පොල් වලට මොකද උනේ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මතකද ඒ කාලේ රුපියල් 25, 35, 40 පොල් තිබිලා දැන් පොඩිම පොල් ගෙඩියත් රු.70ක් වත් වෙනවා. එකෙක්ට පොල් සම්බෝලයක් හදන්න මදි ඒ ගෙඩි. දැන් ඇත්තටම ලොකු පොල් ගෙඩි නෑ. තියෙන ඔක්කොම ඒවා පොඩියි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? පොල් ගස් කපලා, සත්තු ගහලා වගේ දේවල් නිසා පළදාව අඩු වෙලාද? නැත්තම් තියන ලොකු පොල් ටික රට යවනවද? පොල් ගෙඩි 5ක් ගන්න රු.525ක් යනවා. මේ යන විදියට පොල් අරන් රු.1000 කොලේ දීලා එන්න වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි වගේ. මේ තියෙන්නේ අද මහරගම පොලේදී විකුණන්න තිබ්බ පොල්. කලින් සති වල 100ට තිබ්බ ඒවා අද රු.105 වෙලා. හිත හදාගෙන අරන් ආවා ඉතින් කන්න ඕනේ නිසා.

    IMG_9024.JPG
    IMG_9025 (1).JPG
    IMG_9026.JPG
    IMG_9027.JPG
    IMG_9028.JPG
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝකේ ගොඩක් මිනිස්සු පාවිච්චි කරන එළවලු පලතුරු ගෙඩි වර්ග කාලෙත් එක්ක වැඩි පලදාවක් දෙන්න හැඩගස්සල තියෙනවලු නේද :baffled: කෙහෙල් එහෙම ඉස්සර තඩි ඇට තිබුනලු දැන් ඇට හොයන්නත් නෑ.

    පොල් ගෙඩියත් ඇතුලේ වතුර වෙනුවට පැලපි වගේ පොල් ගෙඩිය පිරෙන්න හැදෙන්න, තව පුවක් වගේ පුංචි පොල් නැතුව ෆුට්බෝල වගේ ලොකුවට පොල් හැදෙන්න හදාගන්න බැරිද දන්නේ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මතකද ඒ කාලේ රුපියල් 25, 35, 40 පොල් තිබිලා දැන් පොඩිම පොල් ගෙඩියත් රු.70ක් වත් වෙනවා. එකෙක්ට පොල් සම්බෝලයක් හදන්න මදි ඒ ගෙඩි. දැන් ඇත්තටම ලොකු පොල් ගෙඩි නෑ. තියෙන ඔක්කොම ඒවා පොඩියි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? පොල් ගස් කපලා, සත්තු ගහලා වගේ දේවල් නිසා පළදාව අඩු වෙලාද? නැත්තම් තියන ලොකු පොල් ටික රට යවනවද? පොල් ගෙඩි 5ක් ගන්න රු.525ක් යනවා. මේ යන විදියට පොල් අරන් රු.1000 කොලේ දීලා එන්න වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි වගේ. මේ තියෙන්නේ අද මහරගම පොලේදී විකුණන්න තිබ්බ පොල්. කලින් සති වල 100ට තිබ්බ ඒවා අද රු.105 වෙලා. හිත හදාගෙන අරන් ආවා ඉතින් කන්න ඕනේ නිසා.

    View attachment 104885View attachment 104886View attachment 104887View attachment 104888View attachment 104889
    Atharamadiyo nathi karanakan, pol business ohomai. Pol thogeta dena ekagen kunu kolleta aragena, kalukada milak hadanne okun.
     
    • Like
    Reactions: castellain

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    bump
    Pol products export karanawa neda godak? Exchange rate eka hoda nisa pol walata hoda ganak ganna puluwan ethi.

    ඒක හින්දාද දන්නෑ මේ පොඩි පොල් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    රිලව් එක්ක බෑ , අනික දැන් ගොඩක් පොල් වතු කට්ටි කරලා විකුනනවා නෙ
     
    • Like
    Reactions: DaraGarege and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පොඩ්ඩක් හිටපන් පොල් රටින් ගේනවලු.තාම නැව ඵනව අැති..😍

    රිලව් එක්ක බෑ , අනික දැන් ගොඩක් පොල් වතු කට්ටි කරලා විකුනනවා නෙ
    සිරිසේන මේක කිව්වහම කට්ටිය රිළවුන්ගෙ පැත්ත ගත්තනේ..😃😃
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙ පොල් ගස් තියෙන නිසා කියන්නේ,
    පොල් ගෙඩි වල සයිස් එකේ වෙනසක් වෙලා නැහැ නැහැ, ලොකු පොල් තියෙනවා,

    මාකට් එකේ පොඩි පොල් විකුණන්න තියෙන හේතුව නම් දන්නේ නැහැ,
    එක්ස්පෝට් කරන කතාවක් නම් අහල තියෙනව, ඒ නිසා තේරිලා එන එව්වා විකුනනවා වෙන්න ඇති, එහෙමත් නැත්නම් ලොකු පොල් මිලෙන් වැඩි නිසා ඉල්ලුම අඩු ඇති
     
    • Like
    Reactions: castellain and NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    @erozan kiyala p dial ekak kiwwa keells eke loku pol 70i kiyala,thawa langadi gazette ehekuth gahawwalu mila niyama karala,eka hinda owwa boru katha
     
    • Haha
    Reactions: hasithayad

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ලෝකේ ගොඩක් මිනිස්සු පාවිච්චි කරන එළවලු පලතුරු ගෙඩි වර්ග කාලෙත් එක්ක වැඩි පලදාවක් දෙන්න හැඩගස්සල තියෙනවලු නේද :baffled: කෙහෙල් එහෙම ඉස්සර තඩි ඇට තිබුනලු දැන් ඇට හොයන්නත් නෑ.

    පොල් ගෙඩියත් ඇතුලේ වතුර වෙනුවට පැලපි වගේ පොල් ගෙඩිය පිරෙන්න හැදෙන්න, තව පුවක් වගේ පුංචි පොල් නැතුව ෆුට්බෝල වගේ ලොකුවට පොල් හැදෙන්න හදාගන්න බැරිද දන්නේ නෑ
    ඒක ගාන්න හිරමණයක් උබ ම හදපන් 😂
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,064
    3,896
    113
    අතරමැදියෝ කොරෝනාවෙන් ප්‍රයෝජන ගන්න පොල් මිල බොරුවට වැඩි කරා. දැන් උන්ටත් නැතුව වතු කාරයෝම ඒ සල්ලි ගන්නවා. කොහොම උනත් අනූ ගණන් වල එක පාරක් පොල් එකසිය පනහ ට ගියා. චන්ද්‍රිකා කාලේ. දැන් මුදලේ වටිනාකම එක්ක බලද්දී රුපියල් දාහක් විතර මම හිතන්නේ. ඒ කාලේ පත්තරේක තිබුනා චන්ද්‍රිකාගේ වතු වල පොල් එක මුරයක් නිකං දුන්නොත් පොල් මිල රුපියල් විස්සට බස්සන්න පුළුවන් කියල. ඒ මිල බැස්සිල්ල ගැන නම් ඇත්ත බොරු මම නොදනිමි.
     
    • Haha
    Reactions: hasithayad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රත්නපුරේනම් පොල් වල size එක ටිකක් අඩුයි ඉස්සරට වඩා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,932
    54,509
    113
    Colombo
    කුරුණෑගල තියන පොල් ඉඩම් ටික කට්ටි කරල විකුනනව තව මයිට කේස් එකත් තියනව.

    කුලියපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරිය හදන්න ප්ලෑන් කලෙත් ලොකු පොල් ඉඩමක.අන්තිමට පොල් ගස් ටික නැති උන එකයි උනේ.ආන්ඩුවට බැනල වැඩක් නෑ.

    ඒකයි පොල් ගනන්.මම ඉන්නෙත් කුරුණෑගල.අපිටත් පොල් හොයන්න නෑ.