පොද්දෝ සහ අලයෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    බස්සිලා එක වසරෙ ඉන්න කාලෙ මේ දෙපාර්ශවය හරියට නයි මුගටි වාගෙ. ළඟින් ගියොත් ඇහැක් නෑ-ළඟ හිටියොත් ඇස් දෙකම නෑ. ඒත් දැන් ඉන්න අලුත් නංගිලා මල්ලිලා එහෙම නැතිව සමාදානෙන් වැඩ කරගෙන යනවා කියලයි ආරංචි.

    පොද්දොන්ගේ සහ අලයන්ගේ බෙදීමට හේතු වුනේ ප්‍රධාන මත ගැටුම් දෙකක්.

    1. රැග් කිරීම පිළිබඳ ගැටුම
    2. ශිෂ්‍ය දේශපාලනය හා බාහිර දේශපාලනය

    පොද්දන්ගේ මතය වුනේ අලුත් නැවක් ආවාම උන්ව රැග් කරලා ගානට හදලා ගන්න ඕනෙ කියන එකයි. හැමදාම උදේට පොද්දන්ගේ එක වසරෙ උන්ව පාර දිගට හිටවගෙන කුණුහරුපෙන් බැන්නාම උන්ට දරාගැනීමේ හැකියාව ඇතිවෙන බව පොද්දෝ විශ්වාස කලා. ඒ වාගෙම එක වසරෙ උන්ට විලුඹ දක්වා දිග ගවුම් ඇඳලා, කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන එන්න කීවාම උන්ගෙ විනය හැදෙන බවත් පොද්දෝ කියනව. අවුරුදු විස්සක විසිතුනක කෙල්ලෙක්ට මාස හයක් දිග ගවුම් අන්දලා උන්ගෙ විනය ඇතිකරන්න පුලුවන්ද කියන එක නම් බස්සිට සැකයක්!!​

    http://3.bp.blogspot.com/-AiorEaPi5ss/Uf1g5HhcWQI/AAAAAAAAApc/6ObsGKHPRNc/s1600/U_of_K_1_FI_0225.jpg


    ෆිසිකල් රැග් ගැනනම් බස්සිට වෙනම ලිපියක් ලියන්න තරම් දේවල් තියෙනවා. බරපතල රැග් සිද්දවෙන්නෙ රෑට. දවාලෙ එලිමහනෙ කරන ගොඩක් රැග් හරිම විනෝදයි. බස්සි ඈතට වෙලා ඒව බලා ඉන්නෙ එතනට ගිහින් පොඩ්ඩක් රැග් වෙන්න ඇත්නම් කියන ආසාවෙන්.

    තෙල් බැම්මෙ ඉඳගෙන එක වසරෙ කොල්ලෙක් බෙර ගහනව. ඒ තාලෙට එකවසරෙ කෙල්ලෙක් නටනවා. තව තැනක ජෝඩුවක්ව කසාද බන්දනවා. පැත්තකට වෙලා ඇඹරි ඇඹරි ඉන්න කොල්ලෙක්ට කියනවා මගුල් ගෙදර ස්තූති කතාව කරන්නෙයි කියලා. ඉන් පස්සෙ ජෝඩුව අත් අල්ලාගෙන සිංදුවක් කියකිය හිල්ටන් කැන්ටිමට යන්න ඕනෙ. ඉතුරු උන් ටික පස්සෙන් දුව දුව පාවාඩ එලනවා, ලයිට් අල්ලනවා, ෆොටෝ ගන්නවා එක වැඩයි. (මේ ඔක්කොම අභිරූපන හොඳේ.)

    ඒත් හවස හයෙන් පස්සෙ සිද්ධවෙන රැග් ඉතාම අමානුෂිකයි.

    නොකා නොබී ගිනි අවුවෙ පිකට් වලට යන එක වසරෙ මල්ලිලා නංගිලා දැක්කම හිතට දුකයි. රටේ ප්‍රශ්ණ වලට විරුද්ධව එහෙමවත් හඬ නගන එක කොච්චර හොඳද..... ඒත් ඒකට නියම කැක්කුමක් තියෙන එවුන් ඉන්නෙ කීයෙන් කී දෙනාද? එක වසරෙ උන් පිකට් වලට යන්නෙ මරන්න ගෙනියන හරක් වාගෙ. ගොඩක් උන් සටන් පාඨ ලියාපු බෝඩ් ලෑලි ඉල්ලගන්න පොරකන්නෙ ඒකෙන් මූණ වහගන්න. අවුවෙ පිච්චි පිච්චි හාමතේ පාරවල් ගානෙ රස්තියාදු වෙලා, උගුර ලේ රහ වෙනතුරු සටන් පාඨ කියමින් කෑ ගහලා, අන්තිමේදි පොලීසියෙන් කඳුලු ගෑස් කන්න ආසාවෙන් යන්න තරමේ ගැම්මක් තියෙන උන් එක වසරේ ඉන්නෙ හරිම අඩුවෙන්. ඒක තමයි ඇත්ත.​

    http://3.bp.blogspot.com/-frXZl3gon...Apk/zXJqer_nwHE/s1600/2026123797_MG_0326-.jpg

    අලයෝ රැගට විරුද්ධයි. ඇත්තම කීවොත් අලයෝ විරුද්ධ වෙන්නෙ ෆිසිකල් රැග් වලට සහ කුණුහරුප කියන්න විතරයි. අලයෙක් විදියට මොළ ශෝධනයට ලක්වීමම බස්සිට නම් එක්තරා ආකාරයක රැග් එකක්.

    අ.ල. කියන එකේ තේරුම මොකක්ද කියලා ඇහුවොත් සයන්ස් එකේ අයියලා කියන්නෙ මෙන්න මෙහෙම්.

    අ : අභියෝග + ල : ලබන්නෝ = අල : අභියෝග ලබන්නෝ

    ඔය ප්‍රශ්නෙම පොද්දා අයියෙක්ගෙන් හරි අක්කෙක්ගෙන් හරි ඇහුවොත් (පොද්දෝ අතරෙ පුරුෂාධිපත්‍ය කියන එක අලයින්ට වඩා ගොඩක් අඩුයි හොඳේ.) එයාලා කියාවි මෙහෙම.

    අ : අත්හරින + ල : ලද්දෝ = අල : අත්හරින ලද්දෝ

    ඔය දෙකේම තේරුම අලයින්ට ගැලපෙනවා. මුලු විශ්ව විද්‍යාල පද්ධතියම අවුරුදු ගානක් තිස්සෙ පිලිපදින සම්ප්‍රදායකට විරුද්ධව නැගී සිටීම ඇත්තටම අභියෝගයක්.

    පොද්දෝ ඒ අභියෝගය බාරගත්තු අලයින්ව අත ඇරලා දාල තියෙන බවත් ඇත්ත. ඉතින් අලයෝ කියන්නේ පොද්දන් විසින් අත්හරින ලද්දෝ තමයි.

    මොනවා වුනත් අලයෝ රැග් කිරීමට විරුද්ධව සෑහෙන සටනක් ගෙනිච්චා. ඒත් කණ්ඩායම් හැඟීම අමතක කරලා කීපදෙනෙක් පොරවල් වෙන්න දැඟලීමත්, කාන්තා සහභාගිත්වය තුට්ටුවකට මායිම් නොකිරීමත් නිසා අලයින්ට යන්න තිවුනු දුර සීමා වුනා. රැග් නැති නිසා අයියලාගෙ කරේ නගින්න හදන එකවසරෙ උන්ව පාලනය කරගන්න එකත් පොද්දන්ට සාපේක්ෂව අලයෝ මුහුණ දීපු ලොකු අභියෝගයක්.

    රැග් එකෙන් අලුත් නැවේ කෙල්ලන්ව කොල්ලන්ව හදන්න උත්සාහ කරන පොද්දො පැටලිලා ඉන්නෙ ලොකු මායාවක. මාස හයක් විළුඹ වැහෙන්න චීත්ත ගවුම් ඇන්ද කෙල්ලො රැග් එක ඉවර උන දවසට පස්සෙ දවසෙ කලවා පේන්න කොට ගවුමට බහින්නෙත්, රැග් කරපු සමහර අයියලා කෙළ හලාගෙන ඒ පස්සෙන් වැටෙන්නෙත් ඒ මායා දැලේ සිදුරු ඇතුලෙන්.

    රැග් එකට විරුද්ධ බව කියමින් මහත්තුරු වෙන්න හදන අලයන්ටත් ගොඩක් තැන් වල වැරදිලා කියලා තේරෙන්නෙ ෆැකල්ටියෙ පොදු වැඩකට කට්ටියව එකතු කරන්න ගියාමයි. මැරීගෙන වැඩකරන උන් හැමදාමත් වැඩ කරද්දි, පැත්තක ඉඳන් තමන්ගෙ කාඩ් එකට ලකුණු දාගන්න කට්ටියට රජ සැප. ඒ අතරෙ කෙල්ලන්ගේ අදහස් වලට ලැබෙන සැලකිල්ල ගැනනම් කියන්න වචන නෑ!​

    පොද්දො වුනත්, අලයො වුනත් අපි හැමෝම සමාන පසුබිමකින් පැවතෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයො. දෙගොල්ලොම දුවලා තියෙන්නෙ මායාවක් පස්සෙ බව තේරෙන්නෙ සීන් එකෙන් කැපිලා ගිහින් එලියෙන් ඉඳන් බලාන ඉන්නකොට. මේ දෙපාර්ශවයටම අත්වැල් බැඳගෙන එක මාවතක යන්න හැකිවෙන දිනයක් උදාවෙනවානම් එදාට ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ නැවුම් පරිඡේදයක් ලියැවේවි.



    පොද්දෝ කවුද කියලා කැම්පස් ගිය උන් දන්නව....

     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    පිස්සුද බන් වචනයක් වත් කතා කරගන්න බැරි එකෙක් උනානම් ගැන දිග හෑල්ලක් ලියන්නේ . :rofl:
    ඌට වත් බෑ ඔච්චර දිග වාක්‍ය කියන්න.
     
    • Haha
    Reactions: hirashgeff

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි ස්ලිට්

    පොද්දොත් නෑ, අලයොත් නෑ.
    උප සන්ස්කෘති නෑ, රැග් නෑ.
    ජේස්ටයො නෑ, අලුතෙන් ආව කියල නෑ,
    හීන මාන පරයොත් නෑ, රදලයොත් නෑ,
    මහ පොල නෑ, පිකටින් නෑ,
    පෙරෙට්ටො නෑ, ජෙප්පො නෑ,
    එහෙමයි කියල එකාට එකෙක් ඇත්තෙත් නෑ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපි ස්ලිට්

    පොද්දොත් නෑ, අලයොත් නෑ.
    උප සන්ස්කෘති නෑ, රැග් නෑ.
    ජේස්ටයො නෑ, අලුතෙන් ආව කියල නෑ,
    හීන මාන පරයොත් නෑ, රදලයොත් නෑ,
    මහ පොල නෑ, පිකටින් නෑ,
    පෙරෙට්ටො නෑ, ජෙප්පො නෑ,
    එහෙමයි කියල එකාට එකෙක් ඇත්තෙත් නෑ.

    එක කාලයක් තිබ්බා ඔය ප්‍රයිවෙට් කැම්පස් වලට විරුද්ධව පෙලපාලි ගිය... ඒ කලේ ලේධතුව නටන කාලේනේ... අපිත් පොඩ්ඩක් කුහක වෙලා බොඩ් උස්සගෙන හිටියා....

    උබලා ඕවයේ රජයේ කැම්පස් වල හිටියනම් උඹලත් දන්නවා මහා සිස්ස සංගමෙයි අන්තරෙයි කොහොම උන්ද කියලා.... උඹල හිතනවද ඊයේ කැලනියේ පොද්දෝ ටික බැස්සේ උන් හිතලම බැස්ස කියල..... නෑ කෙලින්ම මෙසෙජ් එක එනවා .... කැමතිවුනත් අකමැති වුනත් ඕවට බහින්නම වෙනවා.... නැත්තන් ඊලඟ දවසේ සම්බුව...​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,192
    166,340
    113
    එකමත් එක රටක

    පොද්දෝ කවුද කියලා කැම්පස් ගිය උන් දන්නව....

    රජයේ තමා , හැබැයි අදයි එහෙම උන් ටිකක් ගැන ඇහුවේ. අලයෝ නම් අහල තිබ්බ..

    අපේ හිටියේ #ට්ටෝ විතරයි . :rofl:
     

    Sen-lu

    Well-known member
  • එක කාලයක් තිබ්බා ඔය ප්‍රයිවෙට් කැම්පස් වලට විරුද්ධව පෙලපාලි ගිය... ඒ කලේ ලේධතුව නටන කාලේනේ... අපිත් පොඩ්ඩක් කුහක වෙලා බොඩ් උස්සගෙන හිටියා....​

    උබලා ඕවයේ රජයේ කැම්පස් වල හිටියනම් උඹලත් දන්නවා මහා සිස්ස සංගමෙයි අන්තරෙයි කොහොම උන්ද කියලා.... උඹල හිතනවද ඊයේ කැලනියේ පොද්දෝ ටික බැස්සේ උන් හිතලම බැස්ස කියල..... නෑ කෙලින්ම මෙසෙජ් එක එනවා .... කැමතිවුනත් අකමැති වුනත් ඕවට බහින්නම වෙනවා.... නැත්තන් ඊලඟ දවසේ සම්බුව...​

    උඹ මොන කැම්පස් එකේද බං?