පොහොට්‍ටුවට අසුභ පෙර නිමිත්තක්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පොහොට්‍ටුවට අසුභ පෙර නිමිත්තක්

    මහරගම පාර හරහා ඉදිකල විශාල පොහොට්ටු තොරණක් කඩා වැටේ.. කිහිප දෙනෙක් රෝහලේ.. වාහන කිහිපයක් අලාභ..
    September 8, 2019 at 12:40 pm | lanka C news
    මහරගම පාර හරහා ඉදිකල විශාල පොහොට්ටු තොරණක් කඩා වැටේ.. කිහිප දෙනෙක් රෝහලේ.. වාහන කිහිපයක් අලාභ..
    මහරගම නගරයේ මහා මාර්ගය හරහා ඉදිකර තිබූ පිළිගැනීම් තොරණක් කඩා වැටීම නිසා මාර්ගයේ ගමන් ගත් වාහන කීපයකට අලාභහානි සිදුව ඇත.

    මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය විසින් මෙම පිළිගැනීමේ තොරණ ඉදි කරනු ලැබ ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සුබ පැතුම් පිරිනමමිනි.

    අනතුර හේතුවෙන් තුවාල ලද තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව ද වාර්තා
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනේ බන් මේ ලබ්බවල් සුභයි අසුභයි කියලා බලන්න එපා ලාමක දේවල් .


    PS


    හැබැයි අර පොලිතින් නැතෝ කටවුට් නැතෝ කිව්වට ඔය තියෙන්නේ බඩු...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සන්ධානගත නොවී නව සන්ධානයක් පිහිටුවීමට අදාළ යෝජනාවක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් පක්ෂයට හා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
    ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පයේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීන්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය පමණක් නොව එ.ජා.පයේ හා පොහොට්ටුවේ මන්ත්‍රීන් ගණනාවකගේ සහාය ද එයට ලබාගත හැකි යැයි චන්ද්‍රිකා මැතිනිය කළ යෝජනාවේ සඳහන්ය. සිවිල් සංවිධාන රැසක් ද එක්කර ගැනීම මෙහි ඊළඟ අරමුණ බව ප්‍රකාශිතය.
    එසේ සකස් කරන සන්ධානය සුදුසු ජනාධිපති අපේක්ෂකයකුට සහාය දීමටත් අගමැති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා ගැනීමත් මෙම යෝජනාවේ දෙවැනි පියවර බව සඳහන්ය. එ.ජා.පයේ පවත්නා බල අරගලය හේතුවෙන් සජිත් පිල වෙනම තරගයකට සූදානම් වන්නේ නම් ඔවුන් නිසැකවම මෙම සන්ධාන යෝජනාවට එකඟ වනු ඇතැයි හිටපු ජනාධිපතිනිය විශ්වාසය පළ කර තිබේ.
    කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙතෙක් අදාළ යෝජනාවට පූර්ණ එකඟත්වය පළ කර නැත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී.ල.නි.පයේ සමිති සංවිධාන ශක්තිමත් කරන ලෙසයි. එසේම පසුගියදා පක්ෂ සම්මේලනයේ දී ඔහු කීවේ තමන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැනටමත් අරඹා ඇති බවයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,820
    113
    තුවාල උන හැමෝටම හෝ ඩැමේජ් උන හැම වාහනේකටම ගෝටාශීර්වාදය ලැබුනේ නෑ. ගෝටගෙ පිංතූරෙ තියෙන හරිය ඔළුවට පතබෑවෙන්නත් ඒ ගෑනු කෙනා පින් කරලා තියෙන්න ඇති. අනේ අපිට කොයින්ද එච්චර වාසනාවක්