පොලිසියට~බල්ලෝ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පොලිසියට~බල්ලෝ


    පොලිසියට අශ්වයෝ වෙනුවට බල්ලෝ අරන්

    ශ‍්‍රී ලංකා පොලිසියේ අශ්වාරෝහක අංශයට අශ්වයන් 15 දෙනෙකු පිටරටින් ගෙන්වා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුවී ඇතත් ඉහළ පොලිස් නිලධාරීන් විසින් හිතුමතේට ගත් තීරණ හේතුවෙන් එම අවශ්‍යතාව සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි පැවසේ.

    Policedog_290px_11_07_04.gif


    මෙම අශ්වයන් ගෙන්වීමට පොලිසියට ප‍්‍රමාණවත් මුදල් ප‍්‍රතිපාදන නොවීම මීට හේතුවී ඇතැයි පැවසේ.


    පොලිසියේ මුදල් ප‍්‍රතිපාදන අවසන්ව ඇත්තේ පොලිස් සේවයට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සුනඛයින් ගෙන්වීම නිසා බව වාර්තා වේ.මේ වසරේදී පොලිසියට ගෙන්වා ඇති සුනඛයින් ගණන සියයක් බවද පැවසේ. දැනට පොලිස් අශ්වාරෝහක අංශයේ අශ්වයන් 35 දෙනකු පමණ සිටින අතර මෙලෙස එම අංශයට පිටරටින් ගෙන්විය යුතු එක් අශ්වයකු වෙනුවෙන් දළ වශයෙන් රුපියල් ලක්ෂ 20 ක් පමණ වැයවන බවද වාර්තා වේ.


     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    අශ්වයෙක් ලක්ෂ 20ක් කිව්වෙ කොහෙද බන්? අඩුම ලක්ෂ 35ක් වත් වෙනවා