උණුදිය උල්පත්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    කොහොමද #උණුදිය #උල්පත් හැදෙන්නේ?...🌺🌺🌺🌺🌺

    උණුදිය උල්පත් 👇

    ලංකාවේ උණු වතුර ළිං 10ක් විතර තියෙනවා. ඒවා නම්;

    • #ගෝමරන්කඩවල (ත්‍රිකුණාමලය) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 42

    • #කින්නියා (ත්‍රිකුණාමලය) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 42

    • #නෙළුම්වැව (මනම්පිටිය) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 63

    • #මුතුගල්වෙල (මාදුරු ඔය ජාතික උද්‍යානය තුල) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: නොදනී

    • #කපුරැල්ල - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 55

    • #මහඔය - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 56

    • #මරන්ගල (පදියතලාව) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 44

    • #වහාව (අම්පාර) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: නොදනී

    • #කිවුලෙගම (ජයන්ති වැව අම්පාර) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 34

    • #මදුනාගල (මහපැලැස්ස - හම්බන්තොට) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 44

    උණුදිය උල්පත් හටගන්නා ආකාරය 👇

    ලෝකය පුරා විවිධ රටවල උණුදිය උල්පත් ඇති අතර මින් එක්සත් ජනපදය, කැනඩාව, අයිස්ලන්තිය, ඉතාලිය, ජපානය හා නවසීලන්තය ප්‍රධාන වනවා. අමෙරිකාවේ යෙලෝ ස්ටෝන් ජාතික වනෝද්‍යානයේ ඇති "ඔල්ඩ් ෆේත්ෆුල්" ලෙස හැඳින්වෙන, වතුර මලක් මෙන් ඉහලට උණු ජලය හා හුමාලය විදින හුමාල උල්පත ලෝක ප්‍රකට වනවා.

    පොලොවේ මතුපිට ආසන්නයේ ඇති මැග්මා හෝ මැග්මා නිසා දැඩි ලෙස උණුසුම්වන පාශාණ අතරින් ගමන් ගන්නා භූගත ජලය, රත්වීම නිසා ඝණත්වය අඩුවීමෙන් උණුදිය ලෙස ඉහලට පැමිණෙනවා. ඒ අනුව උණුදිය උල්පත් ඇතිවීම සඳහා කාරණා කිහිපයක් එකට සමපාත විය යුතුයි.

    [1] පොලොවේ මතුපිට ආසන්නයේ මැග්මා (උණුවී දියාරුවන පාශාණ - මේවා ලාවා ලෙස හැඳින්වෙනවා) තිබීම හෝ එම මැග්මා නිසා දැඩිලෙස රත්වූ පාශාණ තිබීම. - එනම් තාප මූලාශ්‍රයක් තිබීම

    [2] මේ මැග්මා හෝ රත්වූ පාශාණ තුලින් ගලායා හැකි භූගත ජල සංචිතයක් තිබීම (aquifer) - එනම් මූලාශ්‍රයක් තිබීම

    [3] එම ජලයට උල්පතක් ලෙස පොලොව තුලින් ඉහලට පැමිණීමේ මාර්ගයක් සැකසී සිතිබීම යන කරුණුයි. - එනම් රත්වූ ජලයට පොලොව මතුපිටට පැමිණීමට මාර්ගයක් තිබීම

    මෙම කරුණු සම්පූර්ණවූ විට, උණුදිය උල්පතක් හෝ ගීසර් (geyser) ලෙස හැඳින්වෙන හුමාල උල්පතක් ඇතිවනවා.

    ලංකාවේ උණුදිය උල්පත් හටගන්නා ප්‍රදේශවල භූගෝලීය ස්වභාවය 👇

    ලංකා පොලවේ සැකැස්ම අධ්‍යයනය කල භූ-විද්‍යාඥයින්, ලක් පොලොවේ පාශාණ සැකැස්ම අනුව කොටස් 4කට බෙදා තිබෙනවා. නිරිත සිට ඊසාන දෙසට දිවෙන ආකාරයට පිහිටා ඇති මෙම පාශාණ සැකැස්ම [1] මයෝසීන යුගයට අයත් හුණුගල් [2] වන්නි සංකීර්ණයට අයත් පාශාණ [3] හයිලන්ඩ් (උස්බිම්) සංකීර්ණය [4] විජයන් සංකීර්ණය හා [5] මහනුවර ප්‍රදේශයට අයත් කඩුගන්නාව සංකීර්ණයයි.

    ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් එකක් හැර සියල්ල ස්ථානගතව ඇත්තේ නැ‍ඟෙනහිර පළාතේ ය. මාදුනාගල දකුණු පළාතට අයත් වෙතත්. “ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත්” නමින් පොතක් කරන සඳරුවන් ලොකුහේවා පෙන්වා දෙන ආකාරයට භූ විද්‍යානුකූලව මෙම උණුදිය උල්පත් පිහිටා ඇත්තේ හයිලන්ඩ් සංකීර්ණය හා ඊට මායිම් ව පිහිටි නැගෙනහිර විජයානු සංකීර්ණය නම් භූ කාණ්ඩයන් දෙක එක්වන මායිම ඔස්සේ ය. සිතියම බැලීමෙන් ඔබට මෙය තහවුරුකරගන්න පුලුවන්.

    උණුදිය උල්පත්වලින් එන ජලය බොහෝවිට භාෂ්මික (base) වන අතර ආම්ලික උණුදිය උල්පත්ද ඇත. කින්නියා හා මදුනාගල උණුදිය උල්පත් දෙකම දල භාෂ්මික ගුණයක් පෙන්වන බව pH පර්යේෂණවලින් සනාතවී තියෙනවා

    කින්නියා උණු දිය උල්පතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 යි, එතකොට මදුනාගල සෙල්සියස් අංශක 44 යි, මහඔය 56 යි මේ විදිහට ගත්තම වැඩිම උෂ්ණත්වය තියෙන උණු දිය උල්පත තියෙන්නේ පොළොන්නරුවේ මනම්පිටියේ. මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 63ක් වනවා. මේ උණුදිය උල්පත පිහිටලා තියෙන්නේ මනම්පිටිය නෙළුම් වැවේ.

    වැව මැද්දේ දුපතක තියෙන මේ උණු වතුර ලිඳ හොයාගෙන අඩි 100 ක් ගැඹුරට කොන්ක්‍රීට් නල දාලා මේක ළිදක් විදිහට හදන්න මහවැලි අධිකාරිය විශාල වෙහෙසක් අරං තියෙනවා. විද්‍යාඥයෝ කියන්නේ මේ උණුදිය කිලෝමීටර් 2ක පමණ ගැඹුරක ඉඳලා එනවා කියලා. ඒ වගේම මේ ළිදේ ජලය තප්පරයට ලීටරයක් උණනවා කියලත් කියනවා. කොහොම වුනත් මතයක් තියෙනවා මේ උණු දිය උල්පතේ තියෙන සල්ෆර් ලවණ ඉතා ගුණදායකයි කියලා විශ්වාසයක් තියෙනවා.,මේවා නිසා චර්ම රෝග වගේම වාත රෝග නිවාරණය වෙනවා කියලා.

    උණුදිය උල්පත් හා සබැඳි ඉතිහාසය හා පුරාවෘත

    ලෝකයේ උණු දිය උල්පත් සම්බන්ධයෙන්,විවිධ කතාන්දර ඇත.විස්වාසයෝද ඇති අතර දේව විස්වාද ආගමික සමාජ විශ්වාසද දැකිය හැකිය. සම ආදි රෝග දුරුවෙන බවත්, ග‍්‍රහ අපට දුරුවෙන බවත්, කලගුණාගුණ දුරුවෙන බවත්,ආයුෂ වර්ණය හා වැඩි ආයුෂ ලබන්නටද මෙය හේතුවන බව පිළිගැනීමය.යක්ෂ භූත සුරඟන විස්වාද ලොව රට රටවල සමාජ තොරතුරු ගවේෂණය කිරිමෙන් දැකිය හැකිය. කින්නියාවේ ඇති උණුදිය උල්පත් 7න්ම නෑම, එහි පැමිණෙන බොහෝ දෙනෙකුගේ සිරිතයි. විශේෂයෙන්ම දමිළ ජනතාව මෙම චාරිත්‍රය අකුරටම ඉටු කරයි. එමන්ම කින්නියා උණුදිය උල්පත් රාවණා රජු හා සම්බන්ධ ජනප්‍රවාදයක් හා බැඳී පවතින අතර එම උණුදිය උල්පත් අස්ල ඇති පුවරුවක මෙම පුරාවෘතය විස්තර කරයි.

    ජනප්‍රවාදයට අනුව රාවණා රජ්ජුරුවන්ගේ අම්මාට කුෂ්ඨ රෝගයක් වැළඳී තිබේ. අම්මාගේ කුෂ්ඨයට පිළියම් සොයා වෙහෙසෙන රාවණාට දිනක් සිහිනයක් දක්නට ලැබේ. සිහිනයෙන් කියැවුණු ඉතැනට පැමිණ උල්පත සොයා ගත් රාවණා රජු ළිඳක් බඳවා, එතැන ම දේවාලයක් ඉඳිකොට උල්පතේ උණුදියෙන් අම්මා නෑවී ය. ඇගේ කුෂ්ඨ රෝගය ඉක්මනින් ම සුව වීලු. එතැන් පටන් උණුදිය ළිඳ හා දෙවොල පූජනීයත්වයට පත් වීලු.

    උපුටාගැනීමකී
    FB_IMG_1661060331340.jpg
    FB_IMG_1661060340293.jpg
    FB_IMG_1661060343566.jpg
    FB_IMG_1661060346645.jpg
    FB_IMG_1661060351075.jpg
    FB_IMG_1661060355243.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ත්‍රිකුණාමලය ආසන්නයේ කින්නියා සහ කන්නියා කියලා ගම් දෙකක් තියනවා. කින්නියා ත්‍රිකුණාමලයට දකුණෙනුත්, කන්නියා ත්‍රිකුණාමලයට බටහිර පැත්තටත් වෙන්නයි තියෙන්නේ එයින් උණුවතුර ලිං තියෙන්නේ කින්නියා වල නොවෙයි, කන්නියා කියන ගමෙයි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මහ ඔය උණුවතුර ලිද බලන්න ගියා මායි තව එකෙකුයි හෙනානිගල දානිගල යන ගමන්...
    කට්ට අව්ව.. ලිදේ බුබුළු දානවා ..නිකමට වතුර එකක් අරන් කකුලට දැම්මා.. නටන වතුර වක් කරා වගේ .. නාන්න තියා හිතන්නෙවත් බෑ