පොත් ප්‍රදර්ශනේට යනවනම් මේ පොත අනිවා ගන්&#3505

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොත් ප්‍රදර්ශනේට යනවනම් මේ පොත අනිවා ගන්&#3505

    pu8tl.jpg



    මට මේ පොත කියවන්න ලැබුනේ අහම්බෙන්. ඉරිදා දිවයින පත්තරේ කොටස් වශයෙන් ගිය මේ කතාව,ඒ වෙලාවේ කියවන්න තරම් ආසාවක් ආවේ නෑ. සමහර විට කොටස් වශයෙන් පලවුන නිසාම වෙන්නත් ඇති. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මේක, පොතක් විදිහට මුද්‍රණය කරලා එලියට දාපු වෙලාවේ ඒ book launching එකේදී ගුණදාස අමරසේකර මහත්තයයි, නලින් ද සිල්වා මහත්තයයි කරපු කතා දෙකක් මට අහන්න ලැබුනා. මෑත කාලයේ පලවුන අනර්ගම කෘතියක් විදිහට ඔවුන් හදුන්වපු මේ පොත, නිකමට වගේ බලන්න මට හිතුනේ එතකොට. පොත ගත්තට පස්සේ මං එක හුස්මට කියවල ඉවර කලේ. කොග්ගල නිලමේ පොතට පස්සේ, අපේ ඉතිහාසය ගැන මාර හැගීමක් එන විදිහට ලියල තියෙන එකම පොත කියල මං නම් හිතන්නේ. කියවන් යද්දී සමහර තැන්, ඇහැට කදුලු එන තරමට සංවේදීයි. කොහොම හරි මේ පොත අරන් කියවන්න, මගේ ඉල්ලීම ඒකයි. විසිදුනු ප්‍රකාශකයෝ මේ පොත ගහන්නේ. අද පටන් ගත්ත කොලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න යනවා නම් අනිවාර්යයෙන් මේක ගන්න..
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නියම පොත මචන් මම කියෙවුවා ඇඩෙනවා.එලාරගෙ දුවට ආස හිතුනා
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේක නම් පට්ට සුපිරි මචන්ලා.මම එක හුස්මට කියෙව්වා.

    නියම පොත මචන් මම කියෙවුවා ඇඩෙනවා.එලාරගෙ දුවට ආස හිතුනා

    ඔව් මචන්ලා...මට පුදුමයි මේ වගේ පොතකට ස්වර්ණ පුස්තක සම්මානයද මොකක්ද හම්බුනේ නැත්තේ ඇයි කියල..ස්වර්ණ පුස්තක හම්බුන ස්වයංජාත පොත කියවලා මේක බලද්දී , ඒ පොතට වඩා මේක කොච්චර ලස්සනට ලියල තියෙනවද කියල හිතෙනවා..අර පොතට මං අපහාස කරනවා නෙමෙයි..ඒත් ඔය සම්මාන දෙන ස්වර්ණ පුස්තක ගැන හොද article එකක් තිබුනා ගිය සතියේ පත්තරේ...ඒක බැලුවම,මෙහෙම පොතක් ඇගයීමක් කරන්නේ නැති එක ගැන පුදුමයක් නෑ....

    මේ තියෙන්නේ ඒ article එක...


    ලිංගේන්ද්‍රිය සඳහා ස්‌වර්ණ පුස්‌තක කියවමුද?

    මේ එළඹෙන්නේ ස්‌වර්ණ පුස්‌තක මාසයයි. ස්‌වර්ණ පුස්‌තක මාසය යෑයි කියන්නේ පොත් වෙළෙඳුන්ගේ මාසයයි. තවත් ලෙසකින් කිවහොත් ප්‍රකාශකයන් පස්‌දෙනකුට නවකතා පහක්‌ වඩාත් විශාල වශයෙන් අලෙවි කර ගැනීමටත්, හොඳ නවකතා පොතක්‌ පළකිරීමෙන් ලැබෙන කීර්තිය අත්පත් කර ගැනීමටත් ලැබෙන කාලයයි. ස්‌වර්ණ පුස්‌තක නවකතා තරගය පැවැත්වෙන්නේ ඒ පසුබිම යටතේය.

    මෙවර ස්‌වර්ණ පුස්‌තක පළමු වටයේ පොත් දොළහ (12) තෝරා දීමේදී බුද්ධිමතුන් සහ බුද්ධිමතීලා අමු කුණුහරුප පොතක්‌ හොඳ නවකතාවක්‌ ලෙස තෝරා දීමෙන් ස්‌වර්ණ පුස්‌තක ප්‍රකාශක සංගමයට අගනා කීර්තියක්‌ අත්පත් කරදී තිබේ.

    ඒ පොතේ කුණුහරුප ස්‌වල්පයක්‌ කෙටියෙන් කිවහොත් මෙසේය.

    එහි පුතා කුඩම්මා සමග රමණයේ යෙදෙයි. (කතාව ආරම්භ වන්නේම රමණයෙනි) තාත්තා දියණිය ස්‌ථිර වශයෙන්ම තබාගෙන රමණයේ යෙදෙයි. තවත් තැනෙක පියා පුතාගේ බිරිඳ සමග රමණයේ යෙදෙයි. එගමේම තවත් ගැහැනියක්‌ දිගු නිද්‍රdවක වැටී සිටින තරුණයකුගේ පුරුෂ ලිංගය වැඩෙන ප්‍රමාණය කෙවිටකින් දිනපතා මනියි. මුළු කෘතිය පුරාම සිදුවන එකම දෙය ගමේ මිනිසුන් රමණයේ යෙදීමයි. හැබැයි 1818 කැරැල්ලද මේ ගමට සම්බන්ධ කොට තිබේ.

    පුවත්පතක සඳහන් කිරීමට සුදුසු නොවන නමුත් මේ රමණ නවකතාවේ සාරාංශයක්‌ ලිවීමට සිදු වූයේ ස්‌වර්ණ පුස්‌තක 12 ට මෙය සුදුසු කෘතියක්‌ ලෙස එහි මූලික වටයේ විනිශ්චය කළ බුද්ධිමතුන් හා බුද්ධිමතීන් ලා තෝරා තිබීම නිසාය.

    මේ රමණ නවකතාව අපට කුණුහරුප වූවාට විනිශ්චය මණ්‌ඩලයට කුණුහරුප නොවේ. ඔවුන්ට අනුව මේ නිරන්තර රමණය සංකේතයන්ය. අධි යථාර්ථවාදී රීතියට අනුව යටි පෙළ අරුත් දනවන්නේය.

    අපට කුණුහරුප වූවාට මෙය පශ්චාත් නව්‍යවාදී එකකැයි කියමින් එය උඩ දමන මහාචාර්යවරුන් ද සිටී. එබැවින් මේ රමණ නවකතාව සුළුකොට තැකිය හැකි නොවේ.

    අපට මේ නවකතාව රමණයක්‌ම ලෙස පෙනුණාට ස්‌වර්ණ පුස්‌තක පළමුවැනි වටයේ තේරීම් මණ්‌ඩලයට එය අගනා පොතක්‌ ලෙස පෙනී ගොස්‌ ඇත. එබැවින් මේ අගනා නිර්මාණය සහිත 1 වටය තේරූ බුද්ධිමතුන් සහ බුද්ධිමතීන් ලාගේ නාම ලේඛනය ලංකාවේ පළවන සියලු පුවත්පත්වල පළකිරීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු කරන්නේ නම් මැනවි.

    මක්‌නිසාද මින් පසු උසස්‌ කලා කෘති ආශ්වාදනය කිරීම අප උගත යුත්තේ ඔවුන්ගෙන් වන බැවිනි. ඒ බව ස්‌ඵුට කරමින් ස්‌වර්ණ පුස්‌තක පළමුවැනි වටයේ තේරීම් මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ වන ප්‍රියාන් ආර්. විෙ-බණ්‌ඩාර තෙමේම ඉදිරිපත් වී රමණ නවකතාව ඔද වැඩීම හෙවත් උඩ දැමීමට හේතු ඉදිරිපත් කරමින් පසුගිය සතියේ රාවය පුවත්පතට ලිපියක්‌ ලියා තිබිණි.

    එහි කියෑවෙන අන්දමට ආගන්තුක සත්කාරයට තම දියණිය හෝ බිරිඳ අමුත්තා සමග රමණයට යෑවූ සමාජයක්‌ අපට තිබුණා නම්, එසේ නම් තාත්තා දුව සමග පුතා කුඩම්මා සමග මාමා ලේලිය සමග රමණය කිරීමේ කතාවක්‌ ලිවීමේ ඇති වරද කුමක්‌දැයි හේ ප්‍රශ්න කරයි.

    1818 වන විටත් තිබුණේ රදල වැඩ වසම් සමාජ ක්‍රමයයි. ගම් හත්පත්තුවට එන ප්‍රභූවරයාට බිරිඳ හෝ දියණිය රාත්‍රියට දීමේ සිරිත ඒ රදළ වැඩවසම් ක්‍රමය බලහත්කාරයෙන් ඉල්ලා සිටි එකකි. එහෙත් මේ රමණ නවකතාවේ සිටින සියලු චරිතයෝ ඉවක්‌ බවක්‌ නැති රමණයක යෙදී සිටින්නෝ වෙති.

    එවන් ප්‍රබන්ධයක්‌ මේ සා දුරක්‌ ඔසවා තබන්නට කර දුන්නේ ප්‍රියාන් ආර්. විෙ-බණ්‌ඩාර විනිසුරු පමණක්‌ විය නොහැක. පොත ඔසවන්නට නම් තවත් වැඩි දෙනකුගේ ඡන්දය අවශ්‍යය.

    රමණයට ඡන්දය දුන් සෙසු විනිසුරු විනිසුරුවරියන්ගේ නාමලේඛනයද ප්‍රසිද්ධියට පත්කිරීම සමාජයට වැඩදායකය. මක්‌නිසාද රමණය කේන්ද්‍ර කොටගත් නවකතා කෙටිකතා කාව්‍ය සාහිත්‍යයක්‌ කලක සිට ගොඩනැඟෙමින් පවතින බැවින් ඒවා සේවන කරන්නවුන්ට ඉහත කී විනිශ්චය මණ්‌ඩලයෙන් ටියුෂන් ගැනීමට පුළුවන් වන හෙයිනි.

    රමණ ප්‍රවණතාව වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින නිසා ආර්. විෙ-බණ්‌ඩාර මහතා සාහිත්‍ය කෘතියක්‌ කියෑවීමෙන් ඉනෙන් පහළ කොටස පාලනය කර ගැනීමට හිතට කරදර නම් කළ යුත්තේ සාහිත්‍ය සංවාදවල කෙළවරක්‌ නැති ප්‍රශ්න ඇසීම නොව මනෝ වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබා ගැනීම බවට අවවාද කරයි.

    අප මෙතෙක්‌ කල් මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, අමරසේකර, කේ. ජයතිලක, සයිමන් කියෙව්වේ ඔළුවටය. නමුත් ස්‌වර්ණ පුස්‌තක විනිසුරු සාමාජිකයාගේ තර්කයට (අවවාදයට) අනුව දැන් පොත් කියවන්නට සිදුව ඇත්තේ ඉනෙන් පහළටය.

    හිසට නොව ඉනෙන් පහළ ලිංගේන්ද්‍රියට පොත් කියෑවීමේ කලා නිර්ණායකය කියා දුන් ප්‍රියාන් ආර්. විෙ-බණ්‌ඩාරටත්, ඔහුගේ සහචර විනිසුරු මඬුල්ලටත්, ඔවුන් විනිසුරුවන් ලෙස පත්කළ පොත් ප්‍රකාශක සංගමයටත් ස්‌තුති වේවා·

    අපි මෙතැන් සිට ලිංගේන්ද්‍රිය සඳහා කියවන්නෝ වෙමු.


    http://www.divaina.com/2013/09/01/nimna08.html
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙන්ම මචන් මමත් පොතක් ගන්න ඉන්නේ
    අර යටත්විජිත වංශ කතාවේ පෙන්නුවා ඒ පොත
    හෙන ගහන්න වගේ නම මතක නෑ නොවැ බන්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ පොත ගැන නලින් ද සිල්වා මහතා කරන කතාව, book launching eke...

    මහරජ ගැමුණු 1[/SIZE]




    මහරජ ගැමුණු 2


    [/QUOTE]
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    pdf eka hambunoth pm 1k dhapanko machan :)

    PDF kohenda ban aluth pothak anith eka liyapu ekage mahansiyata 350kda koheda wenne awith ganin kollo paduwak wen ne.danna thawa hoda poth thiyanawa nam kiyapan thawa.a...thawa ubala kawuru hari sherlock holmes - chandana mendis pariwarthana kiyawanna asa nam pudgalikai rahasigathai 8,9,10 awith gihin ganilla :rolleyes::rolleyes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    uba kiyapu nisama man eeye gatta ban thawama balanawa raththaran pothak ban sirawata pathulatama danenawa ubata hugak thx potha gena keewata koggala nilame mona wage pothakda a genath kiyapanko ban

    thanks machan...එක්කෙනෙක් හරි මං දාපු නූල දැකල මේ පොත අරන් කියවපු එක ගැන මට සතුටුයි....මේ වගේ පොත් හැම එකාම කියවන්න ඕන මචන්...අපේ රටේ ඉතිහාසය ගැන මාරම feeling එකක් එනවා බං මේ පොත කියවල ඉවර වෙද්දී...අංගම් සටන් ගැන කියල තියෙන විස්තරය නම් මාරයි...මේ දේවල් මං නම් හිතනවා මචන් ඇත්ත කියල...නැත්නම් සුද්දෝ අංගම් සටන් කලාව තහනම් කරයි ද? සටන් උගන්නපු ශිල්පීන්ව උන් වෙඩි තියල මරුවා...උන් එච්චර බය උනා මේ සටන් ක්‍රමය ගැන..

    "මූනසකොන්තායුධ රැගත් අය ඒවාද සමඟ ඔසවා විසිකරන අතර අහම්බෙන් මෙන් ගැලවෙන කුහන් දකින්නේ තමන් කිසිදිනක දැක තබා අසාවත් නැති ආයුධ රහිත පහරදීමක අතිබිහිසුණු දර්ශනයකි. රාක්ෂස අංගම් කරුවෙක්ගේ ලිස්සා ගිය ග්‍රහණයෙන් පණ බේරා ගත් කුහන්, මහා විහාර පවුර දිගේ වේගයෙන් දිවයන්නේය...."

    ඒ තියෙන්නේ පොතේ තියෙන පොඩි ඡේදයක්....තාම ගන්න බැරි උන අය, මේ පොත අරන් කියවන්න...