මචංලා ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මම පොල් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. අතේ තියෙන්නෙ බොහොම පොඩි ගානක්. පොඩි කියෙන්නෙ බොහොමත්ම පොඩි ගානක්. කිරියේ කුරුණෑගල කෑගල්ල රබුක්කන අවට පොල් වතු හෝ එහෙම පොල් තොග මිලට විකුණන්න තියෙන අය ඉන්නවා නම් මට ටිකක් ඒ ගැන විස්තර කියනවද. මුලින් පොල් 500- 1000 අතර ප්‍රමාණයක් තොග මිලට අරන් කඩවල් වලට දාලා ටිකෙන් ටික ප්‍රමාණය වැඩි කරගන්න තමා බලාපොරොත්තුව. පොල් දෙන අය ඉන්නවා නම් කියන්න. කාටවත් ණය නොවි ගොඩ යන්නයි ඕන. ඒකයි අතේ තියෙන ගානෙන් පොඩිවට හරි මෙහෙම දෙයක් කරන්න බැලුවේ. පුලුවන් අය උදව් කරයි කියලා හිතනවා.