පොඩි_එකාගේ_ලියුම

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    පොඩි_එකාගේ_ලියුම

    පොඩි එකාගේ ලියුම


    නාසා ආයතනය විසින් පසුගිය දිනක නවතම රැකියා අවස්තාවක් සදහා ඉල්ලුම් පත්‍ර කැදවා තිබුණා. මෙම රැකියාවේ පඩිය විතරක් ඇමරිකානු ඩොලර් 187,000ක්. ශ්‍රී ලංකාවේ මුදලින් ගත්තොත් මිලියන 28 ක් විතර. දැන් ඔයාල බලනවා ඇති මෙච්චර ලොකු ගානක් ගෙවන මේ රැකියා තනතුර මොකද්ද කියල. මේ තනතුර නම් කරලා තියෙන්නේ "ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරි" කියන නමින්. එනම් Planetary Protection Officer තනතුර.


    මෙහෙදී මෙම පුද්ගලයාගේ රාජකාරිය වන්නේ මිනිසුන් විසින් යවන යානා මගින් යුරෝපා , එන්සෙලඩස් වැනි චන්ද්‍රයන් සහ අනෙකුත් ග්‍රහලෝක දුෂණය වීම වැලැක්වීම( ඒ කියන්නේ අපේ යානාවල කොටස් වලින් ඒ ග්‍රහවස්තුවල කිසිදු පද්ධතියකට හානියක් නොකිරීම ) සහ පෘථිවිය පිටසක්වල ජීවී විශේෂයක් මගින් දුෂණය වීම වැලක්වීම.(බොහෝ වෙලාවට ක්ෂුද්‍රජීවී විශේෂ වලින්(microbes))


    මේකට ඕන QUALIFICATIONS ටික ඔක්කොම මේ link එකේ තියෙනවා. නිකමට බැලුවට කමක් නෑ.


    ඉතින් පුදුම හිතෙන වැඩේ තමයි අවුරුදු 9ක පොඩි ළමයෙකුත් මේකට ඉල්ලුම් කරලා තියෙන එක. ඔහු NASA ආයතනයට ලියපු ලිපිය තමයි මම පල්ලෙහා පරිවර්තනය කරලා තියෙන්නේ. (ඔරිජිනල් එක පල්ලෙහා ඇති)


    හිතවත් නාසා ආයතනය වෙත ,

    මගේ නම ජැක් ඩේවිස්. මම කැමතියි ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරි තනතුරට ඉල්ලුම් කරන්න. මම අවුරුදු 9 පොඩි ළමයෙක් වෙන්න පුළුවන් එත් මම හිතනවා මට මේ රැකියාව කරන්න පුළුවන් කියල. එක් හේතුවක් තමයි මගේ සහෝදරිය මම පිටසක්වල ජීවියෙක් කියල නිතර කියන එක.

    ඒ වගේම මම අභ්‍යාවකාශය ගැන, පිටසක්වල ජීවින් ගැන තියෙන හැම චිත්‍රපටියක්ම වගේ බලලා තියෙනවා. ඒ විතරක් නෙවේ මම "Marvel Agents of Shield" බැලුවා තව "Men in Black" show එකත් බලන්න ඉන්නේ. ඒ වගේම මට හොදට video games ගහන්නත් පුළුවන්. මම පොඩියි! ඒ නිසා මට පිටසක්වලයෙක් වගේ හිතන්න පුළුවන්!

    මීට විශ්වාසී ,
    ජැක් ඩේවිස් ,
    ගැලැක්සි වල ආරක්ෂකයා
    සිව්වන පංතිය
    (Guardian of the Galaxy
    Fourth Grade)

    ඉතින් නසා ආයතනය මේක කියවල තියෙනවා. එයාල මොකක් කරන්න ඇතිද කියලද ඔයාල හිතන්නේ.විශ්වාස කරන්න එයාල මේකට ප්‍රති උත්තරයක් යැව්වා.

    මේ ඒ ලිපියේ පරිවර්තනය.

    හිතවත් ජැක් වෙත,

    මට දැනගන්න ලැබුනා ඔයා ගැලැක්සි වල ආරක්ෂකයෙක් කියල. ඒ වගේම අපේ ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරි වෙන්නත් කැමති කියල. දන්නවද ?ඒ වැඩේනම් සුපිරි!

    අපේ ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරි තනතුර හරි cool job එකක් වගේම වැදගත් වැඩ කිහිපයක්ම කරන්න තියෙනවා. එතනදී අපි සදේ ,ග්‍රහ වස්තු වල , ඒ විතරක් නෙවේ අගහරු වල වගේ ඉදල පෘථිවියට ගේන සාම්පල වල ඉන්න ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවින්ගෙන් අපිව ආරක්ෂා කරන්න පැවරෙන්නේ මෙයාට .ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක සහ චන්ද්‍රයන් අපේ විෂබීජ වලින් ආරක්ෂා කරන්නත් ඕන.

    "අපි හැමවිටම උදාර අනාගත විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් සොයමින් ඉන්නවා අපට උදව් ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පුංචි ඔයත් හොදට ඉගෙනගෙන අනාගතේ අපිත් එක්ක NASA එකේ වැඩ කරන්න ඒවි කියල."

    මිට හිතවත්
    ආචාර්ය ජේම්ස් එල්. ග්‍රීන්
    අධ්‍යක්ෂ, ග්‍රහලෝක විද්‍යා අංශය

    මෙතනින් වැඩේ නතර වුනේ නෑ! NASA ආයතනයේ ග්‍රහලෝක පර්යේෂක අධ්‍යක්ෂ ජොනතන් රෝල් මහත්තයත් පුංචි ඩේවිස් ඔහු එම තනතුරට ඔහු දැක්වූ උනන්දුව ගැන සුබපැතුම් පිරිනමල තියෙනවා.

    මම මේ ගැන ඔයාලටත් කියන්න හිතුවේ මේකයි. පුංචි කාලේ අපි දකින හීන බොහෝ වෙලාවට ලොකු වෙනකොට හැබෑ වෙන්නේ නෑ. එත් හැමදෙයක්ම ආරම්භ වෙන්නේ ඒ පොඩි කාලේ හිතපු හීනත් එක්ක. හීන දකින්න වගේම හීන සැබෑ කරගන්නත් උත්සාහ කරන්න.

    - hashtalk -


    20785648_1714276868878355_6961455665379585189_o.jpg


    20776841_1714276985545010_4690686383244844095_o.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මගේ නම ජැක් ඩේවිස් වන අතර ග්රහලෝක ආරක්ෂණ නිලධාරි රැකියාව සඳහා අයදුම් කිරීමට මා කැමතිය. මට වයස අවුරුදු නවයක් විය හැකි නමුත් මම මේ රැකියාව සඳහා සුදුසු වනු ඇතැයි මා සිතනවා.

    මගේ සොහොයුරිය මම විදේශිකයෙක් කියා එක් හේතුවක් නිසා, මම දකින සියලු අවකාශික චිත්රපට වලට මම දැක තිබෙනවා.

    මාර්වේල් ඒජන්ට් පලික් ප්රදර්ශනය මා දැක ඇති අතර චිත්රපටය Men In Black චිත්රපටය දැක ගැනීමට බලාපොරොත්තු වෙනවා.

    මම තරුණයි, ඒ නිසා විදේශිකයෙකු ලෙස සිතීමට ඉගෙන ගත හැකිය
    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    මේකගෙ අක්ක හරි නංගි හරි මේකට පිටසක්වල ජීවිය කියන්නෙ මොකද :confused: