මචං මම බයික් එක ගනිද්දි මට ඕපන් පේපර්ස් හම්බ වුණේ, දිනය නොදා හැම කොලේකම අත්සන් කරලා, ඊට පස්සේ මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා තමයි ඒක ට්‍රාන්සර් කළේ, බයික් එකේ පොත උන් තියාගෙන මට ටෙම්පරි පොතක් හදල දුන්නා, ඒත් එක්කම උන් කිව්වා මේකෙ ඉන්ෂුවරන්ස් එකයි ආදායම් බලපත්‍රයයි දෙකම ඉවර වෙන්නේ පෙබරවාරි වල, මට ට්‍රාන්සර් කරද්දි නම් කිව්වේ මේක ඉවර වුණාම ඇවිල්ලා ආදායම් බලපත්‍ර ගන්න කියලා, අර උන් දීපු ටෙම්පරි පොත පෙන්නලා, මම නම් හිතන්නේ කළින් අයිතිකාරයගේ ආදායම් බලපත්‍රයෙන් මම වාහනය පැද්ද එක කිසිම අවුලක් නෑ කියලා, මොකද ඒක ප්‍රා ලේ එකෙනුත් කිව්වා බං මේක ඉවර වුණාම අලුත් කරගන්න කියලා එහෙම නීතියක් තියේ නම් උං මට එවෙල ආදායම් බලපත්‍රත් හදල දෙනවනේ බං පොතත් එක්ක, ඒත් සීන් එක තියෙන්නේ අර පොලීසියේ එකා ඉන්ෂුරන්ස් එකේ තිබ්බ විස්තර තමයි බයික් එක අයිති එකාගෙ විස්තර වලට ලියා ගත්තේ, ඒකෙ තියෙන්නේ බයික් එකේ පරණ අයිතිකාරයගේ විස්තර, මට ප්‍රශ්නේ තියෙන්නේ බයික් පොලිසියෙන් කේස් එකක් ගියොත් අර ඇඩ්‍රස් එක තියෙන කෙනාට නේද බං සිතාසි යන්නේ, මට කිව්වා දවස් දෙකක් බලාගෙන ඉන්න ගෙදරටම කොලය එයි කියලා, මට හිතාගන්න බෑ බං මොකක් වෙයිද කියලා,
මේ සීන් එකට කීයක් වගේ දඩ වදිනවද බං?