පොහොට්‍ටුවේ වසන්ත

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පොහොට්‍ටුවේ වසන්ත

    එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ගැන බියක් මතුව ඇති බැවින් තමා ඉන් ඉවත්වන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

    ඡන්ද ව්‍යාපාරයේදී ඇති වූ කළකිරීම් පිළිබඳව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් වසන්ත සේනානායක මහතා ප්‍රශ්න රැසක් මතු කර තිබේ.

    ‘ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී උද්ගත වී ඇති යම් යම් කළකිරීම්’ යන ශිර්ෂපාඨය යටතේ ප්‍රශ්න රැසක් යටතේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත පසුගිය 20වනද මෙම ලිපිය යොමු කර තිබේ.

    එම කරුණු වලට අනුව,

    එළැඹෙන මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඔබගේ අගමැති අපේක්ෂකයා වන්නේද?
    රවී කරුණානායක මහතාට කැබිනට් අමාත්‍යධුරයක් ලබා දෙන්නේද?
    රිෂාඩ් බදියුදීන් ඔබගේ රජයක් තුළ කැබිනට් අමාත්‍යධුර හොබවන්නේද?
    රවූෆ් හකීම් සහ පාස්කු ප්‍රහාරකයින් අතර සම්බන්ධතා මාධ්‍ය මගින් හෙළි වී ඇති මොහොතක ඔහුව ඔබගේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ කර ගන්නේ ඇයිද
    යන්න මෙහිදී වසන්ත සේනානායක ප්‍රශ්න කර සිටියි.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    රිෂාඩ් බදියුදීන් ඔබගේ රජයක් තුළ කැබිනට් අමාත්‍යධුර හොබවන්නේද?
    රවූෆ් හකීම් සහ පාස්කු ප්‍රහාරකයින් අතර සම්බන්ධතා මාධ්‍ය මගින් හෙළි වී ඇති මොහොතක ඔහුව ඔබගේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ කර ගන්නේ ඇයිද
    යන්න මෙහිදී වසන්ත සේනානායක ප්‍රශ්න කර සිටියි.

    මුස්ලිම් චන්ද නැති උනොත් අන්ත පරාජයක්.:rofl: