පොලොන්නරුවෙ සනීපාරක්ෂක තුවා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පොලොන්නරුවෙ සනීපාරක්ෂක තුවා


    සනීපාරක්ෂක තුවා වෙළදපොලට ආපු මුල් කාලයේ ඒවා කොළඹ නුවර ගාල්ල වගේ නාගරික ප්‍රදේශවලටත් වඩා වැඩියෙන්ම අලවි වෙන්නෙ ගත්තෙ පොලොන්නරුවෙ අනුරාධපුරේලු. පොලොන්නරුවට අනුරාධපුරේට ලොරි ගනන් බෑවත් පහුවදා බලද්දි බෙහෙතකටවත් බඩු නැතිලු.

    ඉතිං ඒ අදාල සමාගමටත් මේක හෙන ප්‍රශ්නයක් වෙලා හොයලා බැලුවලු මොකද මේවට වෙන්නෙ කියලා. බැලින්නම් ඒවා ගන්නෙ කාන්තාවන් නෙවෙයිලු. කෘමි නාශක, වල් නාශක අර නාශක මේ නාශක ඉසින උන් ඒවා ඉහිනකොට කටේ නහයෙ අලවගන්නලු අර තුවා ගන්නෙ. ඒකයි ඒ පැතිවල එච්චරමට ඒවාට ඉල්ලුම.

    ඉතිං ඒ සමාගමට හෙන ගේමක් දෙන්න උනාලු "ඕවා නහයට කටට අලවන්න ගන්න ඒවා නෙවෙයි බොලව්" කියලා පැහැදිලි කරලා දෙන්න.

    මේ පිංතූරේ දකිනකල් මං හිතුවෙ ඒ කතාව ඇම්ඩගෙ පට්ට පල් බොරු කතාවක් කියලා.

    ඒත් අපේ පොලොන්නරුවෙ ගොවි පුතාට ටක් ගලා මතක් වෙන්නැති සුදු පාට පලදනාව දැක්කම අර සමාගම දුන්නු උපදේසේ....

    "මිනිහෝ ඕවා නහයට කටට දන ඒවා නෙවෙයි" කියලා.

    පොර මාස්ක් එක ටක් ගාලා ඇස් දෙකට දාගෙන....

    56337144_2624615154234080_2448922208228081664_n.jpg

    -හිරන්ත හේරත්-
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක ඉතිං පැහැදිලි කර කර ඉන්න ඕනේ නෑ පෙරලුන පිට හොඳයි කියල අරවම අලුතෙන් පැකින් එකකට දාල යවනවා කටේ නහයේ බැඳීම සඳහාම නිෂ්පාදිත බඩු කියල :P