පොල්ලෙලි පල් කරපු - තල්පේ තටාක (The rock pools in Thalpe)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පොල්ලෙලි පල් කරපු - තල්පේ තටාක 🌴🥥🌊🏊🏻‍♂️ (The rock pools in Thalpe) - Your Choice Way
    අද අපේ කතාව තවත් ලස්සන මුහුදු තීරයක්... ඒ වගේම නාන තටාකයක්.තල්පේ.තල්පේ වෙරළ යනු තවත් සංචාරක තෝතැන්නකි.

    තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක නිර්මාණය වෙලා තියෙන තටාක කිහිපයක් දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.

    මේ තැනෙර් වර්තමානය කියන්න කලින් අතීතය බලමුද? මීට වසර ගණනාවකට පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහාය.

    අද යස අපූරුවට බැහැගෙන ඉන්නේ පොල්ලෙලි පල් කරපු වලවල් වල..පෙර කාලයේ ලංකාවේ සුදු පොල් කොහු පල් කරපු එකම ස්ථානය මෙය වන අතර මෙම ප්‍රදේශයේ එම කර්තව්‍යය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා තිබේ.

    අද වන විට මෙම වළවල් සුන්දර තටාක ලෙස දැකිය හැකි අතර ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි.ඕක තමා මෙහි ඉතිහාසය..

    පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන රළ කඳ මෙම ගල් පරයේ හැපී විසිරෙන්නේ එහි වූ හතරැස්කොටු වැනි තටාක තුළටද දිය කඳ හළමිනි.

    විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වේ. බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක මතට අපුරුවට විනෝද වෙයි..

    සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය.

    කෙතරම් සුන්දරත්වයක් විනෝදයක් මෙම තඩාග/තටාක ගෙන දුන්නද මේ අසලම එක්තරා අනතුරක් පවතින බව මෙහි පැමිණෙන්නෝද දනිති.

    එනම් ඉකිරි නම් මුහුදු සත්වයා මෙම ඉසව්වේ බහුල ලෙස දැකිය හැකි වීමයි.

    කුඩා ටෙනිස් බෝලයක් වටේට ඉත්තෑ කූරු සවි කර ඇත්තා සේ මෙම සත්වයා මෙම ගල්පරයේ ඇලී සිටින නමුත් මිනිසාට කිසිදු හානියක් සිදු නොකරයි.

    නමුත් මිනිසා මෙම සතුන්ගෙන් බොහෝ ප්‍රවේසම් විය යුත්තේ මෙම සතාව පෑගීමට පුළුවන්කම ඇති හෙයිනි. ඔබේ දෙපාවලට මෙම සත්වයා පෑගුණහොත් එම කටු රාශියක්ම ඔබේ යටිපතුලේ ඇනී ලේ ගලන වේදනාබර තුවාලයක් සිදු විය හැක.

    විනෝද වෙනවා වගේම පරිස්සමින් හොදේ.

    මෙවැනි සංචාරක ස්ථාන කියවීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න

    Original Post Click Here
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දන්න නිසා කියන්නේ, වැලි ඉකිරි සක කලු ඉකිරි කියලා වර්ග දෙකක් ඉන්නවා, පැගුනොත් ගන්න යන්න ඒපා එකේන් වෙන්නේ තව තව ඇතුලට යන එක, ඒ කටුව හිරිගල් කුරක් වගේ කැඩේනව ගන්න යද්දි. සමහර වෙලාවට මුලු කකුලම වැහෙන්න කලු පාට තිත් තිත් වගේ ඇනිලා තියනවා මම දැකලා තියනවා. අපි නම් ඒ දවස් වල කරන්නේ සූරිය ගෙඩි කන හුනු එක්ක උරච්චි කරලා ගානවා. මගේ ඇනිලා තියනවා කාලෙකට කලින්. ඒ සත්තු එලවගෙන ඇවිත් කන්නේ නෑ, අතින් අල්ලන්නත් පුලුවන් උන්ගෙන් කරදරයක් නෑ එක නිස උන්ව මරන්න නම් ඒපා.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70

    hodama de thuwaleta chu karana eka. wedanawa/wisa adu wenawa eken.
     
    • Like
    Reactions: netudara

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    poddak wisthara karapan ko :D
    ඉස්සර A/L කරලා හිටියෙම මුහුදේ උදෙට බහිනවා මාලුවෙක් අල්ලගන්නවා ගොඩට එනවා දවල්ට කනවා අයිමත් හවසට මුහුදේ අන්න ඒ වගේ කාලයක්... පිනනවා කියන්නේ නතින් ඒ කාලේ.. 😆😆😆 මුහුද ගැන නොදන්න දෙයක් නෑ කියලා හිතන් හිටියේ...ඉකිරි, ජෙලි ෆිශ්, ගල් ගුල්ලෝ ගැන දන්න අපි🤪🤪 දවසක් උදේම මුහුදට ගියා 7.30 වගේ එහා කොනේ හිටපු ජනාධිපති කෙනෙක් වෙච්ච චන්ද්‍රිකා මැඩ්ම්නුත් ඉන්නවා තව කෙල්ලෙක් හිටියා ලස්සන දුව වෙන්න ඇති. මගේ තද යාලුවෙකුත් හිටියා මමත් එක්ක ඌ මට වැඩිය මුහුද කාපු එකෙක්.. ඉතින් මම පැන්නා මුහුදට පොරසේ ගියා ගැබුර හරියට. එක පාරට වම් අතට කරන් එක වැදුනා වගේ දැනුනා පපුව හිරවෙන්න එනවා ඒ එක්කම. පුලුවන් උපරිම ගැම්ම අරගෙන පීනුවා ගොඩට, වම් අත පුපුරු ගහනවා පපුව හිරවෙලා කලන්තේ වගේ, දැන ගත්තා ගැවුනේ ජෙලිෆිශ් කෙනෙක් කියලා. අරුන්ගේ ගෙදරට ගිහින් පොල් කිරි විදුරුවක් බිව්වා, දැන් අතේ පලූ දාලා අපුව හිරවෙන එක අඩු වෙනවා අත කපලාදාලා වගේ විසයි, පොල්තෙල් ටිකක් ගලා පිහියෙන් හිරුවා, ඉන්න බැරිම තැන ගියා ඒ පැත්තේ බෙහෙත් කරන අයියා කෙනෙක් ලගට ඌ මොකද්ද කරා එතකොට පපුව හිරවෙන එක නැවතිලා දැන් විස ගහනවා විතරයි, ගෙදර ගිහින් සිද්දාලේප නාලා විකාරෙට නිදාගත්තා. හවස නැගිටලා එත් ඒ වගේ බැරිම තැන පුටාර් එකත් අරගෙන අපේ පැත්තේ ඉන්නවා ආච්චි කෙනෙක් එයා මුහුදේ ගිහින් කරදර වෙන අයට බෙහෙත් කරනවා, එයාලගට ගිහින් ඒ ආච්චි කකා හිටපු බුලත්විට කටෙන් අරන් සතා ගැවුනු තැන තියලා බැන්දා, ටිකකට පස්සේ රිදෙන එක හරි ගියා ඒ පාර කොලවගයක් කඩලා දුන්නා තම්බලා බොන්න කියලා යාලුවෙක්ගේ ගෙදර ගිහින් එකත් හදාගෙන බිව්වා දැන් වැඩේ හරි.... එත් අතේ පලු පලු දාලා තියනවා රැශ් එකක් වගේ වතුර වගේ එනවා එවයින් සති දෙකක් විතර ගිහිල්ලත්. අන්‍ය්හිමට ගෙදරට කියලා ඩොකෙක් ලගට ගිහින් තමයි එක හොද කරගත්තේ... ගොඩාක් වෙලාවට මැරේනවාලූ විසට...

    සිංහලෙන්ම දන්න විදිහට කිව්වොත් ඔය කවුරු කවුරුත් කියන ටැංකි තියෙන්නේ මගේ ගමේ... මුහුද කියන්නේ අපි කවුරුත් දන්න තැනක් නෙවෙයි.. කොච්චර පිනන්න පුලුවන් කෙනෙක් උනත් වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ... හොදම උදාහරනේ උනවටුනේ හිටපු හොදම dive කරන කේනා ඒ කාලේ ( මම හිතන්නේ දකුනු ආසියාවේ හොදම කේනා) සුනාමියට ගියපූ ගොඩාක් අය බෙරලා ගෙනාවා එත් දෙවෙනි එකට තාත්තයි පුතයි දෙන්නම ගියා මම දන්න විදිහට. ඒක නිසා යන තැනක පරිස්සමෙන් ඔය ටැංකි වල සහ පැරගන් එක පිටිපස්සේ ඉකිරි ගොඩාක් ඉන්නවා යන කෙනෙක් පරිස්සමට.. වැරදිලා හරි ඉකිරියෙක් ගැවුනොත් පුලුවන් ඉක්මනට ගමේ එකෙක්ට කියන්න කරන්න ඔනේ ටික ඒ මිනිස්සු කරයි.. කරදරයක් උනොත් උන් බලනවා.. එහෙනම් පරිස්සමෙන් ජයවේවා....!🙏
     
    Last edited:

    බොහොම ස්තුතියි අපේ කට්ටියව දැනුවත් කලාට
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    සිංහලෙන්ම දන්න විදිහට කිව්වොත් ඔය කවුරු කවුරුත් කියන ටැංකි තියෙන්නේ මගේ ගමේ... මුහුද කියන්නේ අපි කවුරුත් දන්න තැනක් නෙවෙයි.. කොච්චර පිනන්න පුලුවන් කෙනෙක් උනත් වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ...
    කොතනද බන් හරියටම ඔය ටැංකි තියෙන්නේ ?? පැරගන් එක පිටිපස්සේ ද ??? උබ ඒ හරියේද බන් ??
     
    • Like
    Reactions: netudara

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කොතනද බන් හරියටම ඔය ටැංකි තියෙන්නේ ?? පැරගන් එක පිටිපස්සේ ද ??? උබ ඒ හරියේද බන් ??
    පැරගන් එක පිටි පස්සේ ටිකක් තියනවා... තව ටිකක් තියනවා එතනින් හබරාදුව පැත්තට යනකොට 600 m වගේ යද්දි... ඔවු මම ඒ ලගම හැබැයි දැන් ඉන්නේ කොලබ... මම නම් දැන් 2012 න් වගේ පස්සේ මම ඔතනට ගියේ නෑ... ගෙදර ගියාම යන්නේ හීන් වැල්ල කියල තැනක් තියනවා එතෙන්න්ට.. එතන බීච් එක හොදයි... ටැන්කි නම් නෑ
     
    • Like
    Reactions: netudara

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    පැරගන් එක පිටි පස්සේ ටිකක් තියනවා... තව ටිකක් තියනවා එතනින් හබරාදුව පැත්තට යනකොට 600 m වගේ යද්දි... ඔවු මම ඒ ලගම හැබැයි දැන් ඉන්නේ කොලබ... මම නම් දැන් 2012 න් වගේ පස්සේ මම ඔතනට ගියේ නෑ... ගෙදර ගියාම යන්නේ හීන් වැල්ල කියල තැනක් තියනවා එතෙන්න්ට.. එතන බීච් එක හොදයි... ටැන්කි නම් නෑ
    හීන් වැල්ල කොතනද තියෙන්නේ ?? ඒ හරියේ පාරේ තියන ප්‍රසිද්ද තැනක් කියන්න පුලුවන්ද (පැරගන් වගේ) ? එතකොට යන්න ලේසියි.
     
    • Like
    Reactions: netudara

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හීන් වැල්ල කොතනද තියෙන්නේ ?? ඒ හරියේ පාරේ තියන ප්‍රසිද්ද තැනක් කියන්න පුලුවන්ද (පැරගන් වගේ) ? එතකොට යන්න ලේසියි.
    IF kiyal vila ekaka thiyanawa. Thawa WB kiyala ekakuth thiyanawa, kagen hari ehuwoth kiyawi. Vehicle park ekakuth dan hadagena thiyanwa, mokada weekend wala godaknaya awa corona walata kalin dan nam danne na
     
    • Like
    Reactions: netudara