පොල්තෙල් වලින් ඉන්ධන හදන වැඩේ පොඩ්ඩක්වත් ප්‍රායෝගික නෑ - Science With Ruchira

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy



    මේක රුචිර ඊයෙ upload කරපු video එකක්. මේ video එක අනිවාර්යෙන්ම බලන්න. රුචිරත් "පොල් තෙල්" කියන වචනේ මේ video එකේ සමහර තැන්වල කෙලින්ම පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි රුචිර මේ video එක හදලා තියෙන්නේ අර හරීන්ද්‍ර ජයලාල්ගෙ පොල්තෙල් වලින් ඉන්ධන හදන වීඩියෝ එකට response එකක් විදිහට. එයා මේ video එකේ description එකේ ඒක සඳහන් කරලා තියෙනවා.

    Screenshot_20220625-093426_YouTube.jpg


    මට සිරාවටම පට්ට තරහයි බං හරීන්ද්‍ර ජයලාල් එකක. ඌ හිතාගෙන ඉන්නේ ඌ හෙන වැඩ්ඩෙක් කියලා. යකෝ මොකක් හරි දෙයක් ගැන video එකක් කරන්න කලින් ඒ subject එක ගැන යන්න පුළුවන් "ගැඹුරටම" ගිහිල්ලා ඒ ගැන research කරලා video එක හදන්න ඕනේ. මෙහෙමයි බං. කව්රුහරි "සල්ලිකාරයෙක්" මොකක්හරි දෙයක් කරලා ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා කිව්ව පලියට අපි ඒක කරන්න යන එක පට්ටම භයානකයි. පොල්තෙල් වලින් ඇත්තටම ඉන්ධන ප්‍රශ්නෙට මොකක් හරි තාවකාලික හොඳ විසඳුමක් සපයන්න පුළුවන් ඇති. ඒ වුනාට පොල්තෙල් වලින් ඉන්ධන හදනවා කියන්නේ net negative energy gain එකක් තියෙන process එකක්!!!! කොච්චර සල්ලි තියෙන මිනිහෙක් වුණත් ඒ මනුස්සයට පේන්නෙ නැති, scientist කෙනෙක්ට විතරක් පේන "ගැඹුරක්" science වලට අදාල subjects වල තියෙනවා. සල්ලිකාරයොන්ට වුණත් පිළිගන්න පුළුවන්කම තියෙන්න ඕනෙ ඒගොල්ලොන්ට සල්ලි තිබ්බ පලියට "ඒගොල්ලො ලබා දෙන solutions හැම එකක්ම නිවැරදි නොවන බව" හා "ඒගොල්ලො නොදන්න දේවලුත් මේ ලෝකෙ තියෙන බව." පිටතින් සුන්දරයි වගේ පේන දේවල් ඇතුලෙ පට්ට භයානක වෙන්න පුළුවන්. අනිත් එක තමා අයිස් කන්දක මුහුදෙන් මතු පිටට පේන්න තියෙන ප්‍රමාණය දැකලා කවුරුහරි "මම මුලු අයිස් කන්දෙම ප්‍රමාණය දන්නවා" කියලා කියනවා නම් ඌ හෙන මෝඩයෙක් බං.
    Download Free Mobile Phone Wallpaper Iceburg.jpeg


    හැබැයි බං අපේ ලංකාවේ සමහර මිනිස්සුත් පට්ටම ආත්මාර්ථකාමියි. ඒගොල්ලො "නොදන්න" දේවලුත් මේ ලෝකෙ තියෙනවා කියලා පිළිගන්න ඒගොල්ලො පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ කට්ටිය කියන්නේ "අපිට ඔය science වලින් වැඩක් නෑ , අපිට ඕනෙ වැඩේ වෙනවනම් එච්චරයි" කියලා. ඔහොම හිතාගෙන පොල්තෙල්වලින් ඉන්ධන හදන්න පටන් ගන්න කට්ටියටත් අන්තිමට මොකද වෙන්නේ කියලා රුචිර මේ video එකේ සුපිරියටම පැහැදිලි කරල තියෙනවා. දැන් මේ thread එක හින්දා මට කුණුහරුප කියාගෙන බැනගෙන එන්න පටන් ගන්නෙත් ඒ වගේ ආත්මාර්ථකාමී මිනිස්සු ටිකක්. මට ඔහොම කුණුහරුප කියන මිනිස්සුන්ව පේන්න බෑ. අනිත් ලොකුම ප්‍රශ්නේ තමා රටේ දේශපාලනය කරන කට්ටියත් මේ දේවල් ගැන ගැඹුරටම research කරන්නෙ නැතුව එකපාරටම උඩින් පේන්න තියෙන දේ දැකලා හිතුවක්කාර තීරණ ගන්න එක. එහෙම දේශපාලනඥයො ගන්න හිතුවක්කාර තීරණ හින්දා කෙලවෙනවා නම් කෙලවෙන්නේ තනි මනුස්සයෙක් නෙමෙයි , "මුළු රටටම." දැන් බැරිවලාවත් මොකෙක් හරි දේශපාලඥයෙක් Bio Diesel ගැන Propaganda එකක් හදලා Government එකේ සහයෝගයක් ඇතිව Bio Diesel හදන්න පටන් ගත්තොත් එහෙම මුලු ලංකාවටම ආයෙ සුපිරියටම කෙලවෙනවා.

    මට නම් රුචිර මෙහෙම සුපිරියටම research කරලා තොරතුරු හොයන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. මට පට්ටම ආසයි කවදහරි ලොකු උනාම රුචිර වගේ සුපිරියටම research කරන්න පුළුවන් මොළයක් තියෙන මිනිහෙක් වෙන්න. රුචිර මේ research එක කරන්න පාවිච්චි කරපු resources ටික පල්ලෙහා link එකේ තියෙනවා.

    https://drive.google.com/drive/mobile/folders/1WNcgJKBI5YZ3zqxL5XBlcBtd3HoXo8Lk?usp=sharing
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ටියුෂන් කාරයෝ කටපාඩම් කරවල හැම එකාම ඕලෙවල් Science පාස් කරවනවා. ඊට පස්සේ ඕලෙවල් Science පාස් වෙච්ච හැම එකාම හිතන්නේ උන් Scientist ල කියල. එකනේ අර තෙල් පෝලිම් වල ඉන්න උන් බෝතලේකට තෙල් අරන් එකේ පාටින් ප්‍රමිතිය ගැන තවුසන් ටෝක් දෙන්නේ. :lol: :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ටොයා්ාටා් සමාගමේ දස වන සංවත්සරයට KDH වෑන් 100ක් නොමිලේ බෙදාදේ.. ඔබ කැමති පාට comment කරන්න කියල දාපු post දැකල තියේද උබල :lol:
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy

    Let the battle begin

    මේ video එකට දාලා තියෙන comments දැක්කහම දුකත් හිතෙනවා බං. මිනිස්සු පට්ට අසරණ වෙලා ඉන්නේ. දිලින ඒ මිනිස්සුන්ව ඒ අයගෙ දුක්වලින් මුදවාගන්න ආපු "ගැලවුම්කාරයෙක්" වගේ තමයි ඒ අයට පේන්නේ. එහෙම ඒ මිනිස්සුන්ට "දෙවියෙක් වගේ පේන මනුස්සයෙක්" කියන කතා "හැම එකක්ම" ඒ මිනිස්සු එකහෙළාම පිළිගන්නවා. දිලින කියන කතාව කොච්චර වැරදි කතාවක් වුණත් ඒ මිනිස්සු ඒක "දේව වාක්‍ය" වගේ අන්ධ භක්තියෙන් යුක්තව පිළිගන්නවා. දිලින කරන්න යන වැඩේ "වැරැද්ද" පහදලා දෙන්න යන Scientist ලයි Economist ලයි ඒ මිනිස්සුන්ට පේන්නේ "දෙවියන්ගේ දේව රාජකාරියට බාධා කිරීම සඳහා පැමිණි යක්ෂයෝ රැලක්" වගේ.

    ඊට පස්සේ ඒගොල්ලෝ "මේ වැඩේට නිලධාරීන් කැමති නැත්තේ ඒ කට්ටියට කොමිස් එකක් හම්බෙන්නෙ නැති හින්ද" / "මේ වැඩේට අකමැති වෙලා තියෙන්නෙ මහ කුහක විද්‍යාඥයො ටිකක්" වගේ කතා ටිකක් ඒගොල්ලන්ගෙ ඔලුව ඇතුලෙ මවා ගන්නවා. ඊට පස්සේ scientist ල ඒ මිනිස්සුන්ට "තිත්ත ඇත්ත" පැහැදිලි කරලා දෙන්න කොච්චර උත්සාහ කරත් මිනිස්සු ඒක පිලිගන්නේ නෑ. දිලිනගේ දේව වාක්‍ය තමා ඒ කට්ටිය පිළිගන්නේ. අර "ධම්මික පැණිය" කියලා බෙහෙතක් Covid කාලෙ ආව මතක ද? එතනත් උනේ මෙන්න මේ වගේම සංසිද්ධියක්.


    Screenshot_20220625-172946_YouTube.jpg

    Screenshot_20220625-172920_YouTube.jpg

    Screenshot_20220625-172937_YouTube.jpg

    Screenshot_20220625-173413_YouTube.jpg