පෞද්ගලික විශ්වවිද්‍යාල

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
කථා කරන්න ඉගෙනගෙන එනව ඔටුවො. මම පැහැදිලිව කිව්වා මට යාළුවො නැති කර ගන්න ඕන නැති නිසා මම මේකෙ ආයිත් රිප්ලයි දාන්නෙ නෑ කියලා.:frown: අනික මම කලින් කිව්වා බල්ලෙක් බිරුවට කඳු පාත් වෙන්නෙත් නෑ කියලා. :D

හොඳට මතක තියා ගන්න සහෝ අන්තර්ජාලය තුලින් නිරූපන වෙන්නෙ සමාජයේ එක පංතියක් විතරයි. මෙතන ඔක්කොම ඉන්නෙ අගනුවර ආශ්‍රිත හෝ නගරාශ්‍රිත වත්කම් තියෙන පිරිසක් (ගොඩක් දුරට). බහුතරක් ඩිප්ලෝමා,උසස් අධ්‍යාපනය ආදිය හදාරන උදවිය.ම කිව්ව ගමේ ඉන්න දුප්පත් එකාව මෙතනදි නිරූපනය වෙනවද ? :no:ඇයි අනුරාධපුරේ ඉන්න එකාට ලංකාවෙ පළවෙනි 650ට වත් එන්න බැරි.. ටියුෂන් නිසා නේද ? ඇයි මේ දේ විශ්ව විද්‍යාල වලට නොවන්න බැරි. මේතරම් නළු නිළියන්ව ගෙන්නල කෝටි ගණන් වියදම් කරල උත්සව තියෙන රජයට වශ්ව විද්‍යාලයක පහසුකම් දෙන්න බැරිද ? අධ්‍යාපනය නගා සිටුවන එක ආයෝජනයක් නෙමෙයිද ? :nerd:
අනේ උයා හිතනවද මර්වින් මාමල, එස්.බී මාමල අපේ ළමයින්ට ආදරෙන් විශ්ව විජ්ජාල හදයි කියලා.:lol::rofl: සහෝ ඉදිරියටත් නැවත් නැවතත් වෙන්නෙ අතීතයේදි සිදි වුණ දේවල්ම තමයි. :D
සුවිස් අකවුන්ට් තර කර ගන්න මේ මාමල කළු සල්ලි වලට ලෝකෙ හොඳ කැමපස් එකක් හදයිද ? :rofl:
සහෝ මම කැමැති නෑ මේ ත්‍රෙඩ් එක නැවත් නැවතත් බම්ප් වෙනවට.:no: මට මගේ යාළුවො වටිනවා.
:D
තමුන් වගේ මෝඩයො - දුන්න කියලත් මට වැඩක් නෑ. ඔය මගුල මම යනකොට අරන් යන්නද.:P GT දැන් උනත් ඕක disable කරන්න option එකක් දෙනවා නම් අනිවා මම ඕක අයින් කරනවා.ඕකෙන් තමයි ෆෝරම් වලට කට්ටිය ඇදල තියා ගන්නෙ. අහ්.. ෆොන්ට් සයිස් එක ලොකු උනා කියල බය වෙන්නෙත් නෑ.:)
තව දෙයක් කියන්න ඕන ලංකාවෙ ඔහොම කැම්පස් 100 හැදුවත් මට පාඩුවක් නම් වෙන්නෙ නෑ.. එහෙම වෙනවා නම් වෙන්නෙ තව අවුරුදු ගාණක් ඉස්සරහට එන්න ඉන්න උන්ට.:nerd:
man kohewath kiyala tiyanawada government uni danda epa kiyala?????
anuradapure ayata uni yanna epa kiyala?
lankawe tuition class saha sampath bediyama hari kiyala

tamuse danna magulak kata karanawa
man kiyanne private uni dammama pitarata yanna ona neha lankawe ayata

1.)salli tiyana minissu kohamath rata gihin education eka gannawa
ai lankawe karanna denne natte?

2).anika lankawata salli ithuru wenawa,living cost eka,fee eka nadda?

3)lankawe lectures lata tawa job anawa?

4) Arabic country wala tawa duratath appita hoda job offer karanda ayala kemati neha ook,they wanna give gud education to there children now,ayala next 15 years waladi educated work force ekka tamange ratinma hada gannawa.ayala Australia anawa education walata.why cant we offer education for them and earn money at the same time we can increase our jobs?

5) Maldives,india students genda puluwan?


6) accommodation,food,travel,tourism meka hinda wedi wenne nadda?


7)oya loke koheda gihin tiyenne?oyata loku denumak tiyanawada ochchara hari neha kiyala kiyanda taram?oya anthare ayata job ekak hoya ganda baruwa kohamada rata hadanne?
rate hoda tirana narakai kiyala kiyanne?

8)oya dannawada pitarata giyama lankawe kollo kello vidina duk,job karanda,inna fee eka hoyanda?

9)private uni yanda duppath appitath rajayen loan ekak dunnoth long term,once we have a job we can pay neda?




malaya man mage style eken tama font use karanne,
u can use small letters but this is ma way of replying ok so dont too much worry about dat mate

oya mage prassa nawayata pilituru denakam man balan innawa ok dear

 

Wal Bada

Well-known member
  • 1.)salli tiyana minissu kohamath rata gihin education eka gannawa
    ai lankawe karanna denne natte?
    මෙතන ප්‍රශ්නෙ ඇයි ඉන්ජිනේරුවොම වෙන්න ඕන කියන එක? ඉන්ජිනියරින් ඩිග්‍රී එකකට යම් මට්ටමක් තියෙන්න ඕනෙ. ඒ මට්ටම අඩු කරලා ඉන්ජිනියරින් ඩිග්‍රි දෙන්න බෑ. දැන් කරන්න හදන්නෙත් ඕකමයි. මේ අයට ඕන සල්ලි විතරයි. ඒ හින්දා මුලට කොහොම උනත් පහු පහු වෙනකොට පෞද්ගලික විශ්ව විද්යාල වල ඩිග්‍රී එකේ තත්වය බාල වෙනවා
     

    Wal Bada

    Well-known member
  • 9)private uni yanda duppath appitath rajayen loan ekak dunnoth long term,once we have a job we can pay neda?
    අන්න ඒක හොඳ අදහසක්. එහෙම වෙනවා නම් තත්වය ගොඩක් සාධාරණ වේවි. නමුත් ඒ කියපු යටිතල පහසුකම් ඇති වෙන තුරු පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න හොඳ නැහැ. ශිෂ්‍ය ණය තියෙනවා නම් ඕනේ එකක් කමක් නෑ.
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    machan umbala wage kuhaka un tama lassana car dakkama 2ke kasi walin huragena yanne kuhaka kamata

    natnam bulath kela parak gahagena yanne


    kuhaka kama vitarak newe dan umbata tarahath yanawa


    balagena blood kupitha wela kuriya gahavi :)
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    අන්න ඒක හොඳ අදහසක්. එහෙම වෙනවා නම් තත්වය ගොඩක් සාධාරණ වේවි. නමුත් ඒ කියපු යටිතල පහසුකම් ඇති වෙන තුරු පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න හොඳ නැහැ. ශිෂ්‍ය ණය තියෙනවා නම් ඕනේ එකක් කමක් නෑ.

    ela ela
    machan prassna walata visadum hoyanda puluwan ban

    boruwata loke kada wetuna kiyala ke nogaha neda?
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    මෙතන ප්‍රශ්නෙ ඇයි ඉන්ජිනේරුවොම වෙන්න ඕන කියන එක? ඉන්ජිනියරින් ඩිග්‍රී එකකට යම් මට්ටමක් තියෙන්න ඕනෙ. ඒ මට්ටම අඩු කරලා ඉන්ජිනියරින් ඩිග්‍රි දෙන්න බෑ. දැන් කරන්න හදන්නෙත් ඕකමයි. මේ අයට ඕන සල්ලි විතරයි. ඒ හින්දා මුලට කොහොම උනත් පහු පහු වෙනකොට පෞද්ගලික විශ්ව විද්යාල වල ඩිග්‍රී එකේ තත්වය බාල වෙනවා

    eka machan balaganda rajaya weda karanda on aneda?
    uni noda indala hari yanne nehane ?
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    hema welawema weradi hoyapalla ,wedak karanda denda epa,sinhala appita ohama wela tiyenne kuhaka kama nisa, bala palla muslim tawath ekekuta help karanawa
    appe un kuhaka kam karanawa
    appita hariyavida?

    wedak neha,man welawa nahasthi karagena liyanne aduma gane ekekwath hedei kiyala

    jamme gathi yawanda amarui



    darmapala thumath ratin giye nikan newe

    tamange talent eka hada gamu,anunta kuhakakam nokara
    mokada oyalage salli newene viyadam karanne neda?
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    August 26, 1989 born chu kollek
    anthareta asuvi private uni wahanda hadanawa?

    tawatikak loku wela anna he he he?



    mage kanen kiyannam karuda kiyala Elcid
     

    Wal Bada

    Well-known member
  • eka machan balaganda rajaya weda karanda on aneda?
    uni noda indala hari yanne nehane ?
    රජය වැඩ කරන හැටි ගැන අපි හොඳට දන්නවා. උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය පීඨයට තරු හතරක් ගත්තු අය, කලා අංශයෙන් උසස් පෙළ කරපු අය පවා ඇතුල් වෙලා හිටියා. ආණ්ඩුව මේකට මොකුත්ම කරන්නේ නෑ. මොකද එහෙම කළොත් ආණ්ඩුවේ හෙන්චයියලාගේ ළමයින්ට ඉන්ජිනේරුවො / දොස්තරල වෙන්න අවස්ථාවක් නැති වෙනව
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    danatamath private colleges dala lankawe

    UK, Aussi degree, professional courses (Cisco, CIM)

    rata course karana than wadi wen na ona

    salli nathi ayata scholarships, naya den na one

    rata diyunu karan na education diyunu karan na ona
     

    Wal Bada

    Well-known member
  • පුද්ගලික වෛද්‍ය විද්‍යාල - මිථ්‍යාව සහ යතාර්ථය
    පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන ලද වෛද්‍යය විද්‍යාලයක් මාලබේ පිහිටුවා ඇති බවත් එයට සිසුන් ඇතුළත් කිරීම ආරම්භ වී ඇති බවත් මෑතක දී දැන ගන්නට ලැබිණ. පුද්ගලික වෙද විදුහල් යන මාතෘකාව ලාංකික සමාජය තුළ මුල් බැස ගත්තේ අද ඊයේ නොවේ. පුද්ගලික වෙද විදුහල් වල අතීතය හාරා අවුස්සා බැලීමේදී 1986 වසරේ දී රාගම රෝහලට අනුයුක්තව පළමු පුද්ගලික වෙද විදුහල අරඹන ලදී. නමුත් රට තුළ නැගි දැවැන්ත ශිෂ්‍ය විරෝධය නිසා හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ මළ සිරුරු මතින් 1988 දී රාගම පුද්ගලික වෙද විදුහල කැළණීය සරසවියට පවරා ගැණින. ඉන් පසුව කිහිප විටෙක දී මේ සඳහා උත්සාහයන් ගැණුන ද, ඒවා ලත් තැනම ලොප් වී ගියේ වෛද්‍යවරුන්ගෙන් හා වෛද්‍ය සිසුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා මතය.

    අද වන විට උපාධිධාරී වෛද්‍යවරුන් 23,000 පමණ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගෙන ඇත. නමුත් විශ්‍රාම යාම්, රටින් බැහැර වීම්, විශ්ව විද්‍යාල සේවය, මිය යාම හා ආබාධිත වීම් යනාදී හේතු නිසා සේවයේ යෙදෙනුයේ වෛද්‍යවරුන් 18,000 - 19,000 අතර ප්‍ර‍මාණයකි. මේ ප්‍රමාණය අනුව එක් වෛද්‍යවරයකුගේ සේවය ලබන ජනගහණය 1000 ක් පමණ වේ. අප අසල්වැසි රට වලට වඩා ඉතාම හොඳ වෛද්‍ය සේවයක් පිළිබඳ උදම් අනන අප මේ කරුණ ඉදිරියේ විමසිලිමත් විය යුතුය. ඉන්දියාවේ පවා මේ අනුපාතය මෙයට කිට්ටු අගයකි. එබැවින් රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී. අවම මට්ටමේ සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීමට වෛද්‍යවරුන් 40,000 ක් වත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ. රජයේ වෙද විදුහල් වලින් දැනට වසරකට පිට කෙරෙන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව 900 කි. රජරට වෙද විදුහලෙහි උපාධිධාරීන් ද එක් කළ විට මෙය 1000 පමණ වේ. වසරකට පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා පැමිණෙන සිසුන් ගණන ද 100 - 150 පමණ වේ. එබැවින් වසරකට වෛද්‍යවරුන් 1200 ක් පමණ සේවයට එක් වන අතර 200 ක් පමණ සේවයෙන් විශ්‍රාම යති. එබැවින් වෛද්‍ය හිඟය පිය වීමට රජයේ වෙද විදුහල් වලට තවත් වසර 20ක් පමණ ගත වනු ඇත. එබැවින් වෛද්‍ය උපාධිධාරීන් ගේ සංබ්‍යාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කාරණයකි.

    අනෙක් අතට සරසවි පිවිසුම් ලකුණු / Z අගය තීරණය කරනුයේ සංකීර්ණ ක්‍රියාවලියක් මගිනි. සරසවි පිවිසෙන්නන්ගෙන් 40% කුසලතා පදනම මතත් 60% දිස්ත්‍රික් පදනම මතත් බඳවා ගැනේ. දිස්ත්‍රික් පදනම යටතේ සිසුන් තෝරා ගැනීමේ දී කොළඹ, ගාල්ල, මාතර, මහ නුවර හා යාපනය දිස්ත්‍රික්ක වල ඉහළ ලකුණු ලැබූ සිසුන් ට වඩා පහළ ලකුණු ලැබූ ග්‍රාමීය දිස්ත්‍රික්ක වල සිසුන් සරසවි වරම් ලබති. මේ ඉහළ ලකුණු ලබා සරසවි පිවිසුම් අහිමි වන පිරිස ද, ඇත්ත වශයෙන්ම දක්ෂයෝ වෙති. මේ පිරිසෙන් මුදල් ඇති අය, විදෙස් සරසවි වලින් වෙද උපාධිය ලබා ගනිති. මෙලෙස එක් සිසුවකුට වියදම් වන මුළු මුදල රුපියල් දස ලක්ෂ 3.5 - 8 දක්වා වෙනස් වෙයි. මේ මුදලින් කොටසක් හෝ රට තුළ ඉතිරි කර ගැන්මට හැකි නම් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට මඳකින් හෝ දායක වීමට හැකි වනු ඇත.
     

    Wal Bada

    Well-known member
  • මේ අනුව බලන කල රටෙහි පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී යනු ඇත. එසේ වුව ද පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම සඳහා වූ යටිතල පහසුකම් හා ඊට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය වී තිබේ දැයි විමසා බැලීම වටී.

    මේ සඳහා පළමුවෙන් ම වෛද්‍ය උපාධිධාරියා ලබන පුහුණුව ගැන මඳ අවබෝධයක් ලබා ගත යුතුය. මෙම පුහුණුව වසර 5 ක් වන දීර්ඝ වූ එකකි. අද වන විට රජයේ වෙද විදුහල් තුළ දෙයාකාරයක විෂය නිර්දේශ ක්‍රියාත්මත වේ. පේරාදෙණිය, යාපනය, රුහුණ හා රාගම වෙද විදුහල් වල 2nd MBBS ලෙස හඳුන්වන සම්ප්‍රදායික විෂය නිර්දේශය ක්‍රියාත්මක වේ. මෙය විෂය මූලික නිර්දේශයකි. ව්‍යාධිවේද විද්‍යාව වෙනමත්, සායනික වෛද්‍ය විද්‍යාව වෙනමත් නාරි හා ප්‍රසව වේදය වෙනමත් ආදී ලෙස විෂයයන් අනුව මෙහිදී දේශන හා ප්‍රායෝගික ක්‍රි‍යාකාරකම් සිදු කෙරේ. කොළඹ, ජයවර්ධනපුර හා රජරට පීඨයන් හි නව ක්‍රමයක් වන මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙහිදී ශරීරයේ යම් යම් පද්ධති වෙන වෙනම ගෙන අධ්‍යයනය සිදුවේ. මේ කොයි පීඨය තුළත් 2 වන වසර සිට ඇරඹෙන්නා වූ, රෝහල් මූලිකව කෙරෙන සායනික පුහුණු වැඩ පිළිවෙළක් වේ. මෙහිදී වෛද්‍ය විද්‍යාවේ ඇති සියළුම අංශයන්හි මූලික පුහුණුවක් වෛද්‍ය සිසුන්ට ලබා දෙයි. (මෙවැනි අංශ 54 ක පුහුණුවට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයන් යවනු ලැබේ). අවසානයේ දී පොදු ප්‍රශ්න පත්‍රයක් මගින් හා පොදු මහැදුරු මඬුල්ලක් ඉදිරියේ පවත්වන සායනික කුසලතා විභාගයකින් පසුව සීමා වාසික පත්වීම් සඳහා වූ කුසලතා ලැයිස්තුව සාදනු ලබයි. විදෙස් සරසවි වලින් උපාධිය ලබා පැමිණෙන උපාධිධාරීහු Act 16 ලෙස හඳුන්වන කුසලතා විභාගයකට පෙනී සිට ඔවුන් හට ශ්‍රී ලංකාවේ සේවයෙහි යෙදීමට උචිත දැනුමක් ඇති බව පෙන් විය යුතුය. ඉන් පසු ඔවුන් ද කුසලතා ලැයිස්තුවට එක් කරනු ලබයි.

    පුද්ගලික වෙද විදුහල් ඇරඹීමට සුදුසු යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඇති දැයි අප මුලින්ම විමසා බලමු. වෙද විදුහලක් ඇරඹිය යුත්තේ සායනික පුහුණුව සැපයීස සඳහා සුදුසු පහසුකම් ඇති රෝහලක් ආසන්නවය. පුද්ගලික වෙද විදුහල් වල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් නොමිලයේ ලබා දෙතැයි සිතීම උගහටය. එසේ පුහුණුව ලබා දෙන්නේ නම් එක් සිසුවකු සඳහා රුපියල් දස ලක්ෂ 3-4 දක්වා මුදලක් රජයට ගෙවන්නට පුද්ගලික වෙද විදුහල් අයිතිකරුවන්ට සිදුවනු ඇත. එවිට දැනටමත් රුපියල් දස ලක්ෂ 6 ක් වූ ගාස්තුව දසලක්ෂ 9 දක්වා වැඩි වීම සිදු වනු ඇත. එසේ නොකරන්නේ නම් ඇති අනෙක් විකල්පය නම් පුද්ගලික රෝහලක මේ පුහුණුව සිදු කිරීමයි. පුද්ගලික රෝහල් වල ඇති පහසුකම් රජයේ රෝහල් වලට වඩා බොහෝ වැඩි බව නොරහසකි. නවීන ප්‍රතිකාර ක්‍රම ද පුද්ගලික රෝහල් වල සිදු කළ හැක. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන්ට වැදගත් වනුයේ මේවා නොව මූලික දැනුම ය. ඔවුන් සී.ටී. රූපයක් බලා එහි ඇති අසාමාන්‍යතා හඳුනනවාට වඩා එක්ස් කිරණ පිටපතක ඇති අසාමාන්‍යතාවක් හඳුනා ගැනීම අනිවාර්යයයෙන් දැන ගත යුත්තකි. පුද්ගලික රෝහල් වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව, රජයේ රෝහල් වලට වඩා බෙහෙවන් අඩුය. තව ද, විෂ වීම්, පහර දීම් ආදී අධිකරණ වෛද්‍ය කටයුතු කෙරෙන්නේද රජයේ රෝහල් ආශ්‍රිතව පමණි. මේ අනුව පුද්ගලික රෝහලක සිදු කෙරෙන්නා වූ සායනික පුහුණුවෙහි තත්ත්වය පිළිබඳව සැකයන් ඇති කර ගැනීමට සිදුවේ. එබැවින් රෝගී ජීවිත සම කෙළින්ම ගනුදෙනු කරන වෛද්‍යවරයකු, අවශ්‍ය ප්‍රමිතියට අනුව පුද්ගලික වෙද විදුහල් වලට බිහි කළ හැකි ද යන ප්‍රශ්නය ඉතිරි වේ.

    අප රට දුප්පත් රටකි. වසරකට රුපියල් දසලක්ෂයක් වියදම් කළ හැකි පවුල් ඇත්තේ 5 - 10% ක් පමණි. එබැවින් යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමේ වරම රටේ බහුතරයකට නොලැබී යනු ඇත. අනෙක් අතට මෙවැනි මුදල් ගෙවා කරන අධ්‍යාපනයට ශිෂ්‍ය ණය ව්‍යාපෘති සමහර රට වල ඇතත්, අප රටෙහි එවැන්නක් පසුගිය වසර 20 තුළම ක්‍රියාත්මක නොවීය. එබැවින් පුද්ගලික වෙද විදුහල් සාර්ථක වීමට නම් ශිෂ්‍ය ණය ව්‍යාපෘති ආදිය ඇති කිරීමෙන් දුප්පත් සිසුන්ටත් මේ සඳහා වූ අවස්ථාව ලබා දිය හැකිය.

    වෛද්‍ය වෘත්තිය වැනි අවදානම් තීරණ ගත යුතු වෘත්තියකට පිවිසෙන කුමන හෝ අයකු යම් ප්‍රශස්ත බුද්ධි මට්ටමකින් යුක්ත විය යුතුය. පුද්ගලික වෙද විදුහල් ලාභය සඳහාම ක්‍රියාත්මක වන බැවින් ඇතුළු කර ගන්නා සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශාල ප්‍රශ්නයක් සේ නොසැලකෙනු ඇත. එබැවින් නුසුදුස්සන් පුද්ගලික වෙද විදුහල් වලට ඇතුළු වීම නිරායාසයෙන්ම සිදු වනු ඇත. අවම සුදුසුකම් මට්ටමක් තිබිය යුතු යැයි යමෙක් නිර්දේශ කළත්. අප රටෙහි දූෂිත දේශපාලන පසුබිම තුළ එවැනි සීමාවන් ඉක්මවා සිසුන් ඇතුළු කිරීම සිදු කෙරෙනු ඇත. මා සිහින දකිතැයි යමෙක් මට චෝදනා කළ හැකිය. නමුත් 1986 දී උතුරු කොළඹ පුද්ගලික වෙද විදුහල තුළ සිදු වූයේ මේ හා සමාන දෙයකි. උසස් පෙළ දී විෂයයන් හතරම අසමත් වූ සිසුන් පවා එයට ඇතුළත් කරගෙන තිබිණ.

    අප රටෙහි සියළු වෙද විදුහල් වල විෂය නිර්දේශ සහ පුහුණුවෙහි තත්ත්වය වෛද්‍ය සභාව මගින් නිරතුරු අධීක්ෂණයට ලක්වේ. මෙම පුද්ගලික වෙද විදුහල් වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් නොවේ. එබැවින් විභාග පටිපාටියේ ගුණාත්මක තත්ත්වය ගැන වෛද්‍ය සභාවේ නිර්දේශයන් පිළිපැදීම පුද්ගලික වෙද විදුහල් වලට අවශ්‍ය නොවේ. එබැවින් නුසුදුස්සන් බඳවා ගත් පසු, පහසු විභාගයන් පැවැත්වීමෙන් පසු පහසු උපාධියක් රැගෙන ඔවුන් පිටව යති.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    රජය වැඩ කරන හැටි ගැන අපි හොඳට දන්නවා. උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය පීඨයට තරු හතරක් ගත්තු අය, කලා අංශයෙන් උසස් පෙළ කරපු අය පවා ඇතුල් වෙලා හිටියා. ආණ්ඩුව මේකට මොකුත්ම කරන්නේ නෑ. මොකද එහෙම කළොත් ආණ්ඩුවේ හෙන්චයියලාගේ ළමයින්ට ඉන්ජිනේරුවො / දොස්තරල වෙන්න අවස්ථාවක් නැති වෙනව
    :lol: kawru karath mokada

    to be a doctor you need to pass exams including SLMC exam
     

    Wal Bada

    Well-known member
  • වෙද විදුහල් වල පාඨමාලා මෙහෙයවිය හැකි සුදුසුකම් ඇති ආචාර්ය මණ්ඩලය ඉතා සීමිත සංඛ්‍යාවකි. පුද්ගලික වෙද විදුහල් පිටරට ඇදුරන් මගින් පාඨමාලා මෙහෙයවන බව ප්‍රකාශ කළත්, පසු කාලීනව ඔවුන්ට වඩා අඩු වැටුපකට දේශීය වෙද විදුහල් වල ඇදුරන් සේවයට බඳවා ගැනීම පහසු බව ඔවුනට පෙනෙනු ඇත. මෙලෙස සිදු වූ විට රජයේ වෙද විදුහල් වල අධ්‍යාපන තත්ත්වය පහත වැටී, එම උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය ද අඩු වනු ඇත.

    මෙබදු පුද්ගලික වෙද විදුහල් වලන් පිටවන උපාධිධාරීන්ට රැකියා ලැබේ ද යන පැණය මී ළගට මතු වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි වසර 2011 න් පසුව පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ සේවයට එක් කර ගනු නොලැබේ. මෙලෙස එකතු වන රැකියා රහිත පෝලිමට, තවත් 100ක් පමණ එකතු කිරීමෙන් ප්‍රශ්නය උග්‍ර වීම මිස විසඳීමක් සිදු නොවනු ඇත.

    මේ නයින් බලන කල පුද්ගලික වෙද විදුහල් අවශ්‍යතාවයක් වුව ද ඒ සඳහා වූ මූලික කරුණු ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ වී නොමැත. මේ කරුණු සම්පූර්ණ වන තුරු රජයේ වෙද විදුහල් වලට ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගත හැකි වනු ඇත. විශ්වාසදායී ශිෂ්‍ය ණය ව්‍යාපාරයක් ඇති විය යුතු අතර, පුද්ගලික වෙද විදුහල් ඇති වන්නේ නම් ඒවා වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් විය යුතු අතර රජයේ වෙද විදුහල් සමඟ පොදු විභාග පටිපාටියකට එක විය යුතුය. මීට වසර 20 කට පමණ පෙර සිදු වූ අවාසනාවන්ත සිදු වීම් එවිට අපට දකින්නට නොලැබෙනු ඇත.
     

    Wal Bada

    Well-known member
  • :lol: kawru karath mokada

    to be a doctor you need to pass exams including SLMC exam
    That is after 1990. At that time of MCMC it was NOT needed. PMCs can argue that since the training is "local" there is no need of Act 16 exam. Situation is not that rosy when it comes to Medicine.

    But for other subjects, there may be a way to balnce netween state universities and private universities.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    That is after 1990. At that time of MCMC it was NOT needed. PMCs can argue that since the training is "local" there is no need of Act 16 exam. Situation is not that rosy when it comes to Medicine.

    But for other subjects, there may be a way to balnce netween state universities and private universities.
    uba colombo medical eke neda ? ;)

    mamath doctor kenek wen na hithuwa eth wadi kalayak study karan na ona nisa doctor kenek une naha