පොඩි building එකක් හදන්න.

okokok

Member
Jul 25, 2016
17
0
0
පොඩි building එකක් හදන්න.

කොල්ලනේ, ඔය ශොප් එකක් එහෙම දාන්න පුලුවන් විදියට පොඩි ඉඩක බිල්ඩින් එකක් හදන procedure එක මොකක්ද.? මම ඔය ගොඩනැගිලි ඉදිකිරීම ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.මුලින් අත්තිවාරම දානව කියල විතරයි දන්නෙ. :sorry:

ඒවගෙ පොඩි ඉදිකිරීමක් කරන්න කොච්චර වියදමක් යනවද.? කරන්න ඔනෙ කොහොමහ්ඩ ? බාස්ලගෙන වැඩේ හරියට කරගග්න්නෙ කොහොමද.?

ලන්කාවෙ මේව කෙරෙන විදිය ගැන තියන source තියනවනම් දාපල්ල.

thanks in advance.
 

okokok

Member
Jul 25, 2016
17
0
0
Meke hancok ge reply tika kiyawapan machan. U honda wistharayak damma oya gana.

http://www.elakiri.com/forum/showthread.php?t=1762290

ත්තිවාරම කැපීම (ව.අ)
බේස් වලවල් කැපීම (ව.අ)
අත්තිවාරම බැඳීම (ඝ.අ)
ලීන් කොන්ක්‍රීට් දැමීම අඟල් 2 (ව.අ)
ලී ටයිබීම් දැමීම (කම්බි 2ක් යොදා)
බේස් කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ)
කණු කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ)
බ්ලොක්ගල් බිත්ති බැඳීම (අඟල් 2-පලල ව.අ සඳහා)

මච්න් මේ steps මොනාද කියල කියපන්කො පුලුවන් නම්.
 

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    parking space hodata tiyena widihata hadanta

    diga, palala danne nathuwa yana wiyadama kiyanta amaryi
    meke inna QS lagena yana reates ahaganta pluluwan
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ත්තිවාරම කැපීම (ව.අ)
    බේස් වලවල් කැපීම (ව.අ)
    අත්තිවාරම බැඳීම (ඝ.අ)
    ලීන් කොන්ක්‍රීට් දැමීම අඟල් 2 (ව.අ)
    ලී ටයිබීම් දැමීම (කම්බි 2ක් යොදා)
    බේස් කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ)
    කණු කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ)
    බ්ලොක්ගල් බිත්ති බැඳීම (අඟල් 2-පලල ව.අ සඳහා)

    මච්න් මේ steps මොනාද කියල කියපන්කො පුලුවන් නම්.

    Oya foundation eke indan biththi bandina hariya wenakan seen eka machan. Umba oya wada danne na wage penne. Poddak balagena. Mason bas la umbe datha galawai umbata echechara subject eka ba wage penunoth.
     

    Palihawadana1990

    Well-known member
  • Oya foundation eke indan biththi bandina hariya wenakan seen eka machan. Umba oya wada danne na wage penne. Poddak balagena. Mason bas la umbe datha galawai umbata echechara subject eka ba wage penunoth.

    ත්තිවාරම කැපීම (ව.අ)
    බේස් වලවල් කැපීම (ව.අ)
    අත්තිවාරම බැඳීම (ඝ.අ)
    ලීන් කොන්ක්‍රීට් දැමීම අඟල් 2 (ව.අ)
    ලී ටයිබීම් දැමීම (කම්බි 2ක් යොදා)
    බේස් කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ)
    කණු කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ)
    බ්ලොක්ගල් බිත්ති බැඳීම (අඟල් 2-පලල ව.අ සඳහා)

    මච්න් මේ steps මොනාද කියල කියපන්කො පුලුවන් නම්.

    මේ විස්තර වල කිය වෙන්නෙ, උබ මොකක් හරි ඉදිකිරීමක් කරන්න යනවනම් ඒකෙ මුල ඉදලම කාරන්නෙ කොහොමද කියන එක...

    01 .අත්තිවාරම් කැපීම (මේ කියන්නෙ උබ උබගෙ ගෙදර හෝ බිල්ඩිම හදද්දි FOUNDATION එක දාන්න ඕන පළලට කපා ගන්නා කාණුවට තමයි අත්තිවාර්ම් කපනව කියන්නේ... ඒකට සාමාණ්‍යයෙන් බාස් කෙනෙක් අය කරන්නෙ වර්ග අඩියට... ඒ කියන්නෙ උබ ඉස්සෙල්ල බලන්න ඕන උබ කොච්චර වර්ග අඩි ප්‍රමාණයක් කැපෙනවද කියල.... ඒ අනුව බාසට කියපන් මෙච්චරක් වර්ග අඩි තියෙනව ඒකට ගානක් කියන්න කියල....)

    02. බේස් වලවල් කැපීම (මේ කියන්නෙත් ඔය වගේම දෙයක් තමයි... බේස් වලවල් කපන්නෙ උබ තට්ටු දෙකට හෝ ඊට වඩා වැඩියෙන් හදනව නම් කොන්ක්‍රීට් කණු දාන්න ඕන නේ... අන්න ඒ කොන්ක්‍රීට් කණු වල බර දරා ගැනිමට කොන්ක්‍රීට් වලින්ම බේස් එකක් දාන්න ඕන... අන්න ඒ බේස් එක දාන්න තමයි ඒ වලවල් කපන්නෙ...මම දන්න තරමින් බේ වලවල් කපන ඒවට ගෙවන්නෙ වර්ග අඩි වලින් නෙමෙයි, ඝණ අඩි වලින්.... මොකද බේ වලවල් ටිකක් ජබුරට කපන්න ඕන නිසා.....)

    03. අත්තිවාරම් බැදීම (මේ කියන්නෙ 01 කොටසෙ අපි කපාගත් කාණුවට 6 * 9 ප්‍රමාණයේ හෝ ඊට සමාන ප්‍රමාණයක ගල් යොදා ගනිමින් ශක්තිමත් පාදමක් (FOUNDATION) සකක් කර ගැනීමයි.. මෙය ගෙවීම කරන්නෙ ඝණ අඩි වලින්)

    04. ලීන් කොන්ක්‍රීට් දැමීම (මේකෙන් කියන්නෙ අපි 01 කොටසේ කතා කර අකාරයට කපාගත් කාණුවට දමනු ලබන කොන්ක්‍රීට් තට්ටුවකි... මෙහි උස අගල් 02ක් පමණ (75 මිලි මීරර්) වගේ ප්‍රමාණවත්.. මෙය යොදා ගන්නේ කපාගත් කාණුව ලෙවල් කර ගැනීම සදහා පමණි... මෙයින් කිසිදු ශක්තියක් නොලැබේ... සමහර බාස්ල මේක දාන්නෙ නෑ... මගේ මතය නම් දැම්ම කියල ඇති වැඩක් නෑ....මෙය ගණනය කරන්නෙ වර්ග අඩි වලින්....)


    05.ටයි බීම් දැමීම ( මෙය සිදු වන්නේ 03 කොටසේ කියූ ආකාරයට අත්තිවාරම් බැදීමෙන් පසුව, එය මත කරණු ලබන කොන්ක්‍රීට් තට්ටුවයි.... මෙය නිවසේ, බිල්ඩිමේ ප්‍රමාණය අනුව වෙනස් වේ... සාමාණ්‍ය නිවසක ටයි බීම් එකක උස 200 මිලි මීටර් වගේ යොදා ගන්නව... මෙම කොන්ක්‍රීට් එක සවි බල ගැන්වූ කොන්ක්‍රීට්.. ඒ කියන්නෙ මෙහි අභ්‍යන්තරයට කම්බි යොදා ගන්නව.... මම නම් අනුමත කරන්නෙ 10 මිලි මීටර් විශ්කම්භයක් තියෙන කම්බි 02 ක් හෝ 04ක්... මෙය ගණනය කරන්නෙ ඝණ අඩි වලින්....කම්බිත් ඇතුලුව )

    ඉතුරුව පස්සෙ දාන්නද... තේරුණේ නැත්තම් කියපන්....