මතකද ඒ කාලේ රුපියල් 25, 35, 40 පොල් තිබිලා දැන් පොඩිම පොල් ගෙඩියත් රු.70ක් වත් වෙනවා. එකෙක්ට පොල් සම්බෝලයක් හදන්න මදි ඒ ගෙඩි. දැන් ඇත්තටම ලොකු පොල් ගෙඩි නෑ. තියෙන ඔක්කොම ඒවා පොඩියි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? පොල් ගස් කපලා, සත්තු ගහලා වගේ දේවල් නිසා පළදාව අඩු වෙලාද? නැත්තම් තියන ලොකු පොල් ටික රට යවනවද? පොල් ගෙඩි 5ක් ගන්න රු.525ක් යනවා. මේ යන විදියට පොල් අරන් රු.1000 කොලේ දීලා එන්න වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි වගේ. මේ තියෙන්නේ අද මහරගම පොලේදී විකුණන්න තිබ්බ පොල්. කලින් සති වල 100ට තිබ්බ ඒවා අද රු.105 වෙලා. හිත හදාගෙන අරන් ආවා ඉතින් කන්න ඕනේ නිසා.
පොල් ගස් තිබ්බ තැන් වල දැන් තියෙන්නෙ ගෙවල්
කෙහෙල් එහෙම ඉස්සර තඩි ඇට තිබුනලු දැන් ඇට හොයන්නත් නෑ.