පොලිස් වෙඩි පහරට ලක්වූ කලාපයේ තරුණයා මරුට
කටුනායක විරෝධතාවයේදී පොලීස් වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලබා සිටි රොෂේන් චානක නැමැති සේවකයා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බව රාගම රෝහල් බලධාරීන් ඔහුගේ ඥාතීන්ට දැනුම්දී තිබේ.
21 හැවිරිදි මොහු මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ එච්.එස්. ස්ටීල් ආයතනයේ සේවය කරමින් සිට ඇත. ඔහු සේවයට පැමිණ ඇත්තේ මීට මාස 4කට පමණ පෙරය.
පෙරේදා පැවැති විරෝධතාවයේදී පොලීසිය තැබූ වෙඩි පහරක් තරුණයාගේ උකුල් ඇටය ප්‍රදේශයට වැදී ඇත. එම ප්‍රහාරයෙන් ඔහුගේ පාදයට රුධිරය සපයන ධමනියකට හානි වී තිබීම හේතුවෙන් පාදයක් කපා ඉවත් කිරිමට වෛද්‍යවරුන් කටයුතු කළේය.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙස පොලීසිය රෝහල් කාර්ය මණ්ඩලයට බලපෑම් කරමින් තිබෙන බවද වාර්තාවේ.