කාලෙකින් controversial බැණුම් අහන්න වෙන දෙයක් ලියන්න හිතුනා. අද ODEL එක ලඟ ඉන්නකොට කෙල්ලො තුන් දෙනෙක් හිටියා. 120ක නැගල මගෙ ලඟම තුන්දෙනා වාඩිවුන නිසා සංවාදෙ හොඳටම ඇහුනා. කතාකරේම සිංග්ලිශ්.
බාට දෙකක් දාපු මම දිහා බැලුවෙ නිකන් "What nonsense අනේ mood එකෙන්"
"අනේ ඩාලින් ඒ top එකේ fabric එක හරි ගොඩේ"
"අර floor manager ට පිස්සු මෙයා, customer care කරන්නෙ එහෙමද? දෙකයි පණහෙ උන් ගත්තම ඔහොමමයි."
"ඒක නෙවි මවුන්ට් යමු අනේ කාලෙකින් යන්නත් බැරි වුනානෙ"
ඔය වගේ වදන් ගොඩයි. ඒවත් පුදුම හයියෙන් කියන්නෙ. ඒ අතරෙ එකියෙක්ට කෝල් එකක් ආව. "නෑ අම්මෙ එනව. බලන්නම්කො සිකුරාදට එන්න හිතන් ඉන්නෙ. හතෙර් බස් එක අල්ලගන්නත් එපැයි. නැත්නම් ඉතිං රන්නෙන් බහින්න වෙනවා wheel එකකට කීයක් ගනීද අප්පා"
ඒක ඇහුන මට මතක් වුනේ කාලෙකට කලින් මට පාටි එකකදි මුණ ගැහුන ගෑණු ලමයෙක්. පාටි එක තිබුනෙ Ozo Colombo. එයා sprite එකක් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ බිබී හිටිය. පට්ට චාම්. ලස්සන මැක්සියක් ඇඳල හිටියෙ. කොණ්ඩෙත් ගොතල. ගම් පළාතක කෙල්ලෙක් කියල කතාවට වැටුනා. "Hi!" කියල මම කතාව පටන් ගත්තා. එයත් "Hi" කියල මම ඇහුවා "Alumini එකේද?" කියලා.
"නෑ අයියෙ මම යාලුවෙක් එක්ක ආවෙ"
ඉතිං ඔහොම කතාකරගෙන යද්දි දැනගත්තා එයා දේවි බාලිකා ගියපු park road එකේ කෙල්ලෙක් කියල. කොහෙත්ම හිතන්නවත් බෑ.
ඉතිං අර බස් එකේ හයියෙන් කැඩිච්ච කඩ්ඩෙන් බෙරිහන් දීපු Veet කරල ග% එලියෙ දාගෙන ගියපු ගම් කිකිළියො තුන්දෙනා ගැන කළකිරුනා.
ගමේ ඉඳලා කොලොම්පුරේට ඇවිත් Cinnamon Garden එකෙන් Green Tea බීල Odel එකේ window shopping කරල රන්නෙන් බැහැල ගමට යන අන්තිම බස් එක අල්ලන්න දුවන කෙල්ලොත් ඉන්නව හැමතැනම. එයාල තමා party එකකට ගියාම Rice & Curry කන්නත් Folk and spoon හොයන්නෙ. කොළඹ ඉපදිලා තනි සිංහලෙන් කතාකරන CIS ඉගෙන ගත්ත මම දන්න කෙල්ලො ඉන්නවා ගමේ කඩේට ගිහින් ඇටයක් ඉතුරු නොවෙන්න බත් එකම කන අය.
මේකට කියන්නෙ HPD කියලා. එහෙම නැත්නම් Histrionic Personality Disorder. එයාල බලන්නෙ තමන්ගෙ ආවේනිකත්වයෙන් මිදිලා Classy Attitude එකක් මවාපාන්න. එයාල තමා Lunch එකකට ගිහින් බඩගිනි වුනත් බත් ටිකක් ඉතුරු කරන්නෙ. බස් එකේ එහා සීට් එකේ දුප්පත් අම්ම කෙනෙක් වාඩිවුනාම මූණ ඇඹුල් වෙන්නෙ. බස් එකේ ඔක්කොටම ඇහෙන්න shopping experience share කරන්නෙ.
ඉතිං මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. කියවන ඔයා ඒ වගේ නෙවිනම් කොච්චර ශෝක්ද? තරහ යන්න හේතුවක් ඇත්තෙම නෑ.
සැයු. පහත ෆොටෝ එකට කතාවෙ සම්බන්ධයක් නෑ. ඒක නිකන් දැම්මෙ.
~ උපුටා ගැනීමකි
