පොල් ගෙඩියක් 150/=

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පොල් ගෙඩිය 150 ඉක්මවීම ආසන්නයේ..
    September 16, 2020 at 12:40 pm | lanka C news
    පොල් ගෙඩිය 150 ඉක්මවීම ආසන්නයේ..
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    පසුගිය කාලයේ රුපියල් 40.00-50.00 ට තිබුණු පොල් ගෙඩියක් මේ වන විට වෙළද පොලේ අලෙවි වන්නේ රුපියල් 95.00- 100.00 වැනි මිලකටය. ඉහළ නිළධාරීන්ගේ සමහර අනුවන තීරණ නිසා තවත් මාස දෙකක් යන විට පොල් ගෙඩියක් පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 150.00 ක් වැනි මිලකටය. එසේ වූයේ ඇයිද? යන්න අප සොයා බැලිය යුතුය. අප ඒ පිළිබදව සොයා බැලිය යුත්තේ මෙරට පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට පොල් මිලදී ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීමටය.

    මෙරට පොල් අස්වැන්න

    මෙරට පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.8 ක් වන අතර පොල් සංවර්ධන මණ්ඩලයේ 2019 වර්ෂයේ සංඛ්‍යා ලේඛණවලට අනුව පොල් සහ පොල් තෙල් පරිභෝජනය හා අපනයනය මෙසේය.

    ගෘහස්ත පොල් පරිභෝජනය (මාලු පොල්) අනුව ගෙඩි බිලියන 1.8 කි.

    පොල් තෙල් සදහා ගෙඩි බිලියන 0.4 (පොල් තෙල් අඩු තීරුබදු අනුපාතයකින් ආනයනය කිරීමට ඉඩ දෙන්නේ නම් පමණි

    පොල් අපනයනය ගෙඩි බිලියන බිලියන 1.3 යි.

    මේ අනුව වාර්ෂික පොල් ගෙඩි හිගය පොල් ගෙඩි බිලියන 0.7 කි. පොල් තෙල් අවශ්‍යතාවය කළමනාකරණය කරන්නේ නම් මෙම පොල් හිගය යම් ආකාරයකට කළමනාකරණය කල හැක.

    වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය පොල්තෙල් මෙට්‍රික් ටොන් 180000 ක් වන අතර 2019 වසරේදී මෙරටට ආහාරයට ගත හැකි තෙල් මෙට්‍රික් ටොන් 140000-160000 රටට ආනයනය කර ඇත. මෙම ප්‍රමණය පොල් ගෙඩි බිලියන 1.4 -1.6 ට සමාන වේ.

    2019 වසරේදී පොල් ගෙඩි අස්වැන්න බිලියන 3.00 ක් වූ අතර එයින් ගෘහස්ත පරිභෝජනය සදහා ගෙඩි බිලියන 1.8 ක් ද දේශීය පොල් තෙල් සදහා ගෙඩි බිලියන 0.4 ක් ද පොල් මද ආශ්‍රිත අපනයන සදහා ගෙඩි බිලියන 0.8 ක් භාවිතා කර ඇත.

    2020 වසරේදී පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.8 ක් බලාපොරොත්තු වන අතර එයින් ගෘහස්ත පරිභෝජනය සදහා ගෙඩි බිලියන 1.8 ක් ද දේශීය පොල් තෙල් සදහා ගෙඩි බිලියන 0.6 ක් (දැනටමත් භාවිතා කර ඇත )ද මද ආශිත අපනයන සදහා ගෙඩි බිලියන 0.4 ක් ඇස්තුමේන්තු කල හැක.

    පොල් මිල සීඝූයෙන් ඉහලයන්නේ ඇයි?

    ගෘහස්ත පොල් තෙල් නිෂ්පාදනය සදහා පොල් අධික ලෙස භාවිතා කිරීම නිසා අපනයනකරුවන් සදහා ලබා ගත හැකි පොල් සහ ගෘහස්ත පරිභෝජනය සදහා පොල් ලබා ගැනීම සදහා ඔවුන් අතර තරගයක් ඇති වීම කරණ කොට ගෙන පොල් මිල සීඝූයෙන් ඉහල ගොස් තිබේ.

    මාසික පොල් අස්වැන්න කළමණාකරනය කිරීම

    පොල් අස්වැන්න සෑම මාසයකදීම සමාන වන්නේ නැත. අඩු අස්වැන්නක් ලැබෙන මාසවලදී පොල් මිල පාලනය කිරීමට බලපාන එකම සාධකය වන්නේ ස්වාරක්ෂක තොගයයි. 2020.04.10 වන දින සෙස් බද්ද වැඩි කිරීම නිසා සහ පොල් තෙල් ආනයනය කිරීම සීමාකිරීම නිසා සිදු වූයේ ස්වාරක්ෂක තොග භාවිතයෙන් රට තුළ පොල් තෙල් නිෂ්පාදනය වේගයෙන් ඉහළයාමයි මේ වන විට පොල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව වී ඇත්තේද එයයි. සෑම අංශයක් සදහාම එනම් ගෘහස්ත පරිභෝජනය සදහා පොල් තෙල් සදහා සහ අපනයනය සදහා පොල් වෙන්කිරීමට නොහැකි වීම අපට ඇති ප්‍රධාන ගැටලුවයි.

    වෙනත් රටවල් තම රටවල ඇතිවන පොල් හිගය පාලනය කරන්නේ කෙසේද?

    පිලිපීනය ලොව විශාලතම දිසිදි (DC) සහ පොල් තෙල් නිෂ්පාදනය කරන රට වේ. එරටෙහි පොල් හිගයක් ඇති වූ විට අගය එකතු කිරීමට පදනම්ව ලබා ගත හැකි පොල් වෙන්කර වෙනත් කර්මාන්ත සදහා අමුදව්‍ය ආනයනය කිරීමට ඉඩ ලබා දේ උදාහරණයක් ලෙස ගතහොත් එරට අගය එකතු කල නිෂ්පාදනයේ අඩුම අගය පොල් තෙල් වන බැවින් ඉන්දුනීසියාවෙන් කොප්පරා ආනයනය කිරීමට අවසර ලබා දේ.

    තායිලන්තය පොල් කිරි සහ පොල් වතුර නිපදවන විශාලම රටවන අතර පොල් වතුර ලබා ගැනීම සදහා පොල් ප්‍රභේද වගා කරන අතර අගය එකතු කල පොල් කිරි කර්මාන්තය සදහා ඉන්දිනීසියාවෙන් නැවුම් පොල් ආනයනය කිරීමට ඉඩ ලබා දේ.

    භාවිතා කරන අමුදව්‍ය අනුව අගය එකතු කල නිෂ්පාදනවල ලෝක වෙළදපොල අනුව වඩාත් වාසිදායක කුමක්දැයි තීරණය කල හැක.

    නිෂ්පාදනය අවශ්‍ය පොල් (කිලෝ ගෑම්) ලෝකවෙලදපොල මිල නිෂ්පාදන මිල

    පොල් කිරි 3.5 (4-5 පොල් ගෙඩි) ඇඩො 2.0/ kg ඇඩො 0.57

    පොල්වතුර 6-7 (10-12 පොල් ගෙඩි) ඇඩො 3.5/ kg ඇඩො 0.54

    දිසිදි පොල් 5.00(9-10) පොල් ගෙඩි ඇඩො 2.3/ kg ඇඩො 0.46

    පොල්තෙල් 6-7 (10-12) පොල් ගෙඩි ඇඩො 1.0/ kg ඇඩො 0.15

    පොල් මිල අඩු කිරීම සදහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන හා දිගු කාලීන විසදුම් මෙසේ ඉදිරිපත් කරමු.

    කෙටි කාලීන විසදුම්

    වෙන්දේසියේදී උපරිම මිල කිලෝ එකක් සදහා රුපියල් 90.00 ක් විය යුතුය

    මාලු පොල්වල මිල පාලනය කළ යුතුය

    නාස්තිය අවම කිරීම සදහා ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය

    පොල් මද ආශ්‍රිත අපනයනකරුවන්ට ඔවුන්ගේ අපනනයන ඇණවුම් මත පමණක් නැවුම් පොල් ආනයනය කිරීම සදහා අවසර දීම

    අපනයනකරුවන්ට පොල් තෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම

    කෘෂිකර්මාන්තය සදහා වන රජයේ ප්‍රතිපත්ති ස්ථාවරය තබා ගැනීම

    මධ්‍ය කාලීන විසදුම්

    පොල්වතු සදහා පොහොර සහනාධාර ලබා දීම

    පොල්වතුවල යටි වගාව සදහා උනන්දු කිරීම පොල්වතු වලින් පොල් සදහා භාවිතා කරන්නේ 25% ඉඩම් ප්‍රමාණයක් පමණි

    පොල් කර්මාන්තශාලා ආහාර කර්මන්තශාලා ලෙස වර්ග කිරීමට අවස්ථාව ලබා දීම එසේ කලහොත් ඔවුනට වෙනත් ආහාර නිෂ්පාදන සදහා අවස්ථාව උදාවේ

    කෘෂි කාර්මික ව්‍යාප්ති නිළධාරීන්ගේ තාක්ෂණික දැනුම වැඩි කිරීමට කටයුතු කිරීම

    පොල් වතු සදහා අඩු පොලී ණය ලබා දීම

    නාස්තිය අවම කිරීම

    අප බොහෝවිට පොල් කිරි ලබා ගන්නේ පොල් මදය අඔරා පොල් අතින් මිරිකා වන අතර එසේ කිරීමේදී පොල් කිරිවල වැඩි ප්‍රමාණයක් පොල් කුඩු සමග අපතේ යයි. ඒ වෙනුවට පොල් කිරි සදහා ජීවහරණය කරන ලද පොල්කිරි පැකට්ටුව ප්‍රවර්ධනය කරන්නේ නම් පාරිභෝගිකයාට එය ඉතා වාසිදායක වේ. එම නිෂ්පාදනයේ ගැටලුව වන්නේ ඇසුරුම සදහා විශාල මුදලක් වැය වීමයි රජය ඒ සදහා මැදිහත්වන්නේ නම් එම පිරිවැය අඩු කරගත හැක.

    ශීත කරන ලද ගාන පොල් ප්‍රවර්ධනය කිරිමද කල හැක. ඒ සදහා පාරිභෝගිකයා දැනුවත් කරන වැඩසටහන් සංවිධානය කල යුතුය.

    පොල් කර්මාන්තයට සම්බන්ධ නිළධාරීන්ගේ වැරදි

    අප මෙසේ කුමන යෝජනා ඉදිරිපත් කලද මෙරට පොල් සංවර්ධනය සදහා වගකිය යුතු අංශවල ක්‍රියාකාරීත්වට තවම මන්දගාමීය. මෙරටට පොල් මිල ඉහළයාම සදහා ඉහළ නිළධාරීන් වගකිවයුතුය. පොල් කර්මාන්ත නගා සිටවීම සදහා අප කොතරම් කතා කලද මෙරට පොල් මිල පාලනය කිරීමට නොහැකිව ඇත්තේ කළමනාකරනයේ අඩුපාඩු නිසා බව නොකියාම බැරිය. උදාහරණයක් ලෙස ගත හොත් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති හා පොල් පරේෂණ ආයතනයේ සභාපතිවරයා වන්නේ එකම පුද්ගලයෙකි. ඔහු පොල් වගාකරුවන්ගේ සංගමයේ ලේකම්වරයාද වේ. පුද්ගලික සංවිධානයක තනතුරු දරන්නෙකු ආයතන තුනක සභාපතීත්වය දැරීම නිසා ඔහු පොල් කර්මාන්ත කරුවන්ගේ උන්නතිය පිළිබදව සොයා බලනවා මිස පොල් සහා ඒ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන පාරිභෝගිකයාට හොද මිලක් ලබා දීමට කටයුතු නොකරන අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කරනු ලබන අපනයනකරුවන් සුරක්ෂිත කිරීමටද කටයුතු නොකරයි.

    මෙම තත්වය පාලනය නොකලහොත් ඉදිරි මාස කිහිපය තුළ පොල් ගෙඩියක් මෙරටට පාරිභෝගිකයාට මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 150.00 වැඩි මුදලකට වන බවද අවධාරණය කරමු.

    රංජිත් විතානගේ
    සභාපති
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
     
    • Like
    Reactions: shadow134

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Coconut.gif
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රිලවුන් ගෙන් වෙන හානිය නම් හරිම අපරාධයක්.
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    පිලියන්දලින් පොල් අරන් කීල්ස් එකට දුන්න නම් ගෙඩියකට 35ක් තියාගන්න පුලුවන් :unsure:

    ඇවිත් කරපන් ඔය බෝකුන්දර හන්දියෙමයි කඩේ තියෙන්නෙ