පොල්රුප්පාවේ..

පොල්රුප්පාවේ..

පොල්රුප්පාවේ දගකළ සෙල්ලම්
සුළගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා

මායාවක්දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ ‍රැහැයි හඩේ දුක් ගීත රාවයේ //
සවනේ වැකුනේ ගොළුවූ හඩක් ලෙසින්
මායාවක්දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ //
කදුලින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පොල්රුප්පාවේ දගකළ සෙල්ලම්
සුළගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

loversdreamwallpaper.jpg