කෙල්ල තාමත් ඉස්කෝලේ යනවා වයස අවුරුදු 14 යි. එයාගේ අම්මා නිතරම දුවගේ තනියට එනවා.
එක දවසක් දුව එක්කගෙන යන්න අම්මා විනාඩි කීපයක් ප්‍රමාද වුණා. අම්මා එනතුරු දුව බස් නැවතුම්පළේ හිටියා.
ඒ මොහොතේම එතනට තරුණයෙක් ආවා. ඒ තරුණයාගේ වයස අවුරුදු 18 ක් විතර ඇති.
තරුණයා මේ කෙල්ල සමග හිතවත් වුණා. අම්මා එනතුරු දෙන්නම කතාවට වැටුණා යාළු වුණා.
මේ කෙල්ල ඉස්කෝලේ විවේක වෙලාවේ ගේට්ටුව ළඟදී කොල්ලව හමුවෙනවා. මේ ආරංචිය පාසලේ ගුරුවරුන් අතර පැතිර ගියා.
සම්බන්ධය නතර කරන්න කියලා විදුහල්පතිවරයා තදින්ම අවවාද කළා. විදුහල්පති මේ සම්බන්ධය ගැන කෙල්ලගේ අම්මටත් කිව්වා ඒත් පළක් වුණේ නැහැ. ඊට පසුදින කෙල්ල අර කොල්ලත් එක්ක පැනලා ගියා.
පවුලේ අය කෙල්ලව කොහොම හරි කොල්ලත් එක්ක හෝටලයකදී අල්ලා ගත්තා. කොල්ලව කඩවත පොලිසියට බාර දුන්නා. බැලින්නම් මිනිහා මත්කුඩුවලට පුරුදු වූ තරුණයෙක්. මීට පෙරත් පොලිස් කූඩුවේ හිටපු කෙනෙක්.
අම්මල තාත්තලා පාසල් යන දරුවෝ ගැන මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතු යෑයි කඩවත පොලිසිය අවවාද කරනවා.
***********************************************
බාල වයස්කාරියකගේ තවත් ආදර කතාවක්.
මේ පුවත වාර්තා වෙන්නේ කෑගල්ල පොලිස් වසමෙන්ය.
කෙල්ලගේ වයස අවුරුදු 16 යි. කොල්ලා වයස අවුරුදු 24 යි. හමුදාවෙන් පැන ගිය මොහු මෙම ලාබාල තරුණිය සමග මිත්‍රවී පැන ගියා. ගම්වාසීන් සහ තරුණියගේ මව්පියෝ මැදිහත්වී තරුණිය ආපසු රැගෙන ආවා. ඒත් යළිත් මෙම තරුණිය නිවසින් පැන ගොස් කොල්ලගේ ගෙදරට ගොස් ජීවත් වුණා.
කෙල්ලගේ මව්පියෝ මේ පිළිබඳව කෑගල්ල පොලිසියට පැමිණිලි කළා.
මෙම සිද්ධිය වී ඇත්තේ කෑගල්ල ප්‍රදේශය තුළයි.
**********************************************
අනියම් බිරිඳක් සමග කඩවත නගරයේ සිටි සැමියෙකු තමන්ගේ නීත්‍යානුකූල බිරිඳට හසුවීම නිසා අනියම් බිරිඳත්, නීත්‍යානුකූල බිරිඳත් අතර පසුගියදා සති අන්තයේ සිදුවූ ගුටි බැට හුවමාරුවක් නතර වුණේ ප්රශ්නය කඩවත පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පොලිසිය ඇතුලේත් මෙම කාන්තාවන් දෙදෙනා ගුටි බැට හුවමාරු කරගත් බව පොලිසිය කියනවා.
පොලිසිය මැදිහත්වී ආරවුල විස¹ නීත්‍යානුකූල බිරිඳ සමග ජීවත් වන ලෙස සැමියාට අවවාද කළා.
මෙම නීත්‍යානුකූල බිරිඳ සහ සැමියා පොලිසියෙන් පිටව යද්දී අනියම් බිරිඳ කඳුළු සලමින් ඒ දෙස බලා සිටියා.

නෝමන් පලිහවඩන