පොලිසියේ හමුදාවෙ මචංලා... උඹලාගෙ අතේ තියන ඔය තුවක්කු බටේ ඉහළින් අණ කරාම පත්තු කරන්න උඹලා බැඳිලා ඉන්නවා තමයි... ඒත් තුවක්කු බටේ පත්තු කරන්නෙ උඹනේ... ඒක පත්තු කරන උඹට මොලයක් කියලා එකක් තියනවානෙ...පොඩ්ඩක් පත්තු කරන්න කලින් මොලේ කල්පනා කරලා පොඩ්ඩක් හිතපං ඒ උන්ඩ කොහේ ගිහින් වදීවි ද?...උබ වගේම තව එකෙක්ගෙ හදවත පසාරු කරගෙන යන්න පුළුවන් ඒ උණ්ඩවලට.... උටත් උඹට වගේම දරුවෙක් ගෑනියෙක් ඉන්න පුළුවන්.... උගේ අම්මා තාත්තාත් උඹේ අම්මා තාත්තා වගේම උගේ මිනිය බදාගෙන අඬාවී... උඹ ජීවතේ ගැට ගහගන්න මහන්සි වෙනවා වගේම ඌත් ජීවිතේ ගැට ගහගන්න මහන්සි වෙන එකෙක් ...ඇයි ඌ උඹෙන් වෙඩි කන්න උඹේ තුවක්කු කට ඉස්සරහ පෙනී හිටියේ... උඹටත් බලපාන ඌටත් බලපාන බඩු මිල වැඩි වීමට විරුද්ධව ...උගේ තාත්තා වගේම උඹේ තාත්තාත් ගෑස් පෝලිම්වල කලන්තෙ දානවට තියන අකමැත්තට...ඌට වෙඩි තියන්න උඹට අණ දුන්න එකා ඉන්නවා ද ගෑස් පෝලිමේ?...ඒ අණ දෙන එකාටත් ඉහළින් ඉඳන් අණ දෙන උඹට නොපෙනන එකා ඉන්නවා ද ගෑස් පෝලිම් වල?... උඹ ඔය එල්ලන් ඉන්න තුවක්කු බටෙන් කරන්නෙ රට රකින එක නම් ...රට කියන්නෙ මොකක් ද?....උඹේ තුවක්කු බටෙන් වෙඩි කන්න නියමිත උඹට හඬ නගන්න බැරි උඹේ ප්රශ්නය වෙනුවෙනුත් කතා කරන එකාටද රට කියන්නෙ ?...නැත්තං ඌට කොකා ගස්සන්න උඹට අණ කරන එකාටත් ඉහළින් ඉඳන් අණ කරන උඹට නොපෙනෙන එකාට ද රට කියන්නෙ ?....රට මේ වැටිලා තියන විනාසයට වගකියන්න ඕනෙ උඹවත් ඔය උඹෙන් වෙඩි කන්න නියමිත උඹේ ඉස්සරහ උඹ වෙනුවෙන් හඬ නගන කෙනාවත් නොවන බව උඹ හොඳාකාරවම දන්නවා නෙ... උබ තුවක්කුවකින් වෙඩි තියන්න ඉගෙන ගෙන තියනවා නම්... ඕකෙ කොකා ගස්සන එක හරි ලේසියි...ඒකෙන් කොයිතරම් ලොකු හානියක් උනත් ඒක ක්රියාත්මක කරන්න හරිම ලේසියි...අමාරු ඕක පත්තු නොකර ඉන්න එකයි...පත්තු වෙන ආයුධයක් ඇඟේ බැඳගෙන පත්තු නොකර ඉන්න එකයි අමාරුම...පත්තු වෙන ආයුධයක් අතේ නැති මිනිහෙක්ට ඕක පත්තු කරන්න කොච්චර ලේසි ද බං...උඹ ඉන්නෙ ඒ ලේසි වැඩේ කරන්න ද?...උඹට මොලයක් කියලා එකක් දීලා තියෙන්නෙ එතකොට මොකට ද?...ඉහළින් අණ දුන්න පලියට මොලේ කල්පනා නොකර වෙඩි තියනවා නම් උඹලාට කියන්න වෙන්නෙ...කුලියට මිනීමරණ උන් කියලා ...කුලියට මිනී මරණ එවුනුත් සේවය කරන්නෙ තමන්ට කුලිය ගෙවන එකාට..උඹට කුලිය ගෙවන්නෙ අපි...ඒකත් හැමතිස්සෙම අමතක නොකර මතක තියාගනින්...
