හරි ගොඩක් කටිටිය දාල තිබුන මේකේ ප්‍රයෝගික නයිතික පැත්ත පොඩ්ඩක් පැහැදිලි කරන්නං මචන්,
මේවා අපිට මීඩියා වලදී උගන්නපු දේවල් , චලන රූප හෝ නිශ්චල රූප බාවිතය.
ගොඩක් වෙලාවට මේ වගේ පින්තුර ගන්න අය කියන දෙයක් තමයි එයාලගේ නිදහස. නිකං වැදුන. අහබු දර්ශන නොයෙකුත් හේතු කරනා. එත් පැහැදිලිවම කියල තියනවා. අවු .18 වැඩි කෙනකුගේ මුහුනේ හෝ අනන්‍යතාවය පෙන්නුම් කරන චලන රූප හෝ නිශ්චල රූප ගැනීම හෝ මුද්‍රණය , බෙදාහරිම, ඩිජිටල් මාද්‍ය ඔස්සේ හෝ වෙනයම් ආකාරයකින් ප්‍රචාරණය කිරීම ඔහුගේ හෝ ඇයගේ අවසරයකිනි තොරව සපුරා තහනම්. අවු .18 අඩුනම් දෙමවුපියන් ගේ හෝ බරකරුගේ අවසරය අවශ්‍ය. ඒ හින්ද තමයි රගපෑම් කටයුතු කරනකොට ඊට කලින් මේ වගේ ඇග්රිමෙන්ට් 1 අත්සන් කරගන්නේ.
ඉතිං එහෙම එකේ නිරුවත් ජයාරූප ගැන හිතන්නකෝ කොහොමද කියල.
අම්ම තාත්ත වෙන්න ඕනි නෑ මචං වැරදි දේට කථා කරන්න බයවෙන්න ඕනි නෑ. දැන් ඔයා මෙතන ඇහුව වගේ. කරන්න තියන්නේ මේ කෙනාව හම්බ වෙලා කියන්න බොහොම ශාන්තව මේ පින්තුර ටික ඩිලීට් කරන්න ඔයා ඇත්ත විතරේ ඔක්කොම දන්නවා කියන්න. කොම්පුටර් 1 දගේනනම් එකත් මකව ගන්න කොහොම හරි. කලින් එක්කෙනක් කියල තිබුන වගේ චිප් 1 කඩල අලුත් එකක අරන් දෙන්න (ළමයාගේ අනාගතය වෙනුවෙන් )
බැරිම උනොත් ලගම තියන පොලිසියට මේ ගැන පැමිණිලි කරන්න (අම්මා තාත්තා වෙන්න ඕනි නෑ ) එයාලා ළමය ගේන්නේ නැතුව මේක විබහග කරන්න කියලා ඉල්ලන.
අවසානයේ කියන්න තියන්නේ මනිහ අසහන කාරයේක් තමයි, මේකේ නරකම දේ මු මේ ළමයාගේ පින්තුර බලල ස්යං වින්දනය කරලා. ළමයට හිතින් ආදරේ කරලා. ඊට පස්සේ ළමයාගේ ජිවිතේ උනත් නැති කරන තැනට වැඩ කරන තිරිසන්නු. එහම නෑ කියන්න බෑ පහල කතාව කියවල බලන්න. තව උදව් ඕනිනම් කියන්න මං පොලිසියට යන්න උනත් එන්නම්. - ජය
සදීප ලක්ෂාන් ඝාතනය – කුරුළු පිහාටුවක සැඟව ආ මාරයා
Source – aniwa.lk
මතුගම සමන් කුමාර සිසුවාගේ ඝාතනයෙන් වසර පහලොවක් ගෙවී ගිය තැන, ඒ මිලේච්ඡ අපරාධයම සිහිගන්වන තවත් අපරාධයක් ගැන අසන්නට තරම් අපි අවාසනාවන්ත වුනා. ඒ අලුත්ගම සදීප ලක්ෂාන් දරුවාගේ පැහැරගැනීම සහ මරාදැමීමේ පුවත අසන්නට ලැබීමෙන්.
සදීප ලක්ෂාන් කළුතර සිරිකුරුස විදුහලේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 8ක් වයසැති දරුවෙක්. 1999 ඔක්තෝම්බර් 8 වැනිදා පාසැල ඇරී නිවෙසට පැමිණ සිටි සදීප ලක්ෂාන්ව රහසිගතවම පැහැර ගනු ලැබෙනවා. ඉන්පසුව අලුත්ගම නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන සදීපගේ පියාට දුරකථනයෙන් අමතන කප්පම් කරුවන් සදීපව නිදහස් කිරීමට නම් ලක්ෂ 25ක මුදලක් අවශ්‍ය බවටත් පොලිසියට දැන්වුවොත් දරුවා මරා දමන බවටත් තර්ජනය කරනවා. කෙසේ වෙතත් ඒ වන විට එතරම් මුදලක් සදීපගේ පියා සතුවන්නේ නැහැ. ඒ නිසා ලක්ෂ 25ම සොයාගැනීමට ඔහු කප්පම්කරුවන්ගෙන් කල් ඉල්ලනවා. සියල්ල මෙසේ සිදුවෙද්දී හැමෝටම රහසින් සදීපගේ පවුලේ ඥාතියෙක් විසින් මේ ගැන පොලීසිය දැනුවත් කිරීම නිසා සදීප දරුවා සොයාගැනීමට රහසිගත පොලිස් පරීක්ෂණයන්ද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.
දින දෙකකට පසුව සදීපගේ පියා ලක්ෂ 25ක මුදල සොයාගන්නා අතර අලුත්ගම නගරයේ පිහිටි දුරකථන කුටියක් තුළ කප්පම් මුදල තබා දරුවා බේරාගන්නා ලෙසට කප්පම්කරුවන්ගෙන් ඔහුට නියෝගයක් ලැබෙනවා. මුදල් තැබූ පසු දරුවාව නිවස කරා එවන බවට කප්පම්කරුවන් සහතික කරනවා. නියමිත ආකාරයෙන් කප්පම් මුදල දුරකථන කුටිය තුළින් තබන සදීපගේ පියා ආපසු නිවස බලා යන්නේ තම ආදරණීය දරුවාගේ මුහුණ දැක ගැනීමේ දැඩි නොඉවසිල්ලකින්. ටිකෙන් ටික කාලය ගත වුනත් සදීප නැවත නිවස කරා එන්නේ නැහැ. මේ අතර දරුවා නැවත නිවස කරා නොපැමිණුන නිසා පොලීසියද වහාම ක්‍රියාත්මක වෙනවා. අනෙකුත් පොලිස් ස්ථානද මේ ගැන දැනුවත් කරමින් ගාලු පාර ඇතුලු අවට මාර්ග සහ රථවාහන පරික්ෂාවට ලක්කරන්න පටන් ගන්නවා.
සැකකටයුතු අන්දමින් හැසිරුණු පාපැදියකින් ගමන් ගත් තරුණයෙක් පොලිස් අත් අඩංගුවට පත්වන්නේ මේ අතරේදීයි. පොලිසියේ ප්‍රශ්න කිරීම් සහ තර්ජන මැද බියට පත්වන ඔහු සදීපව පැහැරගත්තේ තමන් බවට පාපොච්ඡාරණය කරනවා. මේ තරුණයා අමිල නුවන් සිල්වා නැමති වයස අවුරුදු 17ක තරුණයෙක්. පුදුමයට කාරණාව වන්නේ අමිල නුවන් වාසය කරන්නේ කුඩා සදීපගේ නිවසට නිවෙස් දෙකකට එහායින් වීමයි. කුරුළු පිහාටු දෙනවා යැයි කියා සදීපව රවටා පැහැරගෙන ගොස් ඇති බවටත්, ඉන්පසුව ඔහුගේ නිවසට ගෙනගොස් මරා වැසිකිළි වලකට දමා ඇති වගටත් පොලිසිය විසින් සොයාගන්නවා. කප්පම් ඉල්ලමින් දුරකථන ඇමතුම දෙන මොහොත වන විට පවා සදීප මරණයට පත්වී අවසන් බවයි පරීක්ෂණ වලදී හෙලි වන්නේ. සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙක්වම පසුව අත් අඩංගුවට පත් වෙනවා.
නමගිය චණ්ඩියෙක් වෙන්නටත් තමන්ගේ පෙම්වතියට පෙනෙන්නට සල්ලිකාරයෙක් වීමටත් හීන මැවූ අමිල නුවන් ඒ සිහින සැබෑ කරගන්නට උත්සාහ කරන්නේ අහිංසක ජීවිතයක් බිල්ලට ගනිමින්. අකාලයේ මරා දැමූ සදීප ලක්ෂාන් දරුවාගේ මරණය අදටත් අපිව කම්පනය කරන්නට සමත් දුක්බර සිදුවීමක්.