මිනීමරුවෙකුටවත් ගහන්න පොලීසියට අවසර නෑ...!ඔය වීඩියෝ එක මානව හිමිකම් එකට දෙන්න තියෙන්නෙ.

ලංකාවෙ අවුලක් නෑ බන්..
අනේ සර් කියල ඔලුව නමන් ඉන්න නීතියක් දන්නෙ නැති පොන්න අලියො නෙ ගොඩක් ඉන්නෙ..
පොලිසියට පාවිච්චි කරන්න පුළුවන් අවම බලය විතරයි..
ගැහුවොත් ගහන්න පුළුවන්..
වෙඩි තිබ්බොත් වෙඩි තියන්න පුළුවන් එහෙමයි.. නිකන් මිනිස්සුන්ට ගහන්න බැහැ arrest කරන්න පුළුවන්..
අපිත් දවසක් කඩවත මචන් එකේ සෙට් වෙලා රෑ 12 විතර බියර් පාරකුත් දාල ආතල් එකේ බයික් වලත් නෙවේ පයින් යනකොට දෙන්නෙක් පැනල id ගන්න කියල නැටුව..
එකෙක්ට අරු කනට ගැහුව.. අපි ගේම ඉල්ලුව..
පොලිසියට යමන් කියල අරන් ගියා සේරම..
අර කනට ගැහුව එකාගෙ මාම කෙනෙක් ඉන්නව පොලිසියෙ ටිකක් ලොකු පොස්ට් එකක් තියන..
අරූ අන්තිමට වැන්දෙ නැති ටික විතරයි ඌව report කරන්න එපා කියල..
අහිංසක එකෙක් අහු උනාම තමයි ඉතින් ඔය ඔක්කොම සෙල්ලම්..
පොලිස් පොන්නයින්ට මුලින් නීතිය උගන්නල ඉන්න ඕන..
මිනිස්සු නීතිය දන්නෙත් නෑ පොලිසියෙ උන් දන්නෙත් නෑ..