පොලව මතුපිටට එන උණුදියේ විස්කම්
ශ්‍රී ලංකාව ආසියාකරයේ තිබෙන සුන්දර රටක් බවට මුළු ලෝකයාම පිළිගන්නා දෙයකි. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ දසත පුරා තිබෙන සුන්දර ස්ථාන මෙයට හේතුව වී තිබේ. කඳුකරයන් සීතල වතුර උල්පත් තිබෙනාකාරයෙන්ම රට වටේ උණු දිය උල්පත් පිහිටා තිබීම අප රට ලද තවත් දායාදයකි.
වැඩිම උෂ්ණත්වයක් තිබෙන උණු දිය උල්පත අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහ ඔය ප්‍රදේශයේද පිහිටා තිබේ.මහාඔය මංසන්ධියේ සිට ගම ඇතුළට විහිදී තිබූ තාර පාර දිගේ මඳ දුරක් ගිය විට දකුණු දෙසට විහිදුණු ගුරු පාර දිගේ යා යුතුව තිබිණි. මහාඔය මංසන්ධියේ සිට උණු වතුර ළිං තිබූ ප්‍රදේශයට මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් දෙකකි.
මෙම උණු වතුර ළිංවල උෂ්ණත්වය පැරන්හයිට් අංශක පනස් පහක් පමණ වේ. පියවි ඇසට නෙපෙනෙන උණු වතුර බුබුළු උඩට ඇවිත් පිටාර ගලායන අයුරු දැකගත හැකිය.
මෙම උණු වතුර වල පී.එච්, අගය 7.6 කි. ක්ලෝරයිඩ් සියයට 75.9 කි. සල්පේට් 2.10 ක් වන අතර කැල්සියම් සෝඩියම් සාමාන්‍ය ප්‍රමාණයකින් යුක්ත වේ.
චර්ම රෝග, වාත රෝග, හිරිවැටීම, හන්දි ඉදිමීම වැනි රෝගවලට මෙම උණු වතුර ඖෂධයක් බවද කියති. රූපලාවන්‍ය වැඩි කිරීමට මෙම උණු වතුර යෝග්‍ය බවද හඳුනාගෙන තිබේ.
rep +++ දාලා යන්න