පොදු දේපළ පිළිබඳව වන වැරදි

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ පිළිබඳව වන නීති ප්‍රතිපාදන තියෙන්නේ 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබද පනත තුලයි.මේ පනත 1988 අංක 76 හා 1999 අංක 28 දරන පනත් වලින් සංශෝධනය වෙලා තියෙනවා.

    මොකක්ද මේ පොදු දේපළක් කියන්නේ ..?:rolleyes:

    ආණ්ඩුවේ,යම් දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමූපකාර සමිතියක හෝ සමූපකාර සංගමයක දේපළ; පොදු දේපළ විදිහට හදුන්වන්න පුලුවන්.

    පොදු දේපළ මොනවද කියලා හදුන ගත්තනේ..දැන් බලමු මොනවද පොදු දේපළ සම්බන්ධව වන වැරදි මොනවද කියලා.;)

    1. පොදු දේපළ පිළිබඳව අනර්ථයක් සිදු කිරීම.
    2. පොදු දේපළ සොරකම් කිරීම.
    3. පොදු දේපළ කොල්ලකෑම.
    4. පොදු දේපළ වංක ලෙස ව්‍යපහරණය කිරීම හෝ තම ප්‍රයෝජනයට යොදා ගැනීම.
    5. පොදු දේපළ සම්බන්ධව සාපරාධි විශ්වාසය කඩකිරීම.
    6. පොදු දේපළට අදාළව වංචා කිරීම, ව්‍යාජ ලේඛන සෑදීම හෝ ගිණුම් වරදවා පෙන්වීම.
    7. සොරකම් කරනු ලැබූ දේපළක් බව දැනුවත්ව හෝ සොරකම් කරනු ලැබූ බවට විශ්වාස කිරීමට හේතු ඇතිව පොදු දේපළක් වංචනිකව තබා ගැනීම.

    ඔන්න ඔය වැරදි තමයි පනත යටතේ දක්වලා තියෙන්නේ.
    ඔය ඉහත දක්වලා තියෙන වැරදි කිරීමට තැත් කිරීමත් වරදක්.( සාමාන්‍යයෙන් හැම වරදක්ම කිරීමට තැත් කිරීමත් වරදක් උදාහරණ විදිහට මිනී මැරීම වරදක් වෙනකොට මිනී මැරීමට තැත් කිරීමත් වරදක්. ස්ත්‍රී දූෂණය වරදක් වන විට දූෂණයට තැත් කිරීමත් වරදක්.:P)


    පොදු දේපළ සම්බන්ධව වන වැරදි සඳහා වන දඬුවම්:(

    මේ පනත යටතේ වරදකට වරදකරුවකු වන තැනැත්තෙකු අවුරුද්දකට නොඅඩු එහෙත් අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් කරන්න අධිකරණයට බලය තියෙනවා.(ඒ කියන්නේ අවම දඬුවම අවුරුද්දක් බන්ධනාගාර ගත කිරීම)

    බන්ධනාගාරගත කිරීමට අමතරව ;
    රුපියල් 1000 ක් හෝ වරද සිදුකරන ලද්දේ යම් මුදලක් සම්බන්ධව වන අවස්ථාවකදී ඒ මුදල මෙන් තුන් ගුණයක් හෝ මේ දෙකෙන් වැඩි මුදල දඩයක් ලෙස අය කරන්න අධිකරණයට හැකියාව තියෙනවා.

    මේ පනත යටතේ වැරද්දක් කරනු ලැබුවේ වයස අවුරුදු 16 ට අඩු තැනැත්තෙකු වන විට අවස්ථානුගතව අවුරුදු 1 කට වඩා අඩු කාල සීමාවක් සඳහා සිර දඬුවම් නියම කිරීමට ගරු අධිකරණයට බලය තියෙනවා.


    මේ පනත යටතේ වන වැරදි සම්බන්ධව ඇප ලබා ගැනීම.:sorry:

    මේ පනත යටතේ වන වැරද්දක් සම්බන්ධව යම් පුද්ගලයකු අත් අඩංගුවට ගනු ලැබූ විට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය තමයි ඇප ලබා ගැනීම.

    පනතේ 8 වන වගන්තියේ දක්වලා තියෙනවා මේ පනත යටතේ වන වැරදි සම්බන්ධව ඇප ලබා ගැනීමේදී අදාල කර ගන්න ඕනේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දක්වලා තියෙන ඇප සම්බන්ධ ප්‍රතිපාදන අදාල කර ගත යුතුයි කියලා.

    තවදුරටත් 8 වන වගන්තියේ අතුරු විධානයේ දක්වලා තියෙනවා වරද සිදුකරන ලද විෂය වස්තුවේ වටිනාකම රුපියල් 25000 ට වඩා වැඩි වන බවට සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඊට ඉහළ නිලධාරියකු විසින් සහතික කරනු ලැබ ඇති අවස්ථාවකදී චූදිත නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය යුතු බවට.

    ඇත්තටම එවැනි අවස්ථාවක නඩු විභාගය අවසන් වෙනකන් චූදිතට ඇප ලබා ගන්න බැරිද ..???

    ප්‍රධාන පනතේ 8 වන වගන්තියේම පැහැදිලිව දක්වලා තියෙනවා, අසාමාන්‍ය අවස්තාවලදී ඇප පිට මුදා හැරීමට හේතු සටහන් කිරීමෙන් පසුව ඒ තැනැත්තා ඇප පිට මුදා හැරීමට අධිකරණයට බලය තියෙනවා කියලා.

    මෙන්න මේ අසාමාන්‍ය අවස්ථා වලදී කියන එක තමයි ප්‍රශ්නේ. මොකද කිසිම තැනක මේ අසාමාන්‍ය අවස්ථාවක් කියන්නෙ මොකක්ද කියලා අර්ථ දක්වලා නෑ..ඒ නිසා යම් අවස්ථාවක් අසාමාන්‍ය අවස්ථාවක්ද යන්න පිළිබඳව තීරණය කිරීමේ අභිමතය විනිසුරුවරයා සතු වෙනවා.

    සමහර අවස්ථාවලදී දරුවන් රැක බලා ගැනීමට කිසිවෙක් නැති බව අසාමාන්‍ය අවස්තාවක් ලෙස තීරණය කරනවා.සමහර නඩු වලදී විනිසුරුවරු ඒක අසාමාන්‍ය අවස්තාවක් විදිහට සලකන්නේ නෑ..:dull:

    ඔන්න ඔය වගේ මතභේද නිසා මෙම පනතේ වැරදි සම්බන්ධව ඇප ලබා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වෙලා තියෙනවා.




     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    "මේ පනත යටතේ වැරද්දක් කරනු ලැබුවේ වයස අවුරුදු 16 ට අඩු තැනැත්තෙකු වන විට අවස්ථානුගතව අවුරුදු 1 කට වඩා අඩු කාල සීමාවක් සඳහා සිර දඬුවම් නියම කිරීමට ගරු අධිකරණයට බලය තියෙනවා"- :shocked:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Good one, thanks

    නීති තිබෙ
    ක්‍රියාත්මක නොවේ
    පොදු දේපල පනත පිලිබද අවුල තියෙන්නේ මචන් නීති ක්‍රියාත්මක නොවන එක නෙවෙයි...
    මේ වැරදි වලට ඇප නොදෙන නිසා පොලිසිය තම හිතුමනාපේ අහිංසක මිනිස්සුන්ට මේ පනත යටතේ බී වාර්තා ගොණු කරන එකයි..:dull:
     
    • Wow
    Reactions: Solo Rider

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පොදු දේපල පනත පිලිබද අවුල තියෙන්නේ මචන් නීති ක්‍රියාත්මක නොවන එක නෙවෙයි...
    මේ වැරදි වලට ඇප නොදෙන නිසා පොලිසිය තම හිතුමනාපේ අහිංසක මිනිස්සුන්ට මේ පනත යටතේ බී වාර්තා ගොණු කරන එකයි..:dull:
    ඇයි මේ නීති වල තියෙන හිල් වහලා මිනිස්සු පිඩාවට පත්වන එක නවත්වන්න කවුරුවත් උනන්දු වෙන්නේ නැත්තේ