පෝසත් වෙන්න ලෙසි ක්‍රම

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පෝසත් වෙන්න ලෙසි ක්‍රම

    පොහොසතෙක් වෙනව කියන්නේ තමන් ගාව මොනව හරි දෙයක් ඉතුරුවෙලා තියෙනව කියන එකනේ. මුදල් අතින් පොහොසත් වෙන්න තමන් ගාව මුදල් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතිරි කළ මුදලක්. ගොඩක් අය කියන්නේ දැන් තියෙන වියදමේ හැටියට ඉතුරු කරන්න තියා වියදමට තියෙන මුදලත් මදි කියලා. ඒක ඇත්ත. ඒත් ණය කාරයෙකු නොවී හරි බේරෙන්න පුලුවන් ඇත්තටම තමන්ගේ වියදම් පාලනය කළොත්. ඒ කියන්නේ අපේ වියදම් ගොඩක් තියෙනව අනවශ්‍ය දේවල් වලට කරන්. පොඩ්ඩක් හිතල බලන්න එහෙම නෙවෙයිද කියලා




    01. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.


    02. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.


    03. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.


    04. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.


    05. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.


    06. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.


    07. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.


    08. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.


    09. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.


    10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.


    11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.


    12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූමක් අරඹා එයින් නිකුත් කරන ATM හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.


    13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.


    14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.


    15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.


    16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.


    17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.


    18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිරියකි.


    19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.


    20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.


    21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.


    22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.


    23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.


    24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.


    25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.


    26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.


    27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොට් ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට CFL බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 %- 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.


    28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.


    29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.


    30. අනවශ‍ය ආහාර ද්‍රව්‍ය, හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.


    31. තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න.


    source: අව්ලක් නෑ-no problem (FB)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    06. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.


    07. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ.


    මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි ගූ කන එක...

    :no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: Dusty Killer

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කරගන්න.

    :baffled::baffled::baffled:
     
    Last edited:

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    machan gu kana eun kiyanepa.lankawe DIY kiyala ekak nati unata suddo hugak DIY ( do it urself ) nikan kiyanawata diy kiyala google karapan.un higanno neme ban unta oni ewa unma hadaganna.ema thama ratawal diyunu wenne.ape eun itin loketa penna utum patum gihin kadadahiyakata rupiyal 500,1000 gewala enawa.matanam me kiyala tyena ewa hugak watinawa.mama nitara kadachoru kana ekek.
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Mehema awurudu 20k lewa kaka jiwat wela... hodata money ethuru karala...

    Kohomada ekaparata family eka pitinma yatiyanthota yanna unoth...

    Anathai neda?????

    Eth ape kala kanni kamata ehema hithunata... mehema jiwath wena minissu thamai machanla diyunu wenne...
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න - Meaning eat only one time, take a walk to office, go shopping but dont buy just watch then and satisfy, use one onion for whole week, blah blah..

    kohenda ban hoya gatte? chintanenda?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පෝසත් වෙනවා කියන්නේ සල්ලි ඉතුරු කිරීමම නෙමෙයි. පෝසත් කියන්නේ පහසුකම් කියන එක. මම නම් කියන්නේ ජීවිතේ කියන්නේ බැලන්ස් එකේ ගෙනියන්න ඕනේ දෙයක් කියල. ඔය උපදෙස් වල කියල තියෙන්නේ එක අන්තයක්. පිස්සෙක් වගේ වියදම් කරනවා කියන්නේ එක අන්තයක්. හිතපල්ලකො ඔය විදියට ඉතුරු කරලා මැරිලා ගියා කියල.

    උදාහරණයක් ගත්තොත් එකෙක් ලීසිං එකක් දාල වාහනයක් අරගෙන ටිකක් අමාරුවෙන් ඒක ගෙවන ගමන් ඒකෙන් ඔෆිස් යනවා. තව එකෙක් සල්ලි පොතේ දාල අමාරුවෙන් බස් එකේ යනවා. මෙතනින් මොකාද පෝසත් කියල හිතන එක ඔයාලට බාරයි.
     
    Last edited:
    • Like
    Reactions: Dusty Killer

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඔහොම ජීවත් වෙලා, සල්ලි ඉතුරුත් කරලා, ඒ සල්ලි වලින් මොනාද බන් අන්තිමට කරන්නේ? :nerd::nerd::nerd:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    aurdu 500 withara jeevath wenwam kamak naha , api auru keeyada ban jeevath wenne
    ohoma lewa kala jeevath wela monawa karannada ban , hodata earn karala aawa hodata spend karla aathal eke jeevath wenna oona nathnam ethin sali kiyanne kola tikak witharai.