පොලිස් සැරයන්ට දණ ගසා වැඳපු තරුණයා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට වැටී තිබූ මුදල් පසුම්බියක් දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් අහුලාගෙන අයිතිකරුට ලබා දුන් අවස්ථාවේදී දෑස්වල කඳුළු පුරවගෙන එම පොලිස් නිලධාරියාට වැඳ මුදල් පසුම්බිය ලබා ගත් තරුණයකු පිළිබද අපූරු පුවතක් අද දින දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.

    දඹුල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන් ජී.යු .වික්‍රමසිංහ (35327) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටින අවස්ථාවේදී කුඩා ලොරි රථයකින් බැස යන අයෙකුගේ මුදල් පසුම්බියක් වැටී තිබිණා .පසුව මෙම පොලිස් සැරයන්වරයා වෙනත් අයෙකු එය අහුලා ගැනීම යන අවස්ථාවේදී එය ලබාගෙන තිබේ.

    පසුව පොලිස් සැරයන් වික්‍රමසිංහ මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ හරහා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතා හරහා මෙය දැනුවත් කොට තිබේ.

    ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ළහිරු සඳරුවන් සහ ඔහුගේ පියා මුදල් පසුම්බිය සොයා දඹුල්ල පොලිසියට පැමිණ ඇත.

    මෙම මුදල් පසුම්බියේ ඔහුගේ හැඳුනුම්පත රියදුරු බලපත්‍රය මෙන්ම රුපියල් 30,000 ක මුදලක් ද තිබූ බව පොලිසිය සඳහන් කලේ. මේ තරුණයා දඹුල්ල පොලිසිය තුළදී හඬා වැටෙමින් කියා සිටියේ තමාට මාස කීපයක්ම වෙළඳාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව ගම්පහ ප්‍රදේශයේ රැඳී සිටි බවයි .පසුව ළඟම ඥාති අයකුගෙන් රුපියල් 30,000 ක මුදලක් සොයා ගෙන තම පියා සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ජීවිතයේ පලවෙනි වතාවට එළවළු රැගෙන යෑම සඳහා පැමිණි බවයි සඳහන් කළේ.

    තමාගේ එම බලාපොරොත්තුව ද සුන්වී දැඩිව අසරණව සිටියදී ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ යොදවා තිබූ ශබ්ද විකාශනයෙන් තම මුදල් පසුම්බිය වැටී ඇති බවත් එය දඹුල්ල පොලිසියේ තිබෙන බවට තොරතුරු ලැබුණු බව සඳහන් කළේය.
    පසුව ඒ මහතා දඹුල්ල පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ට ස්තූති කොට මුදල් පසුම්බිය ලබා දෙන අවස්ථාවේ දී ඔහු පොලිස් සැරයන්වරයා ගේ කකුල් දෙක අල්ලා හඬා වැටෙමින් ස්තුතිය පළ කිරීම විශේෂත්වයකි.

    කිසිම දිනක පොලිස් නිලධාරියෙකුගෙන් මෙවැනි ක්‍රියාවලියක් තමා බලාපොරොත්තු නොවුණු බව ද තමාගේ යටි හිතේ පොලිසිය කෙරෙහි මෙවැනි සරු ආකල්පයක් නොතිබුණු බවද හෙතෙම සඳහන් කළේ.

    දැඩි සංවේගයට පත් වෙමින් මෙම තරුණයාගේ පියා ද පොලිසිය තුළ හඬා වැටෙමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි නිලධාරීන් ඇගයීමට ලක් කළ යුතු බවට සඳහන් කර සිටියා.

    දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් . පී .එදිරිසිංහ, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හරිස්චන්ද්‍රඉදිරියේ මෙම මුදල් පසුම්බිය අයිතිකරුට ලබාදීම සිදුකෙරුණ අතර දඹුල්ල පොලිසියේ නිලධාරින්ද පොලිස් සැරයන් ජී.යු . වික්‍රමසිංහ ගේ ක්‍රියාවලිය දැඩි ලෙස අගය කරමින් කතා බහට ලක්වීම විශේෂත්වයකි.

    kYW9Yqj.jpg

    KGLfI6D.jpg


    :(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,990
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Rs 30000 අපිට ලොකු නැති උනාට උෟට ලොකු ගාණක් වෙන්න අැති..
    ගාණ ගැන නෙවෙයි මම කිව්වෙ. සුද්දෙක්ට ඩොලර් ලක්ෂයක් විතර නැතිවෙලා සුදු පොලිස්කාරයෙක් ඒක හොයල දුන්නොත් ඌ වඳියිද? තැන්කූ කියල අතට අත දෙයිද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ගාණ ගැන නෙවෙයි මම කිව්වෙ. සුද්දෙක්ට ඩොලර් ලක්ෂයක් විතර නැතිවෙලා සුදු පොලිස්කාරයෙක් ඒක හොයල දුන්නොත් ඌ වඳියිද? තැන්කූ කියල අතට අත දෙයිද?

    අසරණකම බලපානවා..උඹට ඒක තේරෙන්නෙ නෑ උඹ ඒ තත්වෙ නැති නිසා..උඹට තියෙන ප්‍රශ්නේ උෟ වැඳපු ඵක උෟට තිබුන ප්‍රශ්ණය උගේ සන්තකේටම තිබ්බ සල්ලි නැතිවුන ඵක..ඉතින් ඒක හම්බවුනහම සතුටටයි දුකටයි දෙකටම ඵහෙම වඳින්න අැති.ලංකාවේ උන් වඳින ඵකට සුද්දට අැති සම්බන්ධයක් නැහැනේ..උන්ගෙ රටේ ඒ වගේ දේවල් වෙන වෙන විදියටනේ වෙන්නෙ..දණ ගහල වැන්දෙ නැති වුනාට ලංකාවට අාපුවහම දෙකට නැමිල වඳින සුද්දො උඹ දැකල නැද්ද..:D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ගාණ ගැන නෙවෙයි මම කිව්වෙ. සුද්දෙක්ට ඩොලර් ලක්ෂයක් විතර නැතිවෙලා සුදු පොලිස්කාරයෙක් ඒක හොයල දුන්නොත් ඌ වඳියිද? තැන්කූ කියල අතට අත දෙයිද?

    ඒක culture එකෙන් එන දෙයක්නේ බන්
    අපි gratitude එක පෙන්නන්න වැන්දාට, වෙන රටවල උන් එහෙම කරන්නෙ නැහැනේ, උන්ගෙ culture එකෙන් ආපු විදියට උන් ඒක කරන්නෙ, උන් සමහර විට shake hand කරනවා තව ටිකක් වැඩිපුර දෙයක් නම් hug කරනවා වගේ දේවල්නේ කරන්නෙ.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේව තාවුන් වැනි මිනිසුන් ඇත....
     
    • Like
    Reactions: sidathsaumya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,990
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක culture එකෙන් එන දෙයක්නේ බන්
    අපි gratitude එක පෙන්නන්න වැන්දාට, වෙන රටවල උන් එහෙම කරන්නෙ නැහැනේ, උන්ගෙ culture එකෙන් ආපු විදියට උන් ඒක කරන්නෙ, උන් සමහර විට shake hand කරනවා තව ටිකක් වැඩිපුර දෙයක් නම් hug කරනවා වගේ දේවල්නේ කරන්නෙ.
    ඔය සල්ලි හොයල දුන්නෙ පාර අතුගාන එකෙක් නම් කීයටවත් gratitude පෙන්නන්න වඳියි කියල හිතනවද? කල්චර් එකේ විදිහට ඕනෙ නම් අත් දෙක එකතු කරල 🙏 ආචාර කරන්න පුලුවන්.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගාණ ගැන නෙවෙයි මම කිව්වෙ. සුද්දෙක්ට ඩොලර් ලක්ෂයක් විතර නැතිවෙලා සුදු පොලිස්කාරයෙක් ඒක හොයල දුන්නොත් ඌ වඳියිද? තැන්කූ කියල අතට අත දෙයිද?
    සුද්දෝ කොහෙද වදින්නේ ? උන් කවදාවත් දණගහල වදින එකක් නැ නේ, ඕනේ නම් ප්‍රේ කරයි චර්ච් එකක father කෙනෙක්ටවත් ජේසුස්‌ ට වත් දණගහල වදින්නේ නැ නේ. ඉතින් උබ කියන එක ගලපන්න බෑ , වදින එක එන්නේ Asian countries වලින් විශේෂයෙන් ඉන්දියා වල පෙරලි පෙරලි වදින්නේ. සුද්දෝ ඒ හා සමාන රෙස්පෙක්ට් එක දෙන්නේ බදාගෙන, මට ඕනේ නම් උබේ තර්කෙ අනික් පැත්තට දෙන්න පුළුවන්. සුද්දෙක් මොකෙක්ටහරි උදව්වක් කරලා අඩාගෙන බදගත්තොත් ඒකම අපේ එකෙක් කරයිද ? විශේෂයෙන් කොල්ලෙක් කෙල්ලෙක්ට උදව්වක් කලොත් දෙන්න බදාගන්නවද. කොල්ලෙක් කරොත් කොල්ලෝ දෙන්නෙක් බදාගෙන අඩනවද ? එහෙම දැක්කොත් කතන්දරත් හදයි
     
    • Like
    Reactions: vito

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකෙන් හිතා ගන්න පුලුවන් මිනිස්සු වෑටිලා ඉන්න අමාරුව. රුපියල් 30000 නෑති වුනාම ඌට ලෝකෙම නෑතිවුනා වගේ වෙන්න ඈති. පොලිසියේ මනුස්සයා ට පින් සිද්ද වෙනවා උගේ ගින්න නිව්වට... මිනිස්සු හරි අසරණයි..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ගාණ ගැන නෙවෙයි මම කිව්වෙ. සුද්දෙක්ට ඩොලර් ලක්ෂයක් විතර නැතිවෙලා සුදු පොලිස්කාරයෙක් ඒක හොයල දුන්නොත් ඌ වඳියිද? තැන්කූ කියල අතට අත දෙයිද?
    ඌ hand Shake කරයි නේද🤣