පොහොට්ටු මන්ත්‍රීටත් කොරෝනා




කිව්වා නාහන ගුරු

තොපිත් පල රැස්වීම් වලට , ඉස්සරහටම වෙලා හිටපල්ලා
වරකාපොළ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී ප්‍රසන්න දම්මික මහතාට (රුවන්) කෝරානා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරුකරගැනීම මත මේ වනවිට එම මන්ත්‍රීවරයා කොළඹ IDH රෝහල වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට එම මන්ත්‍රීවරයා සමග පසුගිය දිනවල ආශ්‍රය කළ එම ප්‍රාදේශීය සභාවේම සභාපතිවරයා ඇතුළු තවත් මනත්‍රීවරු 05 දෙනෙකුටද සෞඛ්‍ය අංශ මැදිහත්වී තම තමන්ගේ නිවෙස්වලට වී ස්ව්යං නිරෝදානයේ නිරතවන ලෙස දැනුම්දී ඇතැයිද වාර්තා වේ.
කොරෝනා වෛරසය ශරීරගතවී ඇති බවට තහවුරුවීම හේතුවෙන් රෝහල්ගතකළ මන්ත්‍රීවරයා ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ මන්ත්‍රීවරු 05 දෙනා අතර එක් මන්ත්‍රීවරයෙකු කොඹ නුවර ප්‍රධාන මාර්ගයේ ප්‍රසිද්ධ අවන්හලක අයකැමියෙකු (cashier) ලෙස කටයුතු කරණ අයෙකු බව පැවසේ.
ඔහු පසුගිය දිනවල ජනතාව ඒක්රැස්කර රැස්වීම් පැවැත්වීම්, කුඩා ජනහමු පැවැත්වීම්, ගෘහස්ථ සාකච්ඡා පැවැත්වීම් ආදියට සම්බන්ධ වී ඇති බවත් එම රැස්වීම්වලට පොහොට්ටු පක්ෂයේ ඉහළ නායකයන් පවා සහභාගී වී ඇති බවත් වාර්තා වේ.
මේ අනුව මෙම මන්ත්‍රීවරයා මගින් වෛරසය ආසාධානය වී ඇති පිරිස නිහ්චිතව හඳුනාගෙන නොමැති අතර එම තත්වය ඉතාමත් බරපතල තත්වයක් බැවින් ජනතාව ඒකරාශීවීම වැලැක්වීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන්, මහජන නියෝජියන් සහ සිවිල් සහ සුභසාදක සංවිධාන එක්ව වරකාපොළ නගරය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය තීරණ ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.
අවශ්‍ය වුවහොත් නගරයේ සියළුම වෙළඳසැල් වසා දැමීමට සියළුම වෙළඳසංගම් සමග එකඟතාවයකට වුවද පැමිණීම සඳහා එහිදී සාකච්ඡා වෙමින් තිබෙන බවද වාර්තා වේ.




කිව්වා නාහන ගුරු


තොපිත් පල රැස්වීම් වලට , ඉස්සරහටම වෙලා හිටපල්ලා


