පොලිස්පති_කෝලමා
පොලිස්පති කෝලමා‘ පොලිස් සම්මන්ත්‍රණයකදී ‘ෆූලිෂ්පති‘ වෙලා: ලැජ්ජයි පූජිත ලැජ්ජයි..!
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පසුගියදා පැවැති ඉහල පෙලේ පොලිස් නිලධාරීන්ද ඇතුළුව පොලිස් නිලධාරීන් සහ නිලධාරීනියන් සහභාගී වූ සම්මන්ත්‍රණයකදී පාදඩයෙකු සේ හැසිරී තම නිල ඇඳුමට සහ ධූරයට බරපතල අගෞරවයක් මෙන්ම නිලධාරිනියන්ගේ ආත්ම ගරුත්වයටද හානි කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.
පසුගිය 6 වෙනිදා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (FCID) සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන් කැඳවා පොලිස්පති පූජිත ජයසුන්දර විසින් සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ. (පූජිත ජයසුන්දර දේශනා පැවැත්වීමේ සූරයෙකු වන නමුත් එක දේශනාවක් අවම වශයෙන් පැය 2-3 ක් වන බැවින් පොලිසියට ඔහුගේ දෙසා බෑම් තිත්ත වී ඇත.)
මෙහිදී පොලිස් නිලධාරීන් ආරක්ෂා විය යුතු කාරණා දෙකක් ගැන කියමින් ඔහු ඒවා අභිනයෙන් පෙන්වා තිබේ. පළමුව “පොලිස් නිලධාරීන් ආරක්ෂා විය යුතු එකක් නම් මේකයි“ කියා මුදල් ගණින ආකාරය ඇඟිලි වලින් අභිනයෙන් පෙන්වා ඇත. ඉන්පසුව “පොලිස් නිලධාරීන් ආරක්ෂා විය යුතු දෙවැනි එක මේකයි“ කියමින් පාදඩයන්ගේ ප්‍රකට අභිනයක් වන ‘නාරි නිමිත්ත ඇඟිලි දෙකකින් පෙන්වීම‘ පූජිත ද අත ඔසවා අභිනයෙන් පෙන්වා තිබේ. ඒ සමගම සභාවේ සිටි පොලිස් නිලධාරිනියන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී ඉහල පොලිස් නිලධාරීන් පුදුමයෙන් වික්ෂිප්ත වී ඇත. මන්ද යත් පොලිස්පතිවරයෙකු මෙලෙස පාදඩයෙකු සේ හැසිරෙනු කිසිදා දැක තබා අසාවත් නැති නිසාය.
“දැන් මේවා වෙබ් අඩවි වල පළ වන බවත් මා දන්නවා“ යැයි තවත් ගොං කතාවක්ද පූජිත ජයසුන්දර එහිදී කියා ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු “පොලිස්පති කෝලමා“ ලෙස හැඳින්වූ පූජිත ජයසුන්දර මහතාගේ විසිලු නාමයට අලුත් නමක් එක් වී ඇත. ඒ පොලිස් නිලධාරිනියන්ගෙනි. පොලිස් නිලධාරිනියන් දැන් ඔහු හඳුන්වන්නේ “ෆූලිෂ්පති“ නමිනි. ‘Foolishපති‘ යනු ‘මෝඩ හෙඩා‘ යන්නය.
ලංකාවේ කරුමයකට දෝ තනතුරකට අලුතින් එන එකා බොහෝ විට හිටපු එකාට වඩා පිස්සෙකි. ඉතින් වෙනත් රටවල් ඉදිරියට යද්දී අප යන්නේ ආපස්සට ය.

ඒවා අපේ උන්ටත් ලොකු වැඩ
,අනික පොලිසියෙ උන් බබාලද බන්?
ඔවුන්ගෙ කතා විළාශය හරිම සංවර උනා නම් ඔන්න ඔක වැරදියි කියන්න තිබුනා,
ඒක පොලිස්පති උනත් තේරුම් ගන්න ඇති,
ලංකාව පස්සට යන්නෙ ඇඟිලි දෙකෙන් නම් මොනා කරන්න බැරිද