පොහොට්ටු මන්ත්‍රී

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    පොහොට්ටුවේ මන්ත්‍රීගේ ලිංගික අතවරයෙන් බේරුණු දැරියන්ට පහරදී රෝහලේ – මන්ත්‍රී අත්අඩංගුවට

    April 15, 2019

    තම දෙමව්පියන් සමග ඊයේ (14) පස්වරුවේ කන්තලේ ජලාශයේ දියනෑමට ගිය තරුණ තරුණයින් පිරිසක් අතරින් එම තරුණියන්ට බිමත්ව සිටි කන්තලේ ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී නිස්සංක කෝදාගොඩ ඇතුළු පිරිසක් ලිංගික අතරවර කිරීමට ගොස් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අතිවූ ගැටුමකින් තුවාල ලබා බාල වයස්කාර දැරියන තිදෙනකු ඇතුළු 10 දෙනෙකු බරපතල තුවාල ලබා කන්තලේ මුලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර මන්ත්‍රීවරයා ඇතුළු දෙදෙනෙකු කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ රෝහල ගත කර ඇත්තේ කන්තලේ නගරයේ පදිංචි තරුණ තරුණයින් පිරිසක් හා ඔවුන්ගේ ඥාතීන් ය.

    මෙම තරුණ තරුණයින් පිරිස දියනාමින් සිටි කන්තලේ ජලාශයේ තාවුල්ලේ, කන්තලේ ප්‍රාදේශීය සභාවෙ පොහොට්ටු මන්ත්‍රීවරයෙකු වන නිස්සංක කෝදාගොඩ නැමැත්තාද ඇතුළු 100කට ආසන්න පිරිසක් අලුත් අවුරුදු සාදයක් පවත්වමින් සිට ඇත.

    යෞවනයේ පසුවන තරුණ තරුණයින් දියනාමින් සිත්සේ සතුටුවෙමින් සිටියදී බිමත් පිරිසද උසුළු විසුළු කරමින් විනොදවෙමින් සිට ඇත.

    ඇතැම් උසුළු විසුලු දුරදිගයමෙන් පසු හා එක් දැරියකට ලිංගික හිරිහැර කිරීමට දරු උත්සාහයක් පිලිබදව දැරියන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් පසු මෙම ගැටුම්කාරී තත්වය උද්ගතව ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    මේ ගැටුමින් දරුවන්ගේ දෙමව්පියන් අතරින් දෙදෙනකු, එම තුවාලලැබූ දෙමව්පියන්ගේ පුතුන් සිව්දෙනෙකු හා දැරියන් තිදෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කර තිබෙන අතර එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා තිකුණාමලය රෝහල වෙත මාරුකර යවා තිබේ.

    සිද්ධිය සමබන්ධයෙන් පරීක්ෂණ පවත්වන කන්තලේ පොලිසිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුලස්ථාන පොලිස් පරීක්ෂක පි.බි. විජේසිරි මහතා පවසයි.


    - http://www.lankatruth.com/si/පොහොට්ටුවේ-මන්ත්‍රීගේ-ලි/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    57160366_2302929363096522_7552955940002070528_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    57486577_2306901866032605_5077827572205617152_n.jpg


    12022-09-27 08_59_34-Window.jpg

    22022-09-27 09_00_03-Window.jpg


    - https://lankasara.com/si/පුවත්/තඹුත්තේගම-දෙකෝටි-විසිතුන/
    - https://www.hirunews.lk/316410/තඹුත්තේගම-බැංකු-කොල්ලය-පිටුපස-පොහොට්ටු-මන්ත්‍රීවරයෙක්
    ------ Post added on Sep 27, 2022 at 9:02 AM

    පොහොට්ටුවේ උන් සම්බන්ධ නිසා රට ජාතිය බේරගන්න ඉන්න උන් මීක් නැහැ :lol:

    කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා හා තවත් පුද්ගලයෙකු අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.

    කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි සඳගල නම් ප්‍රකට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකය පසුගිය දෙසැම්බර් මස 14 වනදා රාත්‍රීයේ පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි.

    ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

    එහි ප්‍රතිඵලයක් ලෙස දුෂාන්ත නම් අයෙක් කෑගල්ලේදී පළමුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඩිෆෙන්ඩර් රථයක් ද සමගිනි.

    සැකකරු අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයෙන් කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

    පසුව ප්‍රසාද් සංජීව නම් සැකකරුවකු ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ආනාවරණ වී ඇත්තේ, කුණ්ඩසාලේ, මහවල නම් ප්‍රදේශයේ පිහිටි රොෂාන් කඳනගේ නම් පුද්ගලයෙකුගේ නිවසට සඳගල රැගෙන ගිය බවය.

    එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා සඳගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිට කුණ්ඩසාලේ, මහවල ප්‍රදේශයට රැගෙන ආ ටිපර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    කෙසේවෙතත් රොෂාන් කඳනගේ නම් පුද්ගලයා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සැඟව සිටි අතර ඔවුන් දෙදෙනා ඊයේ දිනයේදී තෙල්දෙණිය අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුව සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    මේ අතර සැකකරුවන් සඳගල රැගෙන යාම සඳහා භාවිත කළ බූම් ට්‍රක් රථය, ටිපර් රථය හා සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

    නමුත් මේ වන තෙක් සඳගල සොයා ගැනීමට හැකිවී නොමැත.

    - https://sinhala.adaderana.lk/news/177177/සඳගල-සොරාගැනීමේ-සිද්ධියට-ප්‍රා-ස-මන්ත්‍රී-රිමාන්ඩ්

    කුණ්ඩසාලේ ඓතිහාසික සඳගල සොරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අද12 දහවල් පල්ලෙකැලේ පොලිසියට භාර වී තිබේ.

    භාරවී ඇත්තේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු ය.
    මෙම ව්‍යාපාරිකයා සතුව තිබූ බවට සැකකරන ලොරි රථය සහ බූම් යන්ත්‍රය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

    මෙම ව්‍යාපාරිකයා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සතුව තිබූ බූමි යන්ත්‍රයක් ලබා ගත් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

    සැකපිට පොලිස් භාරයේ සිටින මෙම ව්‍යාපාරිකයා රුපියල් කෝටි ගණන් මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයෙක් බවද දැනගන්නට තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    - https://lankasara.com/si/පුවත්/සඳගල-නාඩගම-ඇරඹෙයි-සැකකරු/

    ගෙදර නෑ කී ප්‍රධාන සැකකාර සඳගල හොරා ඇමති එක්ක !… ඇමති පුතා බේරාගැනීමේ සැලසුමක් සමග ඔහු CIDයට භාරවිමට සූදානමින්!​




    sandagala
    සොරකම් කළ දැවැන්ත පුරා ස්මාරකය... සොරකම් කිරීමට පෙර



    කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතය තුළ තිබුණු ඓතිහාසික සඳගල සොරකම් කරගෙන ගොස් එහි ඇතුළත ඇති මුතු මැණික් සොයා ගැනීමේ මිත්‍යාවෙන් එය විනාශ කර ඇති බවට සැක කරන අපරාධය මෙහෙයවා ඇත්තේ මහනුවර සිටින රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සෙල්ලක්කාර පුතෙක් බව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණ්‍ය කරගෙන ඇතැයි වාර්තා වේ.

    එහෙත් මේ වනවිට අදාල ඇමති පුතා උක්ත අපරාධයෙන් මුදා ගැනීමේ අශිෂ්ට මෙහෙයුමක් එළිපිටම ක්‍රියාත්මක වෙමින් ඇති බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
    ටොන් එකකට වඩා වැඩි බරකින් යුතු මෙම පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම හඳුනා ගන්නේ අරුප්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි. නුවර ප්‍රබල ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරන ඔහු සිය ඩිෆෙන්ඩර් රථය යොදාගෙන මෙම සොරකමට ආරක්ෂාව සලසා තිබිණි. පසුව කළ විමර්ශන වලදී මෙම පුරාවස්තුව ගැලවීම සඳහා යොදා ගත් බූම් ට්‍රක් රථය ද මෙම පුද්ගලයාට හිමි එක්ක බව හෙළි විය. අනතුරුව ට්‍රක් රථය ද පොලිස් අත්අඩංගුවට ගත්තේය.
    Untitled-1-24.jpg
    සඳගල ගෙනියන හොරු… ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල පෙනුන ආකාරය…
    මේ වනවිට පුරාවස්තුව නුවරින් පිට කිරීම සඳහා යොදාගත් වාහනය හා රියදුරුත්, තවත් පුද්ගලයෙකුත් අත්අඩංගුවේ පසුවේය.
    මෙතෙක් සිදුකළ විමර්ශන අනුව මෙම පුරාවස්තු කොල්ලය සඳහා ඇමති පුතා විසින් යොදවා ඇති ප්‍රධානම පුද්ගලයා වී ඇත්තේ අරුප්පොල පදිංචි ව්‍යාපාරික සම්බන්ධීකරණ ලේකම්වරයා බව හෙළි වී ඇත.
    අදාල විමර්ශනය නුවරින් ගැලවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ අවස්ථාවේ සිට මෙම තැනැත්තා අරුප්පොල නිවසින් අතුරුදහන්ව සිටියේය.
    අද බුද්ධි අංශ වාර්තා කර ඇත්තේ දැනට ඔහු ඉන්නේ ඇමතිවරයා සමග ඇමතිවරයාගේ රැකවරණයේ බවය.
    පුරාවස්තු කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ මෙම ව්‍යාපාරිකයාත් , ඔහුව මෙම අපරාධයේ යෙදවූ ඇමතිවරයාගේ සෙල්ලක්කාර පුත්‍රයාත් ගලවා ගැනීමේ සැලසුමක් සහිතව බොහෝ දුරට මෙම තැනැත්තා හෙට හෝ අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමේ සූදානමක් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
    ඒ සඳහා කොළඹින් පිට පොලිස් ප්‍රධානීන් කීප දෙනෙකුගේ මගපෙන්වීම හා උපදෙස් ලැබී ඇතැයි ද වාර්තා වේ.

    - https://lankasara.com/si/පුවත්/ගෙදර-නෑ-කී-ප්රධාන-සැකකාර/
    :lol:
    ------ Post added on Jan 15, 2023 at 9:23 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    :lol:

    හොඳටම දැන දැන ඇරගත්ත උන් දැන් යල්පැනගිය මාක්ස්වාදී සමාජවාදී NPP මරාලයක් කරේ තියන් යනවා
     

    Similar threads