පොලිසියක සිද්දියක් | Speed – Trap
ඔන්න පොලිසියෙ මහත්තුරු දෙන්නෙක් හිටියලු…… ඔන්න මේ දෙන්නට ස්ථානාධිපති තුමා පොඩි job එකක් දුන්නලු. ඒක පොඩි Speed trap සීන් එකක්. සින්හලෙන් කිව්වොත් වාහන වල High Speed අල්ලන්න ජොබ් එකක්.
ඉතින් දැන් දෙන්නත් එක්ක ගියාලු වැඩේට, ඒ පැත්තෙ හොදටම හදල තියන පාර හොයගෙන. ටික දුරක් යද්දි දැක්කලු එහෙම එකක්. ඉතින් ඊලගට දෙන්නට ප්රශ්නෙ හැංගෙන්න තැනක්…….
හෝව් හෝව්…….මොකක්…..*//*%$# පොලිසියෙ රාළහාමිලා මොකට හැංගෙනවද? …..
හැංගෙන්නෙ ඉතින්, පාරෙ පොලිසියෙන් ඉන්නව දැකක්කම අපේ රියදුරු මහත්තුරු ඉතින් පොඩ්ඩක් slow කරනවනේ…….. එතකොට කොහොමද High Speed අල්ලන්නේ.
ඔන්න දැන් වන්ගුවක් ලග දෙන්නට හොද තැනකුත් හම්බුනාලු. ඔන්න හාහාපුර කියල වැඩේ පටන් ගත්තලු……… ආතල් කෝටියයි, අපෙ රියදුරු මහත්තුරු පොලිමේ ඇවිත් දඩ කොල ලියන් යනවලු. අනේ දෙයියනේ ලෝකාන්තවල වැටි වැටි, එවරස්ට් නැග නැග, අපේ අය වාහන එලවද්දි, පොඩ්ඩක් හොද පාරක් දැක්කහම ඇතිවෙන හැගීම හිතා ගන්න පුලුවන්නේ…….
ඔන්න දැන් මේ වැඩේ නැගල යනවලු. පොලිස් රාලහාමිලා දෙන්නත් දැන් හැමදාම එතනලු. පෝලිමත් එහෙම්මමලු. මෙහෙම දවස් කීපයක් ගත වුනාලු.
දවසක් රාලහාමිල දෙන්න මූලස්තානෙට ( හොර පොට් එකට ) වාර්තාකරලු උදේ පාන්දරම. පලවෙනි වාහනේ ආවලු, දඩ කොලේ ලියගත්තලු, ගියාලු. ඔන්න දැන් ඉතින් පොලිස් රාලහාමිල දෙන්න දත කට මැදගෙන, පැල් බැදගෙන ඉන්නවලු……
දෙවෙනි වාහනය එන සද්දය අහුනලු, ඔන්න දැන් පනින්න ලෑස්ති වෙනවලු, ඔන්න පැන්නලු, අනේ දෙයියනේ වාහනේ ආවෙ බොහොම හිමින්ලු. රේඩාර් උපකරණය අල්ලපුවහම වැටුනේ, වේගය 35kmh කියලලු. අල්ලන්නත් බෑලු, ඒ පාරෙ උපරිම වේගය 55kmh ලු.
පාර මැදට පැනල මොකක්ද දික්කරන් ඉන්න රළහමිල දෙන්නට බොහෝම ගෞරවයෙන් සිනාවක් පාලා ඒ රියදුරු මහත්තයත් යන්න ගියාලු.
ඔහොම තවත් වාහනයක් ආවලු, පැන්නලු….. අනේ ඒකත් වේග සීමාවෙමලු. ඔන්න ඉතින් ඔහොම වාහන කීපයක්ම ගියාලු, පොලිසියෙ රාළහාමිල දෙන්නත් පිස්සො දෙන්නෙක් වගේ, පාරෙ එහාට මෙහාට පනිනවලු. දවස ගත උනාලු. උදේ අල්ලපු වෑන් එකෙන් පස්සේ, තාම පුට් සයිකලයක්වත් දෙන්න අල්ලලා නෑලු. උදේ පාන්දර මූලස්ථානේටම ලොකුවන්සෙන් කතකරල ගෙනාපු දඩ පොතත් එහෙම්මමලු. දෙන්න ඉතින් හිස් අතින්ම අපහු ගියාලු.
ඔන්න දැන් අනිත් දවස- දෙන්න උදේම ආවලු පලවෙනි වාහනේ ගියලු, ගියදේ ගියා, ඔක්කොම අමතක කරමු කියල දෙන්නත් එක්කම පැන්නලු. අනේ ඒක එනවද කියල හොයන්නත් බෑලු. බොහෝම හිමින් අපු කාර් එකක් රලහාමිල දෙන්නට ගෞරවපූර්වකව හිනාවෙලා, හිමීට තමන්ගේ ගමන ගියලු.
අනේ දෙන්න මෙහෙම දවල් වෙනකම්ම හිටියලු. එකෙක්ටවත් දඩ කොලයක් දීගන්න බැරි උනාලු. ඔන්න ඉතින් දෙන්නට මාර අමරුයිලු, බඩගින්නත් බොහොම සැරට දැනෙනවලු. ඇයි ඉතින් දවසම අව්වෙ හිටියට මොකුත් කාල බීලත් නෑනෙ උදේ ඉදලම. අනේ ඉතින් රාළහාමිල දෙන්නා පර්ස් එක ඇදල බොහෝම අකමැත්තෙන් ගිරව් දෙන්නෙක් ඇදගෙන. ලග කඩේකට ගිහිල්ල බත් පැකට් දෙකක් කාරිය අරගෙන, අපහු ස්පොට් එකට ආවලු…..
ඔන්න දෙන්න වට පිට බැලුවලු, අන්තිම මොහෙතෙහරි චාන්ස් එකක් පත්තුවෙයිද කියල. හ්ම් හූ නෑ ලු. ඔක්කොම වාහන යන්නෙ සිල් ගත්ත උපාසකයෝ වගේලු. රාළහමිල දෙන්නට මේක හෙන ප්රශ්නයක් ලු. අයෙ දෙය්යනේ මුන්ට මේ මොනව වෙලාද………
වට පිට බළල බළලා, වැඩක් නැති තැන ඒපාරේ යන අහින්සක රියදුරු මහත්තුරුන්ගේ වැඩිහිටි පරපුරත් මතක් කරගෙන, අර ස්පොට් එකේ කැලේට වෙන්න තිබ්බ කොටයක් උඩ දෙන්න බත් දෙකත් ලිහාගෙන කන්න පටන් ගත්තලු.
ඔන්න එතකොට වංගුව එහාපැත්තෙ ඉදන් පොඩි කොලු ගැටයෙක් එනවලු, තඩි බෝඩ් ලෑල්ලකුත් උස්සගෙන, අනේ එත් පොඩි එකාට රාළහමිලව පේන්නෙ නෑලු, මොකද දෙන්න ඉන්නෙ කැලේට වෙලනේ.
ඒපැත්තට මූන දාගෙන හිටපු රාළහාමි කින්ඩියට වගේ පොඩි එකා දිහා බැලුවලු, මුන් උද්ගෝශණයක්වත් කරන්නද දන්නෑ කියල අනිත් රාළහාමිට කියන ගමන් බැලුවලු බෝඩ් ලෑල්ල දිහා……
තිබ්බලු මෙන්න මෙහෙම - ” ඉස්සරහ පොලිසියෙන්, හිමින් යන්න ”
අනේ රාළහාමිට බත් කටත් හිර උනාලු…………..
ඔන්න එතකට වන්ගුවේ අනිත් පැත්තෙ ඉදල තව ගැටයෙක් එනවලු අලුතින් පත්වෙච්ච ඇමති කෙනෙක් වගේ මල් මාල දාගෙන, එක අතකින් තඩි මල්ලකුත් උස්සගෙන, අනිත් අතින් තඩි බෝඩ් ලෑල්ලකුත් උස්සගෙන. ඒ පැත්තට මූන දාගෙන හිටපු රාළහාමි බැලුවලු මොකක්ද බෝඩ් එක කියල.
ඒකෙ තිබ්බලු මෙහෙම- “දැන් ඔබ සුරක්ශිතයි. ටිප් එක මෙතනට දෙන්න”.
අනේ ඒ රාළහමිටත් බත් කට හිර උනාලු.
අනේ පොඩි කොල්ලො දෙන්න දවල් කෑමට යන ගමන්ලු…………..

උපුටා ගැනීම: Walk on Dew හි බ්ලොගයෙන්

අඩෙ අප්පා මෙච්චර ගොඩක් කියෝල කතාව. මට සතුටුයි යකෝ.....