පොලිසිය_boru kiyala මාට්‌ටු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොලිසිය_boru kiyala මාට්‌ටු





    වැලිවේරියේ ජනතා උද්ඝෝෂණයට සම්බන්ධ කම්හල වසා දැමීමට තමා වෙත ඉල්ලීමක් කැර ඇති බවටත් තමා එය ප්‍රතික්ෂේප කැර ඇති බවටත් පොලිසිය මහජනයා හමුවේ කියා සිටින සිද්ධියක් අන්තර්ජාලයේ යු ටියුබ් විඩීයෝවක් ලෙස මුදා හැර ඇතැයිද තමා එවැනි නියෝගයක් නොකර තිබියදී ජනතාව නොමග යැව්වේ කවුදැයි සොයා බලා වාර්තා කරන්නැයිද ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

    මේ සිද්ධිය මීට කළින් තමා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එවැනි කිසිදු ඉල්ලිමක් ඉදිරිපත් නොවු බව කි මහෙස්ත්‍රාත්වරයා ඊට පටහැනි දෙයක් අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ කෙසේදැයි සොයා බලන ලෙස ඔහුට දැන්වීය. මහෙස්ත්‍රාත් කියා සිටියේ තුන්දහසක් පමණ එය නරඹා ඇති බවයි. මේ නිසා තමා මේ සිද්ධියේ පරීක්ෂණ පැවැත්වීම ගැන මහජනයා අතර සැකයක් ඇතිවිය හැකි බවද යු ටියුබ් වීඩියෝවේ අදහස්වලට සමාන අදහස් ඇතැම් මුද්‍රිත මාධ්‍යවලද පළ වී ඇතැයිද මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

    යු ට්යුබ් වීඩීයෝවද නරඹා පුවත්පත්ද බලා මේ කරුණු ගැන අධිකරණයට වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත් කොළඹ අපරාධ කොට්ඨාසයට දැන්වීය.

    සහකාර පොලිස් අධිකාරි ජයලත් බලගල්ල මහතා සාක්කි දෙමින් වැලිවේරියේ විරෝධතා ගැන මුල සිට අග දක්වාම කරුණු විස්තර කළේය.

    අගොස්තු පළමු වැනිදා සිද්ධිය ගැන ඔහු කීවේ යුද හමුදා බළ සේනාධිපති බ්‍රිගේඩ්යර් දේශප්‍රිය ගුණවර්ධන ඔහුගේ පොලිස් අධිකාරි සමග සාකච්ඡාකැර ඇති බවයි.

    ‘උද්ඝෝෂණය කරන පිරිස කොළඹ මහනුවර මාර්ගයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බව බ්‍රිගේඩ්යර් ගුණවර්ධන පොලිස් අධිකාරිට කියා තිබෙනවා.‘

    ‘එදා (අගොස්තු 01) ගල් , මුල් හා වැලි බෝතල් ගැහුවා.පිරිස දෙසින් වෙඩි හඬ ද ඇසුණ.කදුළු ගෑස් හා ජල ප්‍රහාරද එල්ල කළා . හමුදාව පිරිස විසිරවීමට ක්‍රියා කළා.‘ වෙඩ් වැදි මිය ගිය ෂමිල රවිෂාන් පෙරේරා සිසුවාගේ සිරුර හඳුනාගත් බව කී ඔහුගේ ඥාති සොහොයුරු ක්‍රිෂාන් තරංග පෙරේරා සිය සාක්කියේදී කියා සිටියේ සාධාරණය ඉෂ්ට කැර දෙන ලෙසයි.

    රවිෂාන්ගේ පියා ඇන්ටන් පැට්‍රික් පෙරේරා මහතාද සාක්කි දුන්නේය. වෙඩි වැදී මිය ගිය අමිල දිනේෂ්ගේ මව, ප්‍රියංගනී ශිරෝමණි ජයවර්ධන මහත්මිය හා ලොකු මව නිරුද්ධිකා කුමුදිනී ජයවර්ධන මහත්මියද සාක්කි දුන්හ.

    වැඩි දුර විභාගය ලබන 22 වැනිදාට කල් තැබිණි.



    ලංකාදීප
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    gossip9 neda 33000 lk une,Mahindaya oka tahanam karata passe aye ee site eka patan gatte nadda ban.Issara hena asawen balapu site 2 k:cool::cool:
     
    Last edited: