පොහොට්ටුවේ මන්ත්‍රීගේ ලිංගික අතවරයෙන් බේරුණු දැරියන්ට පහරදී රෝහලේ – මන්ත්‍රී අත්අඩංගුවට
April 15, 2019
තම දෙමව්පියන් සමග ඊයේ (14) පස්වරුවේ කන්තලේ ජලාශයේ දියනෑමට ගිය තරුණ තරුණයින් පිරිසක් අතරින් එම තරුණියන්ට බිමත්ව සිටි කන්තලේ ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී නිස්සංක කෝදාගොඩ ඇතුළු පිරිසක් ලිංගික අතරවර කිරීමට ගොස් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අතිවූ ගැටුමකින් තුවාල ලබා බාල වයස්කාර දැරියන තිදෙනකු ඇතුළු 10 දෙනෙකු බරපතල තුවාල ලබා කන්තලේ මුලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර මන්ත්‍රීවරයා ඇතුළු දෙදෙනෙකු කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ රෝහල ගත කර ඇත්තේ කන්තලේ නගරයේ පදිංචි තරුණ තරුණයින් පිරිසක් හා ඔවුන්ගේ ඥාතීන් ය.
මෙම තරුණ තරුණයින් පිරිස දියනාමින් සිටි කන්තලේ ජලාශයේ තාවුල්ලේ, කන්තලේ ප්‍රාදේශීය සභාවෙ පොහොට්ටු මන්ත්‍රීවරයෙකු වන නිස්සංක කෝදාගොඩ නැමැත්තාද ඇතුළු 100කට ආසන්න පිරිසක් අලුත් අවුරුදු සාදයක් පවත්වමින් සිට ඇත.
යෞවනයේ පසුවන තරුණ තරුණයින් දියනාමින් සිත්සේ සතුටුවෙමින් සිටියදී බිමත් පිරිසද උසුළු විසුළු කරමින් විනොදවෙමින් සිට ඇත.
ඇතැම් උසුළු විසුලු දුරදිගයමෙන් පසු හා එක් දැරියකට ලිංගික හිරිහැර කිරීමට දරු උත්සාහයක් පිලිබදව දැරියන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් පසු මෙම ගැටුම්කාරී තත්වය උද්ගතව ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මේ ගැටුමින් දරුවන්ගේ දෙමව්පියන් අතරින් දෙදෙනකු, එම තුවාලලැබූ දෙමව්පියන්ගේ පුතුන් සිව්දෙනෙකු හා දැරියන් තිදෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කර තිබෙන අතර එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා තිකුණාමලය රෝහල වෙත මාරුකර යවා තිබේ.
සිද්ධිය සමබන්ධයෙන් පරීක්ෂණ පවත්වන කන්තලේ පොලිසිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුලස්ථාන පොලිස් පරීක්ෂක පි.බි. විජේසිරි මහතා පවසයි.
- http://www.lankatruth.com/si/පොහොට්ටුවේ-මන්ත්‍රීගේ-ලි/