ලතින් , ඔය වගේ ජාති වල කොච්චර වෙනස්කම් තියනවද...
    ඒත් ඔය ඔක්කොම ජාති කලවම් උනොත් එකම විදියෙ ජාතියක් හැදෙනව.. උබ කියන විදියෙ විවිදත්වයක් තියෙන්නෙ කලවම් වෙන මුල් කාලෙ... ගොඩක් කාලයක් කලවම් උනාම එකම මහා ජාතියක් බවට පත්වෙනව...

    ගෘහස්ත සත්තු සුකන්නෙ ලිමිටට් බයෝ ඩයිවර්ස් ඒරියා එකක් ඇතුලෙ..සමහර විට ම්නිස්සුන්ගෙ පාලනයටත් ලක් වෙනව..
    ඒත් කැලෑ සත්තු කිසිම ලිමිට් එකක් නැතුව සුකන්නෙ... ඒක නිසා වෙනස්කම් අඩුයි..
     
    Last edited:

    හරි හරි.. කථාව තේරුනා. රෙප් දෙන්න තාම බෑ.. තෑන්ක්ස් කරන්න විතරයි පුළුවන්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202

    මාත් හිතනවා මේක තමයි සීන් එක කියලා. අප්‍රිකානු අලියට ලංකාවට, ඉන්දියාවට ඇවිල්ලා මෙහෙ ඉන්න අලින්ට සුකන්න විදිහක් නෑ ඒ නිසා උන්ගේ ජාති දෙක තාම ඉතුරු වෙලා තියනවා. හැබැයි උන් දෙගොල්ලෝ ඔක්කොම මික්ස් උනොත් වෙනම විදිහක අලි හැදෙයි. ඊට පස්සේ අප්‍රිකානු, ආසියානු කියලා අලි වර්ග දෙකක් නැති වෙයි. අනිත් සත්තු වර්ග ගොඩකට වෙන්න ඇත්තේ ඕක තමයි. මිනිස්සුන්ටත් කවද හරි ඕක වෙයි. එතකොට එක එක ජාතියේ මිනිස්සු නැති වෙයි. නැත්තං දැන් ඉන්න ඔක්කොම උන් හම්බයෝ වෙයි :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කැලේ ගිහිං නැති හින්ද :yes:

    අනික කැලේ ගියත් වෙනස්කම් පේන්න ටිකක් උන්ව දකින්න කරන්න ඕනෙ :yes: දැන් අපිට චීන්නු ඔක්කොම එක වගේනෙ :D ඒ වුනාට උන්ට එහෙම නෑ :yes: මටත් ගෙදර බල්ලෙක් හදන්න කලිං පාරෙ බල්ලො ඔක්කොම එක වගේ පෙනුනෙ :yes: දැන් වෙනස්කම් පේනව :) වැඩිය ඉංග්‍රීසි ෆිල්ම් බලල නැති කෙනෙක්ට ෆිල්ම් එකක් බලන්න දීල පොඩ්ඩක් ප්‍රශ්න කරපංකො :yes: ෆිල්ම් වැඩිය බලපු නැති උන්ට සුද්දොත් වෙන් කල්ල අඳුනගන්න අමාරුයි :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට වෙනස්කම් දකින්න ඕන්නැති තැන් වල මොලේ බලෙන් මහන්සි වෙලා වෙනස්කම් දකින්න යන්නෑ :no: ඒත් ටික කාලයක් එක වගේ දේවල් ගොඩක් දකිද්දි ඒව වෙන් කල්ල අඳුනගන්න එක වැදගත් නං අපි උවමනාවෙන්ම වෙනස් කම් හොයනව :yes: එහෙම කාලයක් හොයද්දි මොලේ වෙනස් කම් හොයන සම්බන්ධතා කාර්යක්ශම කරගෙන කාලයක් යද්දි අපිට නොදැනීම වෙනස්කම හොයල දෙනව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි.. කථාව තේරුනා. රෙප් දෙන්න තාම බෑ.. තෑන්ක්ස් කරන්න විතරයි පුළුවන්.

    මාත් හිතනවා මේක තමයි සීන් එක කියලා. අප්‍රිකානු අලියට ලංකාවට, ඉන්දියාවට ඇවිල්ලා මෙහෙ ඉන්න අලින්ට සුකන්න විදිහක් නෑ ඒ නිසා උන්ගේ ජාති දෙක තාම ඉතුරු වෙලා තියනවා. හැබැයි උන් දෙගොල්ලෝ ඔක්කොම මික්ස් උනොත් වෙනම විදිහක අලි හැදෙයි. ඊට පස්සේ අප්‍රිකානු, ආසියානු කියලා අලි වර්ග දෙකක් නැති වෙයි. අනිත් සත්තු වර්ග ගොඩකට වෙන්න ඇත්තේ ඕක තමයි. මිනිස්සුන්ටත් කවද හරි ඕක වෙයි. එතකොට එක එක ජාතියේ මිනිස්සු නැති වෙයි. නැත්තං දැන් ඉන්න ඔක්කොම උන් හම්බයෝ වෙයි :rofl:

    :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කැලේ ගිහිං නැති හින්ද :yes:

    අනික කැලේ ගියත් වෙනස්කම් පේන්න ටිකක් උන්ව දකින්න කරන්න ඕනෙ :yes: දැන් අපිට චීන්නු ඔක්කොම එක වගේනෙ :D ඒ වුනාට උන්ට එහෙම නෑ :yes: මටත් ගෙදර බල්ලෙක් හදන්න කලිං පාරෙ බල්ලො ඔක්කොම එක වගේ පෙනුනෙ :yes: දැන් වෙනස්කම් පේනව :) වැඩිය ඉංග්‍රීසි ෆිල්ම් බලල නැති කෙනෙක්ට ෆිල්ම් එකක් බලන්න දීල පොඩ්ඩක් ප්‍රශ්න කරපංකො :yes: ෆිල්ම් වැඩිය බලපු නැති උන්ට සුද්දොත් වෙන් කල්ල අඳුනගන්න අමාරුයි :yes:

    ගෘහස්ත සත්තුන්ට වඩා කැලෑ සත්තුන්ගෙ වෙනස්කම් අඩුයි...
    ඇල්සේශන් කෙනෙක්ගෙයි පොමනේරියන් කෙනෙක්ගෙයි ජාන විවිදත්වය ගොඩක් වැඩී කොලබ කාක්කෙකුයි යාපනේ කාක්කෙකුයි අතර ජාන විවිදත්වයට වඩා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෘහස්ත සත්තුන්ට වඩා කැලෑ සත්තුන්ගෙ වෙනස්කම් අඩුයි...
    ඇල්සේශන් කෙනෙක්ගෙයි පොමනේරියන් කෙනෙක්ගෙයි ජාන විවිදත්වය ගොඩක් වැඩී කොලබ කාක්කෙකුයි යාපනේ කාක්කෙකුයි අතර ජාන විවිදත්වයට වඩා

    නිකං ජාන විවිධත්වෙ මැනල බෑනෙ බං බාහිර පෙනුමට බලපාන ජාන වල විවිධත්වෙ මනින්න එපායැ :yes: මං කොහෙ හරි දැක්ක බෝනබෝ වඳුරො ගත්තාම උන් අතරෙ ජාන විවිධත්වෙ මේ ලෝකෙ මිනිස්සු අතරෙ ජාන විවිධත්වෙටත් වඩා වැඩියිලු :yes: ඒත් අපිට බෝනබෝ වඳුරො සෙට් එකක් පෙන්නුවොත් පස්සෙ වෙන් කල්ල අඳුනගන්න බෑනෙ :no:

    පෙනුමට අදාල ජාන විවිධත්වෙත් බලපානව :yes: අපි දකින විදිහත් බලපානව :yes:
     
    මොකද්ද බං ඒ සීන් එක.. ඔකට සමාන කතාවක් නේ මේ වීඩියෝ එකේ කියන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද්ද බං ඒ සීන් එක.. ඔකට සමාන කතාවක් නේ මේ වීඩියෝ එකේ කියන්නේ

    නෑ මේ කියන්නෙ සංවේදී වෙන සෛල වර්ගෙ අනුව මොලේ පාටක් හදල දෙන එකනෙ. මං කියන්නෙ එහෙම දෙයක් නෙමේ දෙයක් මිනිස්සු නිතර නිතර ඇසුරු කරද්දි ඒව වෙන් කල්ල අඳුනගන්න ඕනෙ වුනාම මුලදි අමාරුවෙන් හිතල පොඩි පොඩි details වලට අවධානෙ යොමු කල්ල වෙන් කල්ල අඳුනගන්නව. පස්සෙ කාලයක් යද්දි මොලේ හුරුවෙලා ඒ details වලට නොදැනීම අවධානය යොමු කල්ල වෙනස් කියල අඳුනගන්නව :yes: