පොහොට්ටු මන්ත්‍රී

monson

Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    ඇනවුම්කළ Fried Rice එක ප‍්‍රමාදවීම නිසා (Pohottu)ප‍්‍රාදේශීය සභා සභාපතිවරයෙක්‌ අවන්හල් හිමිකරුට, ඔහුගේ ගැබිණි බිරිඳට පහරදෙයි!

    දඹුල්ල-සරත් එරමිනිගම්මන

    කැකිරාව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු සභාවේ කැබ් රියකින් පැමිණ හබරණ නගරයේ අවන්හලකින් Fried Rice එකක් ඇනවුම්කර එය ලබාදීම ප‍්‍රමාදවීම නිසා කෝපයට පත්ව එහි හිමිකරුට හා ඔහුගේ බිරිඳ වන අටමස් ගැබිණි මවකට පරුෂ වචනයෙන් බැනවදිමින් හා පහරදෙමින් අවන්හලේ භාණ්ඩවලට පහරදෙමින් යකා නැටීමේ සිද්ධියක් පිළිබඳව හබරණ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    සභාපති ඇතුළු සිව් දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හබරණ පොලිසියට එහි හිමිකරු වන සම්පත් විජේකුමාර මහතා විසින් පැමිණිලි කර තිබේ.

    ඉකුත් 07 දින පස්වරු 5.00 ට පමණ කැබ් රියෙන් පැමිණ ඇති සභාපතිවරයා වාහනයේ අසුනේ සිටියදීම අවන්හලේ එම අවසථාවේ සිටි වියපත් කෙනෙකුගෙන් කට ගැස්මක් ඇත්දැයි විමසා ඇත. එවැනි දේවල් අලෙවි කිරීමට නොමැති බව පැවසීමෙන් පසු මුදල් නොගෙවා Fried Rice එකක් ඇනවුම් කර ඔවුන් පැමිණි කැබ් රිය පිටත්ව ගොස් තිබේ. එහි හිමිකරු ප‍්‍රසන්න Fried Rice එක පිළියෙළ කර පැය තුනක් පමණ කාලයක් ගිය පසු ඇනවුම් කළ සභාපතිවරයා ඇතුළු පිරිස නොපැමිණීම නිසා වෙනත් අයෙකුට එය අලෙවිකර ඇත.

    රාත‍්‍රී 8.40 ට පමණ අධික ලෙස බීමත්ව පැමිණ ඇති සභාපතිවරයා ඇනවුම් කරන ලද Fried Rice එක ඉල්ලා ඇත. එහිදී ප‍්‍රසන්න මහතා සභාපතිවරයා පැමිණීම ප‍්‍රමාදවීම නිසා එය අලෙවි කළ බවත් කඩිනමින් යළිත් එකක් පිළියෙළ කරදිය හැකි බව පැවසීමත් සමග සභාපතිවරයා පැමිණි වාහනයෙන් බැස ඇනවුම භාරදුන් වියපත් පුද්ගලයාට පළමුවෙන් බැනවැදී පහරදීමට උත්සාහ දැරීමේදී අවන්හල් හිමිකරුගේ බිරිඳ මැදිහත්ව තිබේ. අටමස් ගැබිණි මවටද දැඩි ලෙස පරුෂ වචනයෙන් බැන වැදී පහරක් එල්ල කිරීමත් සමග අවන්හල් හිමිකරු මැදිහත්වීමෙන් පසු ඔහුටද පරුෂ වචනයෙන් බැන වැදී පහරදී තිබේ,

    පසුව අවන්හල් හිමිකරු විසින් තමාට, බිරිඳට සහ වියපත් මාමාට තම දියණියන් තිදෙනා හා විදේශිකයින් ඉදිරිපිටදී පරුෂ වචනයෙන් බැනවැදී පහරදීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

    මේ පිළිිබඳව හබරණ වැඩ බලන පොලිස් ස්ථානාධිපති කුලතුංග මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම පැමිණිලි කර ඇති බවත් කැකිරාව සභාපතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බවත් වෙනත් පිරිසකට විරුද්ධව ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසිය.


    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/25258-2019-03-12-12-20-35

    Local Authority - Kekirawa Pradeshiya Sabha :lol:
    http://www.adaderana.lk/local-autho...Anuradhapura&div_id=Kekirawa Pradeshiya Sabha
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ අමිලගේ මන්ත්‍රී ධූරය ගැලවේ

    091dc07705584b6f472a78d0c94a6122_L.jpg


    ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල් මහතාව සභික ධුරය සහ සභාපති ධුරයෙන් ඉවත් කර තිබේ.

    2013. මැයි මස 26 වැනිදා ඇඹිලිපිටිය පනාමුර පොලිස් වසමේ දඩුහැතැම්ම ප්‍රදේශයේදී රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අධිකරණයෙන් වැරදිකරු වී මාස තුනක සිර දඬුවම් ලැබිය.

    එම දඬුවම විඳ නැවත සභාපතිධූරයේ කටයුතු කිරිම නීති විරෝධි බව නීති පති විසින් තිරණය කර ඇත. එ අනුව එම්.කේ. අමිලගේ සභිකධුරය සහ සභාපති ධුරය අහෝසි වන බව රත්නපුර තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්නේ මහතා විසින් අද දැනුම් දි ඇත. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාටත්, මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පළාත් පාලන කොමසාරිස් වරයාට මෙම දැනුම් දීම රත්නපුර තේරීම්භාර නිලධාරී විසින් සිදුකර තිබේ.

    එම්. කේ. අමිල පසුගිය වසරේ මාර්තු මස පැවති පලාත් පාලන ඡන්දයට පොදුජන එක්සත් පෙරමුණේන් තරග කර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තේරී පත්විය. ඔහු හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රි එම්. කේ. රන්ජිත්ගේ(chandi malli :lol:) පුතේකු වන අතර පසුගිය වසරේ කඩුවෙලදි බස්රථ රියදුරේකුට පහරදිමේ සිද්ධියට සම්බන්ධ දකුණු පලාත් සභා මන්ත්‍රි එම්. කේ. කසුන්ගේ සොහොයුරේකි.


    - https://runews.lk/news/item/3135-abilipitiya-pradeshiya-sabhawa-amila
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    කුඩු ජාවාරමට සම්බන්ධ පොහොට්ටු නාගරික මන්ත්‍රී-පුතා කොටුකර ගන්න මෙහෙයුමක්

    Wednesday, මාර්තු 27, 2019 - 01:00
    පුවත්

    මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බවට සැකකරන හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පුතකු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමඟ එක්ව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

    රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 8 ක් සමඟ මීගමුව කට්ටුවාපිටිය දේවස්ථානය ආසන්නයේ දී පසුගිය දා( 23) පුද්ගලයකු අත්අඩංගුවට ෙගන ඇත.

    සැකකරු ගේ තොරතුරු මත හලාවත ඒත්තුකාලේදී තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් මෙම මත්කුඩු තොගය බෙදා හැරීමට තමන්ට ලබා දුන්නේ එම මන්ත්‍රිවරයා සහ ඔහුගේ පුතා බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි. මේ වන විට මන්ත්‍රිවරයා සහ ඔහුගේ පුතා සැඟවී සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමඟ එක්ව මෙහෙයුමක්ද දියත් කැර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රීයාත්මක වේ.


    - http://www.dinamina.lk/2019/03/27/ප...ටු-නාගරික-මන්ත්‍රී-පුතා-කොටුකර-ගන්න-මෙහෙයුමක්
     
    • Like
    Reactions: skymicro

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මොන පක්ෂෙ උනත් දේශපාලනේට ගෑවිච්ච එවුන් ඔක්කොම ඔහොම තමයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    කුඩු ජාවාරමට සම්බන්ධ පොහොට්ටු නාගරික මන්ත්‍රී-පුතා කොටුකර ගන්න මෙහෙයුමක්

    Wednesday, මාර්තු 27, 2019 - 01:00
    පුවත්

    මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බවට සැකකරන හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පුතකු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමඟ එක්ව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

    රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 8 ක් සමඟ මීගමුව කට්ටුවාපිටිය දේවස්ථානය ආසන්නයේ දී පසුගිය දා( 23) පුද්ගලයකු අත්අඩංගුවට ෙගන ඇත.

    සැකකරු ගේ තොරතුරු මත හලාවත ඒත්තුකාලේදී තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් මෙම මත්කුඩු තොගය බෙදා හැරීමට තමන්ට ලබා දුන්නේ එම මන්ත්‍රිවරයා සහ ඔහුගේ පුතා බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි. මේ වන විට මන්ත්‍රිවරයා සහ ඔහුගේ පුතා සැඟවී සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමඟ එක්ව මෙහෙයුමක්ද දියත් කැර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රීයාත්මක වේ.


    - http://www.dinamina.lk/2019/03/27/ප...ටු-නාගරික-මන්ත්‍රී-පුතා-කොටුකර-ගන්න-මෙහෙයුමක්


    Gamekaarayaa account eka tiyenne muta sure ekata
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    මීගමුවේ කුඩු ජාවාරම මෙහෙයවූ හලාවත පොහොට්ටු මන්තී‍්‍ර දැලේ

    පසුගිය මාර්තු මස 23 වැනිදා මීගමුව කටුවපිටිය දේවස්ථානය අසලදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටියේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂණයේදී අනාවරණය වූ තොරතුරු අනුව එම ජාවාරම මෙහෙයවූ බව කියන හලාවත නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්තී‍්‍රවරයකු මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා විසින් ඊයේ (8 දා* අත්අඩංගුවට ගෙන ඇත.

    සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්තී‍්‍රවරයකු වන ඩබ්ලිව්. එස්. ස්ටැන්ලි ලාවුස් ප‍්‍රනාන්දු නොහොත් තම්බි සිඤ්ඤො (65* නමැත්තෙකි. මොහු හලාවත තාලඩිවැල්ල අංක 108 දරණ ස්ථානයේ පදිංචිකරුවෙකි.

    හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනකු මීගමුව කටුවපිටියේදී ජාවාරම් කිරීම සඳහා හලාවත වැල්ලේ සිට රුපියල් කෝටියක් වටිනා හෙරොයින් කිලෝ 1 ග‍්‍රෑම් 8 ක් ගෙනෙන ලද අතර පොලිස් උපාය ¥තයන් යොදවා එම ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුහු ධීවර කාර්මිකයෝ වෙති.

    එම සැකකරුවන් විසින් හෙළි කළ තොරතුරු අනුව එම ජාවාරම මෙහෙයවීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හලාවත නාගරික මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගෙන ඇත. රැුඳවුම් නියෝග අනුව ඔහු රඳවාගෙන වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

    මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරළ සහකාර පොලිස් අධිකාරි මොහොමඞ් රිෆාඞ්, යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මීගමු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක, සැරයන් (52609* ජයකොඩි, පො.කො. (877) චතුරංග, පො.කො. (37928* වන්නිනායක, පො.කො. (82756* ගයාන්, පො.කො. (88441* හපුවිට, පො.කො. (78142* ප‍්‍රභාත් සහ පො.කො.රි. (80931* රෝහාන් දිසානායක යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

    මීගමුව සමූහ - විමල් කීර්ති


    - http://divaina.com/daily/index.php/puwath-2/26406-2019-04-08-16-09-29

    පොලිසියට කට්ටි පැන්න ස්ටැන්ලි අරුන්දිකගේ නිවෙසෙන් එළියට

    මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්‍රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේ සිට ඊයේ(8) දහවල් පිටතට පැමිණෙන විට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්‍රීවරයා ඊයේ(8) පෙරවරුවේ පැමිණි බව රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල් ලාගෙන සිට අත්අඩංගුවට ගැනීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අනාවරණය කර ගන්නේ පසුගිය මාර්තු 23 වෙනිදාය. ඒ මීගමුව කට්ටුවාපිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 01 යි ග්රූම් 08 ක් සමඟ අත්අඩගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමකදීය. ඒ අනුව හලාවත ඒත්තු කාලේ දී එම හෙරොයින් තොගය මීගමුවේ සැකකරුට ලබාදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. නාගරික මන්ත්‍රීවයාත් ඔහුගේ පුතාත් හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බව ඒත්තුකාලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමේ දී හෙළිකර තිබිණි.

    තවත් හෙරොයින් පාර්සලයක් නාගරික මන්ත්‍රීවරයා අත තිබුණු බව ද එහි දී ඒත්තුකාලේ දී අත්අඩංගුවට ගත් සැකකරු හෙළිකර තිබිණි. ඒ අනුව මන්ත්‍රීවයාවත් ඔහුගේ පුතාවත් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී ඔවුන් මෙතෙක් කලක් නිවසින් පළාගොස් තැන තැන සැඟවී සිටි බව පොලිසිය සඳහන් කරයි.


    - http://www.dinamina.lk/2019/04/09/ප...ට්ටි-පැන්න-ස්ටැන්ලි-අරුන්දිකගේ-නිවෙසෙන්-එළියට
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තෝරු මොරුත් අල්ලමුද monson .... මංගලව දාමුද ඇතුලට නිමල් ලන්සයි...හිරුනිකයි එක්ක ....



    56508666_2314153072174228_2105720601489440768_n.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මේ ත්‍රෙඩ් එක බැලුවනම් ඇති මොලේ ඇති එකෙකුට තේරෙන්න දැන් දේශපාලනේ ඉන්න එකෙක්වත් වැඩක් නෑ කියල.. බයි වහල්ලුයි,ටොයි වහල්ලුයි,ජෙපි වහල්ලුයි නිසා රට සදා අනාතයි..
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්දට කඩේ යන, වටේ ඉන්නන ඔක්කොම උන් තමයි ඒ පැත්තේ කුඩු ගෙන්නන්නේ, වෙලදාම් කරන්නනේ, ඕක ලංකාවේ වටේම ඔහොම තමයි. උන් ඔක්කොම කඩේ යන්නනේ ගොට්ට. උබලගේ පැත්තේ කුඩු ගෙන්නන, වීකුනන එක දන්නවා ඇතිනේ බොරුද කියල හිතල බලපන් මම කියන දේ.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මහින්දට කඩේ යන, වටේ ඉන්නන ඔක්කොම උන් තමයි ඒ පැත්තේ කුඩු ගෙන්නන්නේ, වෙලදාම් කරන්නනේ, ඕක ලංකාවේ වටේම ඔහොම තමයි. උන් ඔක්කොම කඩේ යන්නනේ ගොට්ට. උබලගේ පැත්තේ කුඩු ගෙන්නන, වීකුනන එක දන්නවා ඇතිනේ බොරුද කියල හිතල බලපන් මම කියන දේ.




    Kuddek nam pohottuwe ekek eka sure...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Kuddek nam pohottuwe ekek eka sure...

    උඹ ජෙප්පෙක්ද බං.උඹට තියෙන්නෙ ජෙප්පොන්ගෙ ලොජික් ඒකයි අැහුවේ..:rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    බීමත්ව සංචාරකයන් ප්‍රවාහනය කළ මහින්දගේ මන්ත්‍රී (පොහොට්ටු මන්ත්‍රී) අත්අඩංගුවට

    April 8, 2019


    බීමතින් ත්‍රිරෝද රථයකින් විදේශිකයන් ප්‍රවාහනය කරමින් සිටියදී මහින්ද පිලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

    එම මන්ත්‍රීවරයා ඇල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.


    - http://www.lankatruth.com/si/බීමත්ව-සංචාරකයන්-ප්‍රවාහ/
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මේ ත්‍රෙඩ් එක බැලුවනම් ඇති මොලේ ඇති එකෙකුට තේරෙන්න දැන් දේශපාලනේ ඉන්න එකෙක්වත් වැඩක් නෑ කියල.. බයි වහල්ලුයි,ටොයි වහල්ලුයි,ජෙපි වහල්ලුයි නිසා රට සදා අනාතයි..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    57373155_1177139135780471_8558995988356792320_n.jpg


    මේ අත්අඩංගුවට ගත්තේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් කියන්නවත් කොන්දක් නැති දෙරණ...

    ‍දෙරණේ සම්පූර්ණ ප්‍රවෘත්තිය මෙන්න...


    (පොලිස් නිලධාරින් දෙදෙනෙක්ට පහරදුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
    April 15, 2019 04:52 pm

    කන්තලේ පොලීසියට අනුයුක්තව රාජිකාරි කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කන්තලේ වැවේ බටහතර ප්‍රදේශයේදී දියනාමින් සිටි පිරිසකට බීමත්ව පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් පහරදී එහි සිටි කාන්තාවකට ලිංගික අතවර සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    දියනාමින් සිටි පිරිස කන්තලේ පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුගේ පවුලේ සමාජිකයින් සහ ඥාතීන් බවයි වාර්තා වෙයි.

    පසුව පොලිස් පරික්ෂකවරුන් දෙදෙනා ද අදාළ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන්ට ද එම පිරිස පහරදී තිබේ.

    එහිදී තුවාල ලැබූ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසීය.)


    - https://www.facebook.com/iskuruppu/photos/a.493923584102033/1177139129113805/?type=3&theater
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    පොහොට්ටුවේ මැරයෝ දෙහිඅත්තකණ්ඩිය පොහොට්ටු සභාපතිටත් පහරදීලා – විසඳුමක් නැත්නම් මම ඉල්ලා අස් වෙනවා

    April 14, 2019

    පොහොට්ටුව පක්ෂය අලුත් මැරයන් පිරිසක් විසින් ඩැහැගෙන ඇති බවත් එම මැරයන් පිළිබඳව පක්ෂ නායකයින් තීරණයක් නොගතහොත් තමන් පොහොට්ටුව හැරයන බවත් අම්පාරදිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

    ඒ මහතා මේ බව පවසා තිබෙන්නේ පොහොට්ට්ටුව පක්ෂයට බලය හිමි දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පොහොට්ටුවේ පොතුවිල් ආසන සංවිධායකවරයාගේ ලේකම් ඇතුළු පිරිසක් විසින් පහරදීමට එරෙහිව පැවති විරෝධතාවයක් අවසානයේ මාධ්‍ය අමතමිණි.

    මේ සම්බන්ධයෙන් පක්ෂය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් තමන් එම පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක තනතුරෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා එහිදී අවධාරණය කර තිබේ.

    අද (14) උදාන 8.00 වනවිට සභාපති තනතුරෙන් ද ඉවත් කරන බවට තර්ජනය කරමින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ඊයේ (13) අළුයම 1.00ට පමණ කඩාවැදුණු පොහොට්ටුවේම මැර පිරිසක් පහරදී තිබේ.

    මීට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

    “එහෙම කොහොමද සභාපතිකම් ගලවන්නේ ? පොතුවිල්වලට සංවිධයකයෙක් පත් කරලා තියෙනවා අම්පාර දිස්ත්‍රික් නායකයා වෙන මං දන්නෙ නැතුව. දැන් තමුන්නාන්සෙලා මේ ගැන ප්‍රකාශයක් කරන්න. ප්‍රචණ්ඩත්වෙන් තොරව මේ පොහොට්ටුව අපි ගොඩනැඟුවා, දැන් මැරවරයො නම් ඉන්නෙ ඔවුන් එක්ක මේ ගමන යන්න අපි ලෑස්ති නැහැ.

    පක්ෂය ඉදිරි දින කිහිපය තුළ මේ ගැන ප්‍රකාශයක් කරන්නෙ නැත්නම් මං මගෙ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වෙනවා. පැරශුට් කාරයින්ට ඉඩ දෙන්න බැහැ” යැයි ඒ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.


    - http://www.lankatruth.com/si/පොහොට්ටුවේ-මැරයෝ-දෙහිඅත්/
     

    Similar threads