පිස්සුද බං උඹට. ගිනි පොලියට දුන්නත් ඒක ගන්න එකා දන්නවානේ පොලියේ ගාන. ඌ දැනගෙන තමයි පොලියට ගන්නේ. ඒක හොරකමක් වෙන්නේ නෑ. අනික ඔය පොලියට දෙන ඒවා බහුතරයක් කරන්නේ ඇඳුනුම්කම මත කියලත් ඒක ගන්න කෙනෙක්ත් දන්නවා. උඹේ තියරිය හැටියට ගණන් අඩුවට කොත්තු විකුණන එවුනුයි, ගණන් පට්ට වැඩියෙන් කොත්තුවක් විකුණන එවුන්ගෙයිත් ඇයි ඉතින් ගිනි ගණන් වලට නොදි අර ගණන් වලට නොදෙන නිසා. අනික එහෙන්ම බුදුහාමුදුරුවො කරන්න එපා කියලා කියපු රස්සාවල් 5ට මුදල් ණයට දීම කියන එකත් එනවානේ. බණ ඇහුවට විතරක් බෑ බං ඒවා හරියට තේරුම් ගන්නත් ඕන. කවදා හරි පල දෙනවා කියන කතාව උඹලාගේ සිත් සනස ගන්න හදා ගත්ත කතාවක්. උඹ කොහොම කිව්වත් ඕක උඹට ඔප්පු කරන්න බෑනේ බං ඔය කවදා හරි පල දෙන එක. දැන් බලපන් රනිල්ලා, මහින්දලා මිනිස්සුන්ගේ හිත් වලට කොච්චර ගින්දර දුන්නද දැන් අවුරුදු 80 ගානක් කිට්ටු වෙන්න හිටියේ ලෝකේ ගන්න තියෙන හොඳම සැප අරගෙන. කිසිම වැරද්දක් නොකර පට්ට පාඩුවේ හිටපු කී දාහක් කොරොනා වලින් මැරුණද? උන්ට ලැබුනේ මොනවා කරපු රිටර්න් එකද?
උඹලා හිතින් හදාගත්තුවා ඕවා. මම ඕන තරම් දැකලා තියෙනවා කුණු කොල්ලෙට වැඩ අරන් ලොකුවටම ප්රොෆිට් කරන කම්පැනි. ඔය අපූරුවට ඉන්නේ. ඔය කිසි දෙයක් නොකර ඔහේ වැඩක්පලක් කරන් ඉන්න එකාට හැමදාම හතර අතේ ණය වෙලා. එහෙම බැලුවොත් ඒ කෙනාටත් සල්ලි යා දීලා නෑනේ. ඒකනේ ණය වලින්ම රෝල ගන්න වෙන්නේ.
------ Post added on Mar 25, 2026 at 4:12 PM