පෞද්ගලික අංශයට මැයි දිනයට තෑග්ගක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පෞද්ගලික අංශයට මැයි දිනයට තෑග්ගක්

    Government-jobs-vs-private-sector-jobs.jpg


    අයවැයෙන් යෝජනා කෙරුණු පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම හෙට සිට ක්‍රියාත්මක වන බව රජය පවසා ඇති බවට වාර්ථාවේ. ඒ අනුව පෞද්ගලික අංශයේ සියලූ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් දස දහසක් වනු ඇති. අවම දෛනික වැටුප රුපියල් 400 ක්. හෙට සිට මෙම වැටුප් වැඩිවීම මූලික වැටුප වශයෙන් ක්‍රියාත්මක වන බවයි රජය පවසන්නේ. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩි කිරීමටද ඉකුත් අයවැයෙන් යෝජනා කෙරුණා. එහි පළමු පියවර වශයෙන් හෙට සිට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ දැනට පවතින වැටුප රුපියල් 1500 කින් වැඩි කරනු ඇති බවට වාර්ථාවේ.

    ඒ අනුව දෛනික වැටුප් ලබන සේවකයින්ගේ වැටුපද රුපියල් 60 කින් වැඩි කළ යුතු බවයි රජය පවසන්නේ. දෙවන පියවර යටතේ වැටුප් වැඩිවීම ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කළ යුතු වනවා. එහිදී මේ වසරේ දෙසැම්බර් 31 වන දිනට ගෙවන ලබන වැටුප තවත් රුපියල් දහසකින් වැඩි කරනු ඇති. ඉකුත් අයවැයෙන් යෝජනා කර ඇති ක්‍රමවේදය හා සමාන නීතියක් ගෙනඒමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අදාළ කාර්යය සදහා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම වෙනුවෙන් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඉහත සදහන් යෝජනා ක්‍රියාත්මක කිරිම සදහා වන විධිවිධාන එම පනත් කෙටුම්පතට ඇතුළත් බවට වාර්ථාවේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රජයේ නොවන සේවකයන්ට නම් සතුටුදායක පුවත්තුවක් වෙයි :D