පොල් ලෙල්ලෙන් ගිය දුරක්... ආඩම්බරයි
පොල් ලෙල්ලෙන් ලොවක් දිනූ තරුණ ව්‍යාපාරිකයා
(ලංකා ඊ නිව්ස් -2013.සැප්.05, ප.ව.11.30) පොල් ලෙලි යොදා ගනිමින් පරිසර හිතකාමී නිමි භාණ්ඩ නිෂ්පාදනය කරමින් අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල් 30 ක සාඩම්බර අපනයනකරුවෙකු බවට පත් වු රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගම නිරික්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි මිචෙල් ෙජ් සිසොන් මහත්මිය පසුගිය 2013 සැප්තැම්බර් 03 වනදා එම සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
පැය 04 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිවරිය මෙවැනි කර්මාන්ත ශාලාවක් නිරීකෂණය කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. පොල් ලෙලි යොදා ගනිමින් රියෝකොකෝ ආයතනය නිෂ්පාදනය කරන නිමි භාණ්ඩ අමෙරිකා එක්සත් ජනපදයේ හරිතාගාර සුපිරි වෙලෙඳ සැල්, පැල තවාන, මුහුදු ඛාදනය වැලැක්වීමේ සහ පරිසර සංරක්ෂණ ව්‍යාපෘති සඳහා අපනයනය කරනු ලබයි. සංචාරය සඳහා පැමිණි තානාපතිනිවරිය කර්මාන්ත ශාලා පුරා ඇවිද එහි නිෂ්පාදන වන ආකාරය පිලිබඳ එහි සේවකයින් සමග සුහද සාකච්ඡාවක නිරත වු අතර රියෝකොකෝ ආයතනයේ අලූතින් ඉදි කරන නව ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමද එතුමිය අතින් සිදු විය.
නිරික්ෂණය අවසානයේ මාධ්‍ය ඇමතු තානාපතිනිය කියා සිටියේ අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ රියොකොකෝ නිෂ්පාදන ඉතා විශාල ප්‍රමාණයක් භාවිතා කරන බවත් එම නිෂ්පාදනය සිදු වන ආකාරය දැක ගැනීම පිළිබඳ තමන් සතුටු වන බවත්ය. හරිතාගාර ආචරණයට නිසි පිළිතුරක් ලබා දීමට රියොකොකෝ ආයතනය සහ නිෂ්පාදනයන් සමත්ව ඇති බවත් මෙම දැවැන්ත ක්‍රියාවලිය පසු පස සිටින ශ්‍රී ලංකික තරුණ ව්‍යාපාරිකයා පිළිබඳව තමන් මහත්සේ සතුටුවන බවද තානාපතිනිය අවධාරණය කළාය. මේ අතර තානාපතිනිය අතින් රියෝකොකෝ සමාගමේ නව වෙබ් අධවිය වන රියෝකොකෝ ඩොට් කොම් වෙබ් අඩවියද එළිදැක්විය
පිටරට තිඛෙන ඕනෑම කුණු ගොඩක් ලංකාවට ගෙනැවිත් ගාණක් කපා ගැනීමට ශ්‍රී ලංකාවේ සියයට අනූවක්ම ව්‍යාපාරිකයෝ පුරුදු වී සිටිති. එසේත් නැතිනම් දේශපාලූවෙකුට කොමිස් කුට්ටියක් දී ඕනෑම ජරා සේවයක් අංක එකේ සේවයක් ලෙස සලකා ලබා දීමට ද පුරුදුව සිටිති. එසේත් නැතිනම් අනුරාධපුරයේ වේලෙන බලූ අසූචි ගොඩක් කොළඹට ගෙනැවිත් සරුවපිත්තල දවටනයක ඔතා අනර්ඝ බුල්ටෝවක් කියා විකුණා ගානක් කපා ගැනීමට පුරුදුව සිටිති. එසේත් නැතිනම් බෝල සබන්වල රටේවත් නැති ආයුර්වේද ඖෂධ තිඛෙනවායි කියා බොරු වපුරා ගානක් කපා ගනිති.
ලීවොත් ලැයිස්තුව ඉතා දිගය. නමුත් ඒ කිසිදු ව්‍යාපාරයකින් රටක් ලෙස ශ්‍රී ලංකාව දියුණු වන්නේ නැත. මන්ද යත් රටට කියා එකදු ඩොලරයක් හෝ ඉන් ලැඛෙන්නේ නැති නිසාය. රටේ නිෂ්පාදන පිටරට වෙළෙඳ පොලට යවන ධෛර්ය සම්පන්න ඉතාමත් සුළු ව්‍යයසායකින් පිරිස අතරින් රියෝකොකෝ ලංකා (පුද්) සමාගමේ නිර්මාතෘවරයා වන සුසන්ත සිසිල්වන්ද්‍ර හෙවත් ෂාන් මහතා ද ආදර්ශයට ගත යුතු චරිතයකි.
රියෝකොකෝ ලංකා (පුද්) සමාගම පොල්ලෙලි යොදා ගෙන නිෂ්පාදනය කරන අගය එකතු කළ නිමි භාණ්ඩ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල් 30 කට අපනයනය කරයි. අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ අර්වින් නගරයේ පිහිටි සී හින්ස්ලින්ක් ජාත්‍යන්තර සමාගම සහ අනුබද්ධිතව පරිසර හිතකාමී, රසායන ද්‍රව්‍ය වලින් තොර ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ අපනයනය කරයි. අමෙරිකා එක්සත් ජනපදය කැනඩාව, මෙක්සිකෝව,ජපානය, එංගලන්තය වැනි රටවල් වල හරිතාගාර තුළ එලවළු වැවීම සඳහා යොදා ගන්නා ප්‍රධානතම වැවීමේ මාධ්‍ය රියෝකොකෝ සන්නාමය සහිත නිමි භාණ්ඩ වේ.
මෙන්න නිශ්පාදන ටිකක්
Coir Blocks
Grow Bags
GrowCoir Bag - 28 Liters
Coir Cap
Green Starter Bag
Coir Disk
Coir Starter Block
තරුණ අතිවිශිෂ්ඨ කාර්ය සාධන ව්‍යවසායකයා රියෝකොකෝ සමාගමේ සභාපති සුසන්ත සිසිල්වන්ද්‍ර මහතා 2007 වසරේදී සම්මානයෙන් පුදන ලදී.
අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ පැවැත්වු මෙම සම්මාන උලෙලේදී අවු 35 ට අඩු ව්‍යයවසායකයෙකු වූ සුසන්ත එම සම්මානයෙන් පුදනු ලැබීම ප්‍රථම අස්ථාවට සිදුවිය.
ජාත්‍යන්තර ව්‍යාපාරිකයා -2011 ඩලස්, ටෙක්සාස් ඩලස් නුවර
ආසියා අමෙරිකා වාණිජ මණ්ඩලය විසින් පවත්වන ලද ව්‍යවසායකයන් ඇගැයීමේ සම්මාන උලෙලෙදී වයස අවු 40 ට අඩු ව්‍යාපාරිකයන් අනතුරින් ජාත්‍යන්තර ව්‍යාපාරිකයා සම්මානයෙන් පිදුම් ලබන ලදී. ඩලස් නගාධිපති ගරු මයික් රවුලින්ස් මහතා විසින් මෙම සම්මානය පුදන ලද අතර මෙය ශ්‍රි ලංකීය සම්භවයක් සහිත ව්‍යයවසායකයන් වෙත පුදන ලැබු ප්‍රථම අවස්ථාවයි.
ටෙක්සාස් විශිෂ්ඨතම ව්‍යවසායකයා -ඩලස් නුවර, ටෙක්සාස් ප්‍රාන්තය - 2012
ටෙක්සාස් ආණ්ඩුකාර රික් පෙරි මහතා විසින් සුසන්ත සිසිල්චන්ද්‍ර මහතාට විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් සඳහා පිරිනමන ආණ්ඩුකාරවරයාගේ සම්මානයෙන් පුදන ලදී. මෙය ටෙක්සාස් ප්‍රාන්තයේ වසරකට තෝරාගත් විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් පිරිනමන ව්‍යවසායක සම්මානයකි.
ඩලස් ව්‍යාපාරික සඟරාවේ ව්‍යවසායක සම්මානය -2013
අමෙරිකා එක්සත් ජනපදයේ තිඛෙන විශාලතම ව්‍යවසායකයන් සඳහා වු ව්‍යාපාර සඟරාව විසින් වාර්ෂිකව පවත්වන සම්මාන උලෙලෙදී අමෙරිකාවේ ප්‍රධාන ජාතිය නොවන ව්‍යවසායකයින් සඳහා දෙන විශිෂ්ඨතම තරුණ ව්‍යවසායක සම්මානය සුසන්ත සිසිල්චන්ද්‍ර මහතාට පිරිනමන ලදී. අමෙරිකාවේ සුපිරි ව්‍යාපාර වල නියැලිව සිටින ව්‍යවසායකයින් අතරින් තෝරා ගත් ව්‍යවසායකයින් පිරිසකට මෙම සම්මානය පුදන ලද අතර ශ්‍රී ලාංකීක සම්භාවක් සහිත ව්‍යවසායකයෙකුට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය විය
වැඩි විස්තර සදහා රියො කොකො වෙත යන්න.